Skip to main content

Posts

Showing posts from October, 2012

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න හදාගන්න විදිහත් ඔය

Torch Browser - Torrent Client, Video Downloader, Sharing Tool, Download Accelerator හැමදේම එකම Browser එකකින්

අන්තර්ජාලයෙහි ප්‍රධාන කොටස මෙන්ම ජනප්‍රියම කොටස වන World Wide Web (WWW) භාවිතයට නම් අප විසින් සපුරාලිය යුතු ප්‍රධානම පහසුකමක් වන්නේ වෙබ් පිටු පරිශීලනය අවශ්‍ය වන Web Browser එක. ටීම් බර්නස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කරලීමෙන් අනතුරුව, විවිද සමාගම් ඔස්සේ විවිදාකාරයේ Web Browser ලොකයාට තිලිණ වුණි. මේ අතර වර්ථමානයේ ලොව අංක එකේ Web Browser එක විදිහට කිරුලු පලදිනු බලන්නේ Google සමාගමෙන් නිපදවනු ලැබූ Chromium Web Browser එකයි. මෙය Free And Open Source මෘදුකාංගයක් වන අතර, ඕනෑම කෙනෙකුට වැඩි දියුණු කිරීමේ අවසරය ලැබී තිබෙනවා. මෙම Chromium Web Browser එකෙහි ප්‍රධාන කේත සටහන උපයෝගී කරගනිමින් මීට ටික කලකට ඉහතදී Comodo සමාගම විසින් තව Browser එකක් එලි දක්වනු ලැබුවා Comodo Dragon යන මිනින්. වර්ථමානයේ Browser යුද්ධය තව තවත් අලුත් කරමින්, මීට පෙර පැවති කිසිදු Browser එකක් සතු පහසුකම් අභිභවා යමින් Torch Media සමාගම විසින් Web Browser එකක් පසුගියදා එලිදක්වනු ලැබුවා. මෙය නම් කර තිබෙන්නේ Torch Browser ලෙසටය. මෙහ මීට පෙර පරිගණකය තුලට වෙනමම Install කරගත යුතුව තිබුණු Application Softwa

ඔබගේ Email ස්වයංක්‍රීයව පරීක්ෂාවට - Email Checker Extension

අන්තර්ජාල භාවිතයේදී අපි හැමෝටම පාහේ ඊ-මේල් එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදුවෙනවා. වර්ථමානයේ ඊ-මේල් එකක් හෙවත් විද්‍යුත් ලිපිනයක් නොමැති අයෙක් නොසිටිනා තරමට සැවොම අතර පැතිරී තිබෙන දෙයක්. අන්තර්ජාලය තුල ගිණුමක් නිර්මාණය කරලීමේදී අපට අත්‍යවශයම දෙයකි. නොමිලේ අපට ඊ-මේල් සේවාව සපයාදෙන සේවා අයතන කිහිපයක් තිබෙනවා. Gmail, Yahoo, Hotmail මගින් ලබාදෙන ඊ-මේල් සේවා අප අතර ගොඩක් ජනප්‍රියයි. මෙහිදී වැඩි අවධානයක් යොමුවන්නේ Gmail දෙසටයි.  Google සමාගම තම ආධිපත්‍ය අන්තර්ජාලය තුප පතුරුවා තිබෙන නිසාවෙන් ඔවුන්ගේ සේවා ක්‍රියාත්මක කර ගැනීමට නම් ඔවුන් විසින් නොමිලේ සපයන Gmail සේවාවෙහි අප ලියාපදිංචි වී සිටින යුතුයි. ඔබ අප ලියන බ්ලොග් එකේ පටන්, තවත් බොහොමයක් දේවල් සිදු කරන්නේ මෙම ඊ-මේල් එක පාදක කරගෙනය. ඔබ දන්නවා නිතර අපේ ඊ-මේල් ලිපිණයට විවිද පුද්ගලයන් හෝ සේවා ඔස්සේ මේල් ලැබෙනවා. එහෙත් අප මෙය නිතර නිතර ඊ-මේල්යට පිවිස ඒ ගැන පරික්ෂා කිරීමට ගොඩක් අයෙක් මැලි වන දෙයකි. මෙයට සාර්ථක විසදුමක් ලෙස ඉදිරිපත් කල හැක්කේ. අප භාවිත කරන Web Browser එක තුලට එනම් Google Chrome/Mozilla Firefox තුලට Extension එකක් Install කර

SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව

SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට 25GB ඉඩ ප්‍රමාණයන් දත්ත ගබඩා කිරීම සදහා හිමි වන අතර, මෙයට ඔබ සතුව තිබෙන 50MB ට වඩා අඩු ඕනෑම ගොනුවක් තැම්පත් කර තැබිය හැකියි. ඔබ විසින් මෙයට දත්ත ගොණු මගින් ගීත, ජායාරූප, විඩියෝ, කුඩා මෘදුකාංග සේම ඔබට අවශ්‍ය දත්ත ගොනු තැම්පත් කර ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකියි. මෙය බොහෝ කලත් සේ ඔබට ලබාදෙන සේවාවකි. පසුගියදා මෙහි නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා ඒ අනුව ඔබට දැන් වඩාත් පහසුවෙන් File හැසිරවීම, මුහුණු පොත තුලට Share කිරීමට හෝ වෙනත් තැනකට හුවමාරු කිරීමේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. SkyDrive හි තිබෙන පිංතූර ඇල්බම Facebook වැනි සමාජජාල අඩවි තුලටද Share කර, ඔබ මිතුරන් අතරේ ඔබේ අත්දැකීම් බෙදාගන්නට පුළුවන. මෙම සේවාවන් ස

ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam

ජංගම දුරකථන ක්ෂේත්‍රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන  අතර  තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ක්ෂේත්‍රයකටම විහිදුණු දෙයකි. වර්ථමානයේ ජංගම දුරකථන කේෂ්‍රතයට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ සමාගම් අතර තිබෙන තරගකාරීත්වය නිසාවෙනි.  ප්‍රක්ෂේපණ යන්ත්‍රය , නැත්නම් ප්‍රෙජෙක්ටරය යනු පිරිසක් ඉදිරියේ සිදුකරනු ලබද ඉදිරිපත් කිරීමකදී නැතිවම බැරි උපාංගයක් , රේඩියෝව , කැමරාව , රූපවාහිනිය ආදී වෙනත් බහුමාධ්‍ය උපරකණ මගින් සපයනු ලබන සේවාව සාක්කුවේ දමා ගෙන යා හැකි ආකරයට සරන කර දුන් ජංගම දුරකථනයට පිං සිදු වන්නට දැන් මේ ප්‍රොජෙක්ටරයත් ජංගම දුරකථනය සමග යන යන තැන අරගෙන යන්නට පුළුවන්. මෙයත් විප්ලවීය ජංගම දුකරථන නිපැයුම්කරුවා සැම්සුන් සමාගමේ විස්මිත නිර්මාණයකි.  Samsung I8520 Galaxy Beam