Skip to main content

Microsoft Office වලට අභියෝග කරන Live Documents හා IBM Symphony



ආයුබෝවන්!

මයික්‍රොසොෆ්ට් ආයතනයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට මපණක් දෙවැනි වන ඔවුන්ගේ MS Office වැඩසටහන් එකතුව වූ ලොව පැවති ලිපි ලිවීම, වානිජ කටයුතු සදහා ගණනය, තොරතුරු හා ප්‍රස්ථාර දැක්විය හැකි වැඩසටහන් හා දත්ත මෙහෙයුම් සදහා පැවති ජනප්‍රියම වැඩසටහන් එකතුවයි. නමුදු මිල අධික වීම හේතුවෙන් තුන්වෙනි ලොව හා අනිකුත් රටවල එතරම් මුදලක් වියදම් කිරීමට නොහැකි භාවිතා කරන්නන් එහි අනු පිටපත් භාවිතා කිරීමට පෙළඹි සිටිති.



ලොව ප්‍රමුඛස්ථානයේ සිටින මෙම වැඩසටහන අද තර්ජනයකට මුහුණ පා සිටී. ඒ අනවසරෙන් කරන අනු පිටපත් නිසා නොව අන්තර් ජාලය හා IBM වැනි සමහර ආයතන එකතුවී ලොවට එලිදැක්වීමට යන නොමිලේ ලබාගත හැකි කාර්යාල හා නිවෙස් සදහා ලිපි හා ගනුදෙනු කළ හැකි වැඩසටහන් නිසාවෙනි.


මෙවැනි එක් වැඩසටහනක් Live Documents යනුවෙන් InstaColl නැමැති ආයතනය විසින් අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි අන්දමට නිෂ්පාදනය කොට ඇත. මෙහි ඇති වාසිය වන්නේ ලොව කුමන ස්ථානයක සිට වුවද එය අන්තර්ජාලය හරහා භාවිතා කිරීමට ඇති හැකියාවයි. ලිපි ගබඩා කිරීම සදහාද පහසුවද එම අන්තර්ජාලය ඔස්සේම ලබාදී ඇත. දැනට MS OFFICE හරහා සකසා ඇති ඕනෑම ලිපියක් මෙම වැඩසටහන හරහා ද භාවිතා කිරීමට පහසුකම් සපයා ඇත. මෙම වැඩසටහන භාවිතා කිරීමට අවශ්‍ය අයෙකු කළ යුත්තේ http://www.live-documents.com වෙබ් අඩවිය වෙත යොමු වීමයි. කෙලින්ම මෙම අඩවියට සම්බන්ධ වීම සදහා එහි ඇති කුඩා වැඩසටහනක් Download කර එය ස්ථාපනය කිරීම මගින් කරගත හැක.

IBM Symphony නමින් ලෝක ප්‍රසිද්ධ IBM ආයතනය විසින් MS Office සදහා ආදේශකයක් වින්ඩෝස් හා ලිනක්ස් භාවිතා කරන්නන්ට නොමිලේ ලබා දීමට සැලසුම් කොට ඇත. ලිපි සැකසීම, වානිජ්‍යය සදහා අවශ්‍ය ගණනය කිරීම් හා තොරතුරු හි ප්‍රස්ථාර දැක්විය හැකි වැඩසටහනක් යනුවෙන් වැඩසටහන් තුනක් කැටි කොට නව මෙම IBM Symphony සකසා ඇත.



බොහෝ විට මුදල් පසුපස හඹාගිය මයික්‍රොසොෆ්ට් ආයතනයේ පරිගණක ලෝකයේ ඒකාධිකාරිය තව නොබෝ දිනකින් බිදීයන බවට මෙය එක් සාදකයකි.

ස්තූතියි!

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...