Skip to main content

පරිගණකය දුරස්ථව පාලනය කරමු

 ආයුබෝවන්.....

පරිගණක අතර තොරතුරු හුවමාරු කරගැනීමේදී නිතර භාවිතාවන්නේ පරිගණක ජාලකරණය. හෙවත් කොම්පියුටර් නෙට්වර්කිං ය. එක් පරිගණකයක ඇති ෆයිල්ස් මෙන්ම හාඩ්වෙයා වැනි උපාංග සෙසු පරිගණක අතර හවුලේ පාවිච්චි කිරිම සදහා ගොඩනගා ගන්නා ලද පද්ධතියක් පරිගණක ජාලයක් යනුවෙන් හැදින්විය හැකිය. මෙවන් පරිගණක ජාලයක් ඔස්සේ එක් පරිගණකයක සිට තවත් පරිගණකයක් හැසිරවීමට හැකිය. මේ දහා අදාළ පරිගණකවල යම් මෘදුකාංගයක් ස්ථාපිත කරගෙන සිටිය යුතුය.


කොහොමද? කස්සියට, මොකක්ද? බෙලේ මූ කියන්න යන්නේ, පිස්සි හැදිලා අයෙත් හැදෙන වැඩක් ගැන නේද? හේ හේ, කියවලා බලන්න, හැබැයි පිස්සුනම් නටන්න එපා, ඇත්තමට මේක ඔයාලට ගොඩක් වැදගත්, මෙය කුඩා මෘදුකාංගයක් යොදාගෙන ලොකු වැඩකොටසක් කරගත හැති, මැක්සා ලිපියක්...

මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එවන් මාදුකාංගයක් යොදාගෙන පරිගණක ජාලයක ඇති පරිගණකයක් දුරස්ථව පාලනය කරන ආකාරයයි. කුඩා පරිගණක ජාලයක් යොදාගෙන මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධිත පරිගණක මෙමගින් හැසිරවීමට පුළුවන. පරිගණකයක යම් දෝෂයක් ඇතිවුව හොත් පරිගණක පිළිබදව දන්නා කෙනෙකුගේ මැදිහත් වීමෙන් එයා නිරාකරණය කරගැනීමේ පහසුවද මෙමගින් ඔබට ලැබෙයි. අන්තර්ජාලය යොදාගෙන පරිගණක වලට පිවිසීමේ ක්‍රමයට දිගු ඉතිහාසයක් තිබෙයි. මේ සදහා පරිගණක වල ඇති IP ලිපින වැදගත් වෙයි. පරිගණක ජාලයකට සම්බද්ධ කර ඇති පරිගණක වලට හිමිවන අද්විතීය අංක පද්ධතියක් ලෙසින් මෙම IP ලිපිනය හැදින්විය හැකිය.

මෙසේ පරිගණක දුරස්ථව හැසිරවීම සදහා අප යොදාගෙන තිබෙන්නේ Log Mein Hamachi යන මෘදුකාංගයයි. මෙය අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලොඩ් කරගත හැකි කුඩා මෘදුකාංගයකි. එසේම මේ සදහා තවත් මෘදුකාංගයක් ද අවශ්‍ය වෙයි. එය TeamViewer ලෙස හදුන්වයි. මේ සදහා යොදාගන්නා පරිගණක හදුන්වන්නේ Host පරිගණක සහ Client පරිගණක වශයෙනි. මේ සදහා තරමක වේගයක් සහිත අන්තර්ජාල සභධතාවයක් අවශ්‍ය වෙයි.

මෙම මෘදුකාංගය යොදාගෙන එක පරිගණකයක ඇති ෆයිල්ස් තවත් පරිගණකයකට ලබාගන්නා ආකාරය අවබෝධ කරගත හැකිය. මේ සදහා පළමුවෙන්ම කළ යුත්තේ http://www.teamviewer.com යන වෙබ් ලිපිනයට පිවිසී Team Viwer මෘදුකාංගය ඩවුන්ලොඩ් කරගැනීමයි.



මෙය මෙගාබයිට (3.4MB) ක ධාරිතාවයකින් යුත් කුඩා මෘදුකාංගයකි. මෙය අදාළ පරිගණක දෙකෙහිම ස්ථාපිත කරගැනීම අනිවාර්යය වෙයි. මෙය ඩවුන්ලොඩ් කරගත් පසුව එය පරිගණකයේ ස්ථාපිත කරගැනීම හෝ ස්ථාපිත කරගැනීමකින් තොරව Run කිරිමේ හැකියාවද තිබෙයි.


Team Viwer මෘදුකාංගය ස්ථාපිත කරගත් පසුව එය නිතැතින්ම අන්තර්ජාලය සමග සම්බද්ධ වී ඔබගේ පරිගණකයට විශේෂිත හදුනාගැනිමේ අංකයක් හෙවත් ID එකක් හා පාස්වර්ඩ් එකක් ලබාදෙයි. පරිගණක දෙක එකිනෙකට සම්බන්ධ කරගැනීම සදහා මෙම පාස්වර්ඩ් එක හා ID එක යොදාගත යුතුය. මෙම මෘදුකාංගයේ ප්‍රධාන වින්ඩෝවේ දකුණුපසින් ඇති තීරුවෙන් ඔබට අවශ්‍ය විකල්පය තෝරාගත හැකිය.

Remote Control, File Transfer, or VPN ආදී වශයෙන් විකල්ප කිහිපයක් මෙහි තිබෙයි. මෙහි තිබෙන Connect to Partner නම් අයිඛනය ක්ලික් කිරීමෙන් අනෙක් පරිගණකය සමග සම්බන්ධ වීමට පුළුවන. පසුව පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න.


අනෙක් පරිගණකයේ ස්ථාපිත කර ඇති මෙම මෘදුකාංගය පාස්වර්ඩ් එක හා ID එක ඔබගේ පරිගණකයේද? ලබාදීමෙන් අනෙක් පරිගණකයේ ඩෙස්ක්ටොප් තිරය ඒ ආකාරයෙන්ම ඔබගේ පරිගණකයේ දර්ශනය වෙයි. මෙම මෘදුකාංගය යොදාගෙන Voice Chat ආදියද පැවැත්විය හැකිය.

File Transfer විකල්පය තෝරාගැනීමෙන් පරිගණකය තුළ ඇති ෆයිල්ස් ආදියට ද වෙනත් පරිගණකයක සිට ප්‍රවේශවිය හැකිය. මෙහිදී Your PC හා Remote PC යනුවෙන් තීරු දෙකක් දක්නට ලැබෙයි. ෆයිල් එකක් වෙනත් පරිගණකයට යැවීමට කළ යුත්තේ මෙම මෘදුකංගයේ ඇති Send/Receive බට්න් එක ක්ලික් කිරීමෙන් පරිගණකය අනෙක් පරිගණකය හා සම්බන්ධ වීම සිදුවෙයි. VPN කනෙක්ෂන් එකක් යටතේ වඩාත් සුරක්ෂිත ආකාරයෙන් පරිගණක අතර දත්ත හුවමාරු කරගැනීමේ හැකියාවක් ලැබෙයි.

ආ ඒ වගේම තවත් දෙයක්, Team Viwer මෘදුකාංගයේ මොබයින් සංස්කරණයක්ද? හදුන්වා දී තිබෙයි. Android, iPhone මේ අනුව පරිගණක ජාලයක ඇති පරිගණක දත්ත හුවමාරු කරගැනීමට එක් එක් පරිගණකවල පාස්වර්ඩ් එම පරිගණක ඇතුළු කරගෙන පරිගණක දෙක සම්බද්ධ කරගත හැකිය.


ඔන්න සහේදරයා, ලිපිය කියලා නම් අහවරයි, ඔයාට මේ ලිපියෙන් ගන්න දෙයක් තියෙන්න ඇති, ඉත්න ඔබේ සහයෝගයත් පරිගණක ලිපි සදහා ලබා දෙන්න, Like පාරක්, Comment පාරක්, Fallow පාරක් දාලා යන්න අමතක කරන්න එපා, ස්තූතියි!!! ඔබට.

සුභ දවසක්.......

Comments

  1. ස්තූතියි!!! පාවිච්චි කරලා තියෙනවනම්, මේ ගැන අය කවර කතාද? කොහොමද? මැක්සා නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...