Skip to main content

හරි විදිහට IP එක මාරු කරමු

ආයුබෝවන්......
ඉතින් කොහොමද? ඔයාලට...හොදින් නේද?...එහෙනම් ගොඩ, ඉතින් මේ දවස්වල හැකර් මහත්නරුන් වැහිවැහැලා, Real IP එකෙන් ලොග් වෙන්න, බයේ බෑ...ඔයාලා දන්නවා ඇතිනේ, Real Hide IP කියලා මෘදුකාංගයක් තිබෙනවා, ඒකෙන් අයි පී එක හයිඩ් වෙනවා, ඒක් අන්තර්ජාලයට පිවිසෙන්න යන වෙලාව දැක්කම මගෙ බඩ දගලනවා...ඒවගේම තව එකක්, Hotspot Shield කියලා එකක් තියෙනවා, මේන නම් කියලා වැඩක් නෑ..මැක්ෂා...ඒත් මේකෙත් පොඩි කොස්සක් තියෙනවා කියලා පොඩි ආරන්චියක් තියෙනවා...ඉනිත් අපි බලමු මේක කොහොමද? කරගන්නෙ කියලා....

ඉතින් මම ඔයාලට ඉහතින් විස්තර කළේ IP එක හයිඩ් කරන්න පුළුවන් මෘදුකාංග දෙක්ක ගැන, ඒකෙන් දෙවෙනි එක තමයි දැනට තියෙන හොදම මෘදුකාංගය, Hotspot Shield කියන්න අන්න ඒකට.. සමහර වෙබ් අඩවි තියෙනවා ඒවට අපිට යන්න බෑ....ඒ අපේ රජයෙන් කරාගන අය අසාර්ථක වැඩක් නිසා. ඒ වගේම තවත් දෙයක් අපිට ඕන කුණු ගොඩක් හොදාගන්න පුළුවන් You Tube එකේ තියෙන සමහර වීඩියෝ බලන්නත් බෑ...ඒක බලන්න මෙතනින්, අහ් මොක්ද? මේ වැටෙන්නේ, මේ ශකීරාගේ වීඩියෝ එකක් ඒක බලන් ගියාම පහළ තියෙන පින්තූරේ තියෙන ආකාරයේ පණිවුඩක් එනවා, වීඩියෝ එක ඉලන්න දෙන්නෙ නෑ..මේ තියෙන්නෙ ඒක, "Shakira - Loca ft. Dizzee Rascal" The uploader has not made this video available in your country. අප්පද බොල මේ මොකද කරලා තියෙන්නේ, මාර කේස් එක.

බයවෙන්න ඔනේ නෑ.....ඔයාලගේ IP එක වෙනස් කරපු ගමන් මේ ඕන සයිට් එකක් බලන්න පුළුවන් කිසි කරදරයක් නැතුව, ඔයාලගෙ දැනට තිබෙන IP එක මොකක්ද? කියලා බලා ගන්න වෙයි නේද? එහෙනම් මෙන්න මෙතන කාටන්න,



බලන්න ඔයා ශ්‍රී ලංකාවේ කොලඹට ආසන්න තැනකින් ලොග් වෙලා ඇති, මේකත් මාර ප්‍රශ්නයක් නේද? ඔයා කොලඹ නොවෙයි වෙන දුර ඈත පලාතක වෙන්න පුළුවන් මක් කොරන්නද? ලංකාවේ තත්වය ඕක තමයි, අපි කොමේ කවුරු කොතිනින් ලොග් වුනත් පෙන්වන්නෙ Colombo කියලා, ඒ ලංකාව තුල IP හරියටම වැඩ කරන්නේ ලංකාව කියන්න පොඩි රටක්, කොහෙන් ලොග් උනත් මොදක නේදෑ.......

ඔයාලට මේ IP එක වෙනස් කරලා burn buddy වල credit ගන්නත් පුළුවන්, අයි පී එක මාරු කරන්න USA වලට, ෆේස්බුක් තුලින් ලබාදෙන විශ්වාසනීය ඇප්ස් එකක් තමයි මේ burn buddy කියන්නේ, මොකද මේ ඇප්ස් අතරේ ස්පෑම් එමටයි, මට මේ ඊයේ පෙරෙදා එක්කෙකේ ස්පෑම් එකකට ගොදුරු වුනා කියලත් අහන් දකින්න ලැබුනා, ඒ සහෝදරිය තමන්ගෙ credit card number එක ඇප්ස් එකට අතුල් කරලා, මාර කේස් එක ඒක අයින් කරගන්න බෑ....පසුව කරන්න දෙයක් තිබුනේ නැ...ඇය විසින් අදාල අංශ දැනුවත් කර එම credit card එක කැන්සල් කරනු ලැබුවා....ඔන්න ඕකයි ඇප්ස් වල තත්තයි, දැන්නම් හොදටම මහන්සියි......ඇති මේ ගැන කිව්වා කියලා හිතෙනවා..... : D


ඔය තියෙන්නේ ලින්ක් එක ඕක බාගන්න, දැන් ඉතින් ඒක බාගෙන රන් කරලා IP එක වෙන්ස් කරගෙන ලොග් වෙන්න පුළුවන් ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒ මොකක්ද?....වෙන මොකක්වත් නෙවෙයි, ඕක දැන් ඇඩ් විමානයක් කරලා තියෙන්නේ, අන්න ඒ නිසා....මාර කරදරයක්, ඉතින් ඕකටත් විසදුමක් තියෙන්න ඕනේ නේද? තියෙනවා තියෙනවා බය වෙන්න එපා....

ඔයාලා දන්නවනේ ෆේස්බුක් ගැට් ප්‍රශ්නය විසද ගන්නත් අපිට උදව් කළේ වෙන කවුරුත් නෙවෙයි, අර වදුරා නේද? හේ හේ Greasemonkey වැඩ කාරයා ඉන්නක් ගිණි නරියා භාවිතා කරන අයට බය වෙන්න දෙයක් නෑ. මොකද අපිට මේ ස්ක්‍රිප්ට් Greasemonkey උඩ රන් කරගන්න පුළුවන්. ඔන්න එහෙනම්......
------------------------------------------------------------------------------------
Google Chrome  භාවිතා කරන අට මේ ලින්ක් එකේ තිබෙන ස්ක්‍රාප්ට් එක Install කරගන්න

Firefox භාවිතා කරනවානම් මේ ස්ක්‍රිප්ට් එක Install කරන්න කලින් Greasemonkey add-on එක ස්ථාපිත කරගන්න ඔනේ, තාමත් මේ add-on එක භාවිතා කරන්නෙ නැත්නම් පළමුව add-on එක Install කරගන්න.

දැන් ඔබත් මේ ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරගන්න.

Install Now
------------------------------------------------------------------------------------

ඔන්න ඉතින් කතාවනම් ඉවරසි, ඔයාට වැඩගත් වෙයි. කියලා හිතලා තමයි මේ පොස්ට් එක ඉදිරිපත් කළේ, ඉතින් මුල ඉදන් අගටම කියෙව්වා නේද? ඉතින් ඔයාලට සහහෝගය දක්වන්න, Like එකක්වත්......

ස්තූතියි!!! ඔබට

සුභ දවසක්........

Comments

  1. නෑ නේ, සහෝදරයා මේ, මෘදුකාංගය කිසිම ප්‍රශ්ණයක් නැතිව වැඩ කරනවා, අනිත් IP Change කරන මෘදුකාංගයන් වගේ නෙවෙයි. ඔයාගේ වෙබ් බ්රව්සර් එකේ ප්‍රශ්නයක්ද?

    ReplyDelete
  2. නියමයි යාළුවා. වැඩේ නම් සුපිරී.

    ReplyDelete
  3. city ville credits ganna puluwanda?

    ReplyDelete
  4. meka government block eka ain karanna nam awlak na. habai hacker lagen berenna nam ba

    ReplyDelete
  5. meka mata num wada na........This webpage is not available kiyala watenawa ne??? moko karanne???

    ReplyDelete
  6. United states DANNE KOHOMADA
    change karannekohomada plesh help

    ReplyDelete
  7. US විදියට IP හයිඩ් කරන්නෙ කොහොමද?මට මේක වැඩිය තේරෙන්නේ නෑනේ......

    ReplyDelete
  8. හූ හා...වැඩේ ගොඩ...තැන්කූ ඈ....ඒක නෙමේ මේක එක්ස්පයර් වෙයිද දන්නෑ නේහ්...ට්‍රයල් එකක් නෙමෙයිනේද....:D

    ReplyDelete
  9. නියම‍යි යාලුවා..thnx

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...