Skip to main content

ෆේස්බුක් මුර කිරීම (කාටවත් Hack කරන්න බැරි වෙන්න)


තමන්ගේ ෆේස්බුක් ගිණුමට අන් අය ඇතුළු වෙයි යැයි බොහෝ දෙනා බිය වෙති. මන්ද, එවැනි වැඩ ලොව පුරාම සිදුවෙන බැවිනි. මේ අවදානමෙන් මහජනයා ගළවා ගන්නට සමත් ආරක්ෂක උපක්‍රම ෆේස්බුක් සේවයෙන් දැන් සපයා තිබේ. ඒ අතරින් එකක් වෙන්නේ ජංගම දුරකථන හරහා ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් නවීකරණය කළ හැකිවීමයි.

ෆේස්බුක් සේවයේ http://www.facebook.com/mobile වෙබ් පිටුවට පිවිස. ෆේස්බුක් මොබයිල් (Facebook Mobile) සේවාව සක්‍රීය කර ගත හැක. එවිට තම ෆේස්බුක් ගිණුමට ලැබෙන පණිවුඩ SMS වලින් දැන්මු දෙයි.
 


ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් සැකසීම සදහා තම ගිණුමට පිවිස එහි දකුණු ඉහල කෙළවරේ වු Account තුළින් Account Settings තුළට පිවිසෙන්න. එහිදී ගිණුමට අදාළ සියලුම සෙටිංස් (Settings) පෙන්නුම් කරයි. එහි පහළට වෙන්නට ඇති Account Security ඉදිරියේ තිබෙන Change යන්න මත ක්ලික් කළ විට ගිණුමේ ආරක්ෂාව තර කළ හැකි විධික්‍රම දැක්වේ. සක්‍රීය කළ යුතුදේ ඉදිරියේ ඇති චෙක් බොක්ස් ඇක්ටිව් කළ යුතුය. ඒවා මෙසේය.

  • Secure Browsing (https) - මෙය සක්‍රීය කළ විට කළින් ෆේස්බුක් ගිණුමට ප්‍රවේශවීමට භාවිතා කළ http://www.facebook.com වෙබ් ලිපිනය https://www.facebook.com ලෙස වෙනස් වෙයි. එහි https ලෙස දැක්වෙන්නේ ආරක්ෂාව තර කළ වෙබ් සම්බන්ධයකි. එය සාමාන්‍ය http වෙබ් සම්බන්ධයකට වඩා ආරක්ෂාකාරී වන අතර ගිණුමට ලොග් වීමේදී ඇතුළු කරන දත්ත අන් අය අත පත්වීම සම්පූර්ණයෙන්ම පාහේ වළකා ඒවායේ රහස්‍යභාවය රැක ගනී.

  • Login Notiafication - මෙම ආරක්ෂාව විධි ක්‍රමය සක්‍රීය කළ විට, නිතරම ෆේස්බුක් වෙත ලොග් වෙන පරිගණකයෙන් නොව වෙනත් පරිගණකයකින් ෆේස්බුක් වෙත ලොග්වීම පහසුවෙන් කළ නොහැක. එවිට නිතර ලොග් වන පරිගණකය නොව අනෙක් පරිගණකය කුමක්දැයි නම් කරන ලෙස ඉල්ලා සිටී. එම පියවර සමුපුර්ණ නොකර ඉදිරියට යාමට නොහැක. එසේ පරිගණකය නම් කොට ඉදිරියට ගියවිට අලුත් පරිගණකය කුමක්ද? - එයින් ලොග් වූයේ කුමන දිනකදීද - කුමන වේලාවකදීද යන තොරතුරු SMS හා Email මගින් ගිණුමේ අයිතිකරුට දැනුම් දෙයි. පිටස්තර අයෙකු තම ෆේස්බුක් ගිණුමට ලොග්වූයේ නම් මෙම පණිවුඩවලින් එය දැනගත හැක. එසේම පණිවුඩ සමග ලැබෙන ලින්ක් එකෙන් එය ෆේස්බුක් බලධාරීන්ට දන්වා ආරක්ෂාව තර කර ගත හැක.

  • Login Approval - කලින් කී පරිදි පුරුදු පරිගණකයෙන් නොව වෙනත් පරිගණකයකින් ෆේස්බුක් ගිණුමට ලොග්වීමට උත්සාහ කරන විට රහස්‍ය අංකයක් ඉල්ලා සිටී. එම රහස්‍ය අංකය මේ වෙලාවේම ක්ෂණිකව ගිණුම් හිමියාගේ ජංගම දුරකතනයට SMS පණිවුඩයක් මගින් දන්වා සිටින නිසා ජංගම දුරකතනයෙන් එම රහස්‍ය අංකය කියවා එය ඇතුළු කොට ෆේස්බුක් ගිණුමට ඇතුළුවිය හැක. පුරුදු නැති පරිගණකයකින් ෆේස්බුක් ගිණුමට ලොග්වීමට උත්සාහ කරන්නේ පිටස්තර කෙනෙකු නම් දැන් ඔහු හෝ ඇය මෙම රහස්‍ය අංකය නොදන්නා නිසා ලොග් විය නොහැකියි. මෙම ආරක්ෂක විධික්‍රමය නිසා තමාගේ ෆේස්බුක් ලොගින් පාස්වර්ඩ් එක දැන සිටියද ඉන් ඵලක් නොවේ. මන්ද ගිණුමට ලොග්වීමට මෙම පාස්වර්ඩ් එක සමගම කලින් අංක ලබා දී ඇති දුරකතනයද ඔහු හෝ ඇය සතුව තිබිය යුතු බැවිනි.

කෙසේ වෙතත් තමා පුරුද්දක් සේම පරිගණක කිහිපයකින් ෆේස්බුක් වෙත ලොග් වේ නම් එම පරිගණක මොනවාද කියා කලින්ම තොරතුරු ලබා දිය හැක. ඒ ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් සැකසීමේදී එම පරිගණක Recognized Device ලෙස නම් කර සකසා ගත හැකියි.
------------------------------------------------------------------------------------------------------------------------------------
ඉහතින් පොඩි හැදින්වීමක් තමයි මේ ගැන ඔයාලට ඉදිරිපත් කර කියබන්නේ.....දැන් බලන්න Account Security (Change) කරගන්නෙ කොහොමද? කියලා....

1. ඔබගේ Facebook Account එකට Log වෙන්න
2. දැන් උඩම තිබෙන Account බොත්තම Click කරන්න
3. දැන් එහි ඇති Account Settings තෝරන්න
 

4. දැන් ඔබට ලැබෙන නව පිටුවෙහි පල්ලෙහාට එන්න, Account Security ඉදිරියෙන් ඇති Change මත Click කරන්න
 

5. ඔයාට මේ විදියෙ Check Box 3ක් සහිතව එයින් ඉටුවෙන කාර්යය හදුන්වා දී තිබෙයි


ඉහත රූපයේ තිබෙන්නේ මා ඉහතින් ඔබට විස්ථර කරනු ලැබූ  Secure Browsing (https), Login Notification Login Approval ඔප්ෂන් 3ය ඒ වගේම ඔබේ කැමැත්ත පරිදි මෙයින් ඔබට අවශය Option එකක් හො සියල්ලම වුවද තෝරා ගත හැකියි. (සැ.යු -  ඔබ ඔයාගේ ෆේස්බුක් ගිණුම වෙනත් අය ඇතුළු වීම සම්පූර්නයෙන් වැලැක්වීමට මෙම Check Box සියල්ලටම හරි ලකුන යෙදිය යුතුයි)


06. එසේනම් Check Box සියල්ලටම හරි ලකුන යොදන්න...... තුන්වෙනි Check Box එක ම හරි ලකුණ යෙදීමේදී ඔබට මේ ආකාරයේ වින්ඩෝ එකක් විවෘත වේ......


07. මෙහි Set Up Now බොත්තම මත ක්ලික් කරන්න.....එවිට ඔබට පහත ආකාරයේ නව වින්ඩෝ එකක් දිස්වේ.

08. මෙහි Phone Number යන්නට ඉදිරියෙන් ඇති, Text Box එකෙහි ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න, (මෙය ඔබ භාවිතා කරන්නක් විය යුතුයි, මොකද මේ දුරකථන අංකයට මුහුණු පොතෙන් පිණිවුඩයක් එවනු බලනවා..ඒ වගේම ඔබගේ ගිණුමට වෙනත් පුද්ගලයෙක් ඇතුළු වීමට උත්සාහ දරනවානම් ඒ පිළිබදවද ඔබව දැනුවත් කරන්නේ, මේ ජංගම දුරකථන අංකය හරයා, ඔබට කෙටි පණිවුඩයක් ලබා දීමෙනි.) දැන් Continue බොත්තම මත ක්ලික් කරන්න....දැන් ඔබ ලබාදුන් ජංගම දුරකථන අංකයට SMS පණිවුඩයක් මගින් Password එකක් ලබා දෙනවා....
09. මෙහි ඇති Text Box එකෙහි ඔබගේ ජංගම දුරකථනය ලැබාදී ඇති Code එක නිවැරදිව Type කර Continue බොත්තම ඔබන්න.....දැන් ඔබට පහත පරිදි තවත් වින්ඩෝ එකක් ලබාදේ.
10. මෙහි ඔබගේ පරිගණකයෙහි නම ලබාදෙන්න..(උදා - Home Computer ) Next බොත්තම ඔබන්න....(ඔබ ලබා දුන් නම ෆේස්බුක් හි මතක තබා ගනී) දැන් ඔබට මේ ආකාරයේ වින්ඩෝ එකක් ලබාදේ.
11. දැන් ඔබගේ Login Approval සාර්ථකව ඔබ විසින් සිදු කරගෙන ඇති බව ෆේස්බුක් මගින් ඔබට දැනුම් දී සිටිනවා...මෙහි ඇති Close බොත්තම ඔබන්න....ඔබට මෙහි තවත් එක් පියවරක් සිදු කරගැනීමට ඉතිරිව තිබේ...දැන් ඔබ කලින් සිටි Account Security තුලට පැමිනේ.....

12. ඉහත රූපයේ ඇති Save බොත්තම ඔබන්න........

දැන් ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුම නිවැරදිව ආරක්ෂා කරගෙන තිබේ...මෙතැන් සිට කිසිවෙකුට වත් ඔබගේ අනු දැනුමකින් තොරව ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් විය නොහැක
------------------------------------------------------------------------------------------------------------------------------------
සහෝදර, සහෝදරියනි....ඔබට මෙය වැදගත් නම්, පහතින් කමෙන්ට් එකක් එකතු කරන්න අමතක කරන්න එපා.....

ස්තූතියි! ඔබට
සුභ දවසක්

Comments

  1. මචෝ උබේ නෝ එක මේකේ තියෙනවා.. එඩිට් කරානම් හරි..

    ReplyDelete
  2. Mage fb account eke password eka mataka na Email address ekat dala tina number ekat cord eka enne na plz help me.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...