Skip to main content

රීමූවබල් ඩ්‍රයිවිස්වල Scan and Fix පහසුකම නතර කර ගන්නා ආකාරය

ආයුබෝවන්.....

වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේදී පරිගණකයට පිටතින් සවිකරන උපාංග හෙවත් රීමූවබල් ඩ්‍රයිවිස්වල තිබෙන දෝෂ හදුනාගැනීම හා ඒවා නිවැරදි කිරීමේ පහසුකමක් තිබෙයි. ඔබත් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණකට පෙන් ඩ්‍රයිව් එකක් වැනි උපාංගයක් සවිකළ සැණින් මෙහි දැක්වෙන ආකාරයේ සංවාද කොටුවක් දර්ශනය වෙයි.




මෙය අපට ලබාගත හැකි ප්‍රයෝජනවත් පහසුකමක් වුවද ඇතුම් අවස්ථාවලදී මෙය කාලය වැයවන තරමක් කරදරකාරී වූවකි. එවන් අවස්ථාවලදී මෙම පහසුකම ඉවත් කර ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට දැනගත හැකිය. රීමූවබල් ඩ්‍රයිව්ස්වල ඇති ෆයිල් සිස්ටම් එකෙහි දෝෂ මෙමගින් යථා තත්වයට පත්කරගත හැකිය. පරිගණකයකට සම්බන්ධ කර ඇති මෙවන් රීමූවබල් ඩ්‍රයිව් එකක් පරිගණකයෙන් ඉවත් කරගැනීමේ safely remove ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් ඒවා ඉවත් කරගත යුතුය. එසේ නොවුන අවස්ථාවලදී මෙම සංවාද කොටුව දර්ශනය වෙයි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේ ඇති මෙම scan and fix පහසුකම අක්‍රීය කරගැනීම මගින් ඒවායේ AutoPlay පහසුකම ද නතර වෙයි.


මෙම AutoPlay පහසුකම නතර කරගැනීම සදහා පළමුවෙන්ම ස්ටාට් මෙනුව ලබාගෙන එහි පහළින් ඇති සෙවුම් කවුළුව තුළ msconfig යනුවෙන් ටයිප් කරන්න.


පසුව ලැබෙන සංවාද කොටුවේ ඇති services ටැබ් එක ක්ලික් කරන්න. පසුව පහලින් ඇති Shell Hardware Detection පහසුකම අක්‍රීය කරගන්න.


නැවතත් ස්ටාට් මෙනුව විවෘත කර සෙවුම් කවුළුව තුළ services.msc යනුවෙන් ටයිප් කරන්න. පසුව Shell Hardware Detection යන්න ඔබට දර්ශනය වන ලැයිස්තුවෙන් සොයාගන්න. පසුව එය මත ඩබල් ක්ලික් කර general ටැබ් එක ක්ලික් කර stop යන්න ක්ලික් කරන්න.






startup type යන ඔප්ෂන් එක disable ආකාරයෙන් තබන්න. අවසානයේ Ok බොත්තම ක්ලික් කරන්න. අවසානයේදී පෙන් ඩ්‍රයිව් එකක් වැනි රීමූවබල් ඩ්‍රයිව් එකක් පරිගණකයට සවිකර බලන්න. ඉහතින් සදහන් කරන ලද පහසුකම් කිසිවක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක නොවන බව ඔබට දක්නට ලැබේවි.

ස්තූතියි! ඔබට

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...