Skip to main content

විස්ඩෝස් 7 ඇති පරිගණකයක් වින්ඩෝස් XP වෙස් ගැන්වීම

 ආයුබෝවන්........


මේ තාක් වනතුරු අප රටේ බොහෝදෙනාගේ පරිගණකවල තිබුණු මෙහෙයුම් පද්ධතිය වන්නේ වින්ඩෝස් එක්ස්.පී ය. තවත් සමහරුන් වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය ද තම පරිගණකවල පිහිටුවාගෙන තිබුණි. මයික්‍රොසොෆ්ට් සමාගමින් හදුන්වා දුන් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය සිතුවාට වඩා කළින් හදුන්වාදීමට මයික්‍රොසොෆ්ට් සමාගමට සිදු වුයේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියට ඔවුන් සිතූ තරම් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට නොහැකි වීමයි.

    කෙසේ වෙතත් දැන් පරිගණකවල මෙහෙයුම් පද්ධතිය වශයෙන් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය යොදාගැනීම දිනෙන් දින ඉහල යයි. නමුත් ඔබට වින්ඩෝස් සෙවන් හි නීත්‍යානුකූල පිටපතක් ස්ථාපිත කර ඇති පරිගණකයක් ලැබුණේ යැයි සිතන්න. නමුත් ඔබට මෙයට පෙර පාවිච්චි කළ පරිගණකයේ තිබුණු සැකසුම් ඒ ආකාරයෙන්ම වින්ඩෝස් සෙවන් තිබෙන පරිගණකයට ලබාගන්නේ කෙසේද? මෙම ලිපියෙන් ඔබට කියැවීමට ලැබෙන්නේ එම කාර්යය සිදුකරගන්නා ආකාරයයි.
පැරණි පරිගණකයේ තිබුණු දත්ත, සැකසුම් ඒ ආකාරයෙන්ම නවතම මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයකට ගෙන යාම සිතන තරම් පහසු කාර්යයක් නොවේ. වින්ඩෝස් එක්ස්.පි වැනි මෙහෙයුම් පද්ධතියක ඔබ සිදුකරන ලද සැකසුම් කොළයක සටහන් කරගෙන ඒවා වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට එක්කරගැනීම ප්‍රායෝගික නොවන්නකි.

    එමෙන්ම පැරණි පරිගණකයේ තිබෙන දත්ත වෙන් වෙන් වශයෙන් බැකප් කරගැනීමට ද අධික කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට ඔබට සිදුවෙයි. මේ කාර්යය පහසුවෙන් හා ඉක්මනින් සුදුකරගත හැකි උපයෝගීතාවයක් හෙවත් යුටිලිටයක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හදුන්වාදි තිබෙයි. එය Windows Easy Transfer ය. මෙ යුටිලිටියෙන් ඔබට ඉදිරිපත් කරන උපදෙස් පියවරින් පියවර අනුගමනය කිරීමෙන් වින්ඩෝස් එක්ස්.පී හෝ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණකයක සැකසුම් ඒ ආකාරයෙන්ම වින්ඩෝස් සෙවන් සහිත ඔබගේ නව පරිගණකයට එක් කරගත හැකිය.

    මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ වැඩි ධාරිතාවයකින් යුත් පෙන් ඩ්‍රයිව් එකක් පමණි. ඒ පැරණි පරිගණකයේ තිබුණු ෆයිල්ස් තාවකාලිකව සේව් කරගැනීම සදහාය. පහතින් දැක්වෙන්නේ වින්ඩෝස් එක්ස්.පි මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණකයක සැකසුම් පෙන් ඩ්‍රයිව් එකක සේව් කරගැනීමට මෙම යුටිලිටය යොදාගන්නා ආකාරයයි. මෙහි දක්වා ඇති උපදෙස් වින් ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ට ද අනුගමනය කළ හැකිය. පළමුවෙන්ම කළ යුත්තේ පරිගණකයක ක්‍රියාත්මක කර වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය සහිත ඩි.වී.ඩී එක පරිගණකයට ඇතුළු කිරිමයි. පසුව එහි තිබෙන supportmigwis නම් ෆෝල්ඩරය සොයාගන්න. මිළගට migwiz.exe නමින් තිබෙන ෆයිල් එක ධාවනය කරන්න.

    පසුව ඔබට දර්ශනය වන වින්ඩෝවෙන් මෙම සැකසුම් වෙනත් පරිගණකයට ගෙනයාම අදාල විකල්ප කිහිපයක් ඉදිරිපත් කරයි. පසුව Next බොත්තම ක්ලික් කරන්න. Transfer method එක වශයෙන් An external HDD or USB flash drive යන්න තෝරාගන්න. ඔබගේ පරිගණකය පරිගණක ජාලයකට සම්බන්ධ කර නැති අවස්ථාවලදි වුවද මෙම ක්‍රමය ඔබට යොදාගත හැකිය.
   
    මිළගට ලැබෙන්නේ වින්ඩෝවෙන් This is my old computer යන්න ක්ලික් කරන්න. පසුව බැකප් කර ගැනීමට තිබෙන දත්තවල ධාරිතාවය හා ඒ සදහා වැයවන ඉඩකඩ කොපමණ දැයි ඔබට ඉදිරිපත් කරයි. Customize බොත්තම ක්ලික් කර මෙසේ බැකප් කරගැනීමට අවශ්‍ය ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරා ගැනීමට ද පුළුවන. ෂොට්කට්ස්, ප්‍රෝගෑම් සෙටිංස් ආදිය මෙමගින් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණකයකටය එක්කරගත හැකිය.

    Advanced බොත්තම ක්ලික් කිරීමෙන් පරිගණකයේ තිබෙන තවත් ෆයිල්ස් මේ කාර්යයට එක්කරගැනීමට පුළුවන. මීළගට අවශ්‍ය ෆයිල්ස් සියල්ල තෝරාගත් පසුව Next බොත්තම ක්ලික් කරන්න. මෙම සැකසුම් කොපි වීම සදහා ඔබට පාස්වර්ඩ් එකක් ලබාදීමට සිදුවෙයි. මිලගට වින්ඩෝවෙන් ඔබ ලබාදුන් සැකසුම් සේව් කරගන්නේ කිනම් ස්ථානයකද යන්න තෝරා දිය යුතුය. මෙම අවස්ථාවේදී පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කර එය පෙන්වා දෙන්න.

වැදගත් - පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරගත් පසුව එය ෆෝමැට් කරගැනීමට ඔබට සුදුවෙයි. එසේම පරිගණකයේ සියලුම ෆයිල්ස් තැම්පත් කරගැනීමට එහි ප්‍රමාණවත් ඉඩතඩක් තිබෙන්නේ ද යන්න ඔබ පළමුව සොයා බැලිය යුතුය.

    මීළගට පෙන් ඩ්‍රයිව් එක තුළ නව ෆෝල්ඩරයක් සාදාගන්න. පසුව Next බොත්තම ක්ලික් කරන්න. පෙන් ඩ්‍රයිව් එකෙහි පැරණි පරිගණකයේ තිබුණු සැකසුම් හා ෆයිල්ස් සේව් වන ආකාරය ඔබට සැකගත හැකිය. අවසානයේදී පරිගණකය නැවත පණගන්වන්න. සමුගන්න අවසර,

ස්තූතියි!

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...