Skip to main content

ඔන්ලයින් රූපවාහිනී නරඹන්න Radon TV Movie Radio Player

ආයුබෝවන්!



යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි!

ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම.


සාමාන්‍යෙයන් නම් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ටෙලිවිෂන් නාලිකාවන් නැරඹීමට හෝ රේඩියෝ නාලිකාවකට සවන් දීමට හෝ අවශ්‍ය වේ නම් ඒ සදහා අදාල වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියෙන් ඉවත් වී නැවත අනෙක් වෙබ් අඩවිය වෙත යා යුතුය. මෙය යම් වෙලාවක් ගතවන අමිහිරි කටයුත්තකි. මේ සදහා විසදුමක් සෙවීමේදී අපිට තිබෙන හොදම විසදුමක් තමයි Radon TV Movie Radio Player මෘදුකාංගය. මෙමගින් ක්ෂණිකව එක් චැනලයකින් තවත් චැනලයකට ඉතා පහසුවෙන්ම මාරු වෙන්න පුළුවන්. ඒ වගේම රටවල් අනුව වර්ගීකරණය කරන ලද චැනලයන් වෙන වෙනම නැරඹීමට හා එය කුමන වර්ගයේ චැනලයක් ද යන්නත් බලාගත හැකිය.

දැන් අපි බලමු මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කරන අයුරු. පහත දැක්වෙන්නේ මෙහි තිර රූපයක්.

                                              

ඉහත තිර රූපයේ දිස්වන ආකාරයට මෙම Player එක ක්‍රියාත්මක වෙනවා. ඔබට පේනවා ඇති මෙහි දකුණු පස ඉහල කොටසෙන් අවශ්‍ය රට (Country) තෝරාගන්න පුළුවන්. පහත තිර රූපය බලන්න. එහි රතු පාට කොටුවක් ඇදලා තියෙන්නෙ ඒකෙන් Sri Lanka කියල තොරාගන්න පුළුවන්,

                                              

එය තේරූ පසු ඊට පහළින් ඇති ලැයිස්තූවෙන් එම රටට අයිති නාලිකා කාණ්ඩ ලෙස බෙදා වෙන් කර ඇති ලැයිස්තුව මගින් අපට අවශ්‍ය කාණ්ඩයේ නාලිකාවන් පහසුවෙන් බලාගන්න පුළුවන්. අවශ්‍ය නම් All යන්න තේරුවහොත් සියලුම නාලිකා වර්ග දිස් වේවි. පහත තිර රූපය බලන්න.
                                             

ඉන් පසු එම කාණ්ඩය අනුව ඊට පහතින් දිස්වන නාලිකා ලැයිස්තුවෙන් අපට අවශ්‍ය නාලිකාව නැරඹිමට ඉතා පහසුයි. අවශ්‍ය නාලිකාව මත Double click කිරීමෙන් හෝ එය Right click කර මතුවෙන මෙනුවෙන් Play යන්න ක්ලික් කිරීමෙන් එම නාලිකාව නැරඹිය හැකිය.

ඒ විතරක් නොවෙයි. එක් චැනල් එකක් නරඹන අතරතුර වෙනත් චැනල් එකක Preview එකක් ද මෙමගින් නැරඹීමට පහසුකම් තියෙනවා. ඒ සදහා ඉහත රූපයේ ඇති මෙනුවෙන් Preview  යන්න තෝරාගත යුතුයි. එවිට දෙවන චැනලයේ Preview  එකක් පෙන්වනවා.ඒ වගේම තවත් දෙයක් මෙමගින් ඔබට වැදගත් වනු ඇතැයි සිතෙන දසුන් Record කර ගන්නත් පුළුන්, පහත රූප සටහන් වල ඒ පිලිබදව දක්වා ඇත,
                                            

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේක කොහෙන්ද ගන්නෙ කියල කියන්න, මේක Download කරගන්නත් තැනක් ඕනෙ නේද නැතුව බැනේ...:D




ස්තූතියි! ඔබට

සුභ දවසක්

Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...