Skip to main content

විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු.

 ආයුබෝවන්......

තවත් ලිපියක ආරම්භයක්, ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්ක් එක ඉවත දමන්නට පෙර සිදුකළ හැහි අවසාන උත්සාහය ලෙස Low Level Format එක හදුවන්න පුළුවන්. මෙහිදී මෙහිදී දෘඩ තැටියෙහි සියලුම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝමැට් එක සිදුකල හැකි විවිද මෘදුකාංග තිබෙනවා, ඒ අතරින් විශේෂ මාදුකාංගයක් වන HDD GURU භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝමැට් එකක් කරගන්න ආකාරය දැන් අපි විමසමු.

ඔයාලට මේ මෘදුකාංග අන්තර්ජාලය හරහා නොමිලේ බාගන්න පුළුවන්...මෘදුකාංග බාගන්න, මෙනත කොටන්න.
මුලින්ම් කළ යුත්තේ ඉහත ලින්ක් එකෙන් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරිමයි, අනතුරුව එය දියත් කරන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි Windows එකකින් මෘදුකාංගය ආරම්භ වනු ඇත.

මෙහි ෆෝමැට් කල යුතු හාඩ් ඩ්‍රයිව් එක තොරා Continue බොත්තම ඔබන්න.


ඉන්පසු ඔබද අලුත් වින්ඩෝ එකක් විවෘත වනු ඇත. මෙහි ඔබේ හාඩ් ඩිසික් එක ගැන තොරතුරු දැකගන්න පුළුවන්.

මෙහි Low Level Format යන ටැබ් එකට ගොස් Format this device යන්න ක්ලික් කළ පසු ලැබෙන පණිවුඩයට Yes ලබා දීමෙන් එම හාඩ් ඩ්‍රයිව් එක Format කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඒ පණිවිඩයයි.


දැන් ඔබට පෙනෙනවා ඇති, ඔබගේ Hard Disk එක ෆෝමට් වෙනවා, මෙයට ටික වොලාවක් ගත වෙනු ඇත.


ඉහත ඇකාරයට කටයුතු කිරීමෙන් ඔබේ ඉවත්කරන්නට තීරණය කළ දෘඩ තැටිය නැවතත් භාවිතයට ගැනීමට හැකි වූවානම් එය සතුටක්.........

ස්තූතියි!!! ඔබට

සුභ දවසක්.......

Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...