Skip to main content

mozilla Firefox 5 වන සංස්කර්ණය අද හෙටම (මෙම වසර තුළ නව ස්ංස්කරණ 4ක්)

ආයුබෝවන්!......

යාළුවනේ කලින් මම ඉදිරිපත් කරපු ලිපිය දැකල ඔයාලා දුක් වුනා නේද? Avast Antivirus මෘදුකාංගයට ඇයි හොදම ප්‍රතිවෛරස මෘදුකාංග 10 අතර නැත්තෙ කියල, ඒත් එත් යාළුවනේ වෙලා තියෙන ඒක තමයි, එහෙනම් අහගන්න මම දැන් කියන්න යන්නෙ ඔයාලට සතුටුදායක ආරංචියක්.

මොසිල්ලා ෆයර්ෆොක්ස් හි ජනප්‍රියතාවය පිළිබදව අන්තර්ජාල පරිශීලකයන් අතර කිසිදු විවාදයක් නැති තරමට එය ඉහළ ස්ථානයක සිටී. විවිදාකාරයේ ප්‍රයෝජනවත් ඇඩෝනයන් (add-on) විශාල ප්‍රමාණයක් හා වීඩියෝ බාගත කරගැනීමේ පහසුකම් ආදිය නිසා තවමත් අනෙකුත් බ්‍රව්සරයන්ට හොද තරගයක් දීමට මොසිල්ලා සමාගම සමත්ව තිබේ.


කෙසේ වුවත් මෑතකදී ගුගල් ක්‍රෝම් බ්‍රව්සරය හරහා එල්ලවී ඇති අභියෝගයත්, මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හි නවතම සංස්කරණයත් හමුවේ පසුගියදා මොසිල්ලා සමාගම විසින් ඔවුන්ගේ නවතම සංස්කරණයත් හමුවේ පසුගියදා මොසිල්ලා සමාගම විසින් ඔවුන්ගේ නවතම බ්‍රව්සර සංස්කරණය වන ෆයර්ෆොක්ස් 4 එලි දක්වන ලදි. නමුත් ඔවුන් අපේක්ෂා කළ තරම් ප්‍රතිචාරයක් පරිශීලකයන්ගෙන් මෙම නව අනුවාදයට නම් ලැබුනේ නැත. බොහෝ දෙනෙකු පවසන්නේ එය ඔපෙරා බ්‍රව්සරයේ අතුරු මුහුණත හා යමින් අමුතු වෙනසක් කිරීමට අසාර්ථක උත්සාහයක් ගෙන ඇති බවයි.

       කෙසේ වුවද මේ අතරවාරයේම ෆයර්ෆොක්ස් හි 5 වන සංස්කරණයත් ජූනි මස 21 වෙනි දින නිකුත් කිරීමට මොසිල්ලා සමාගම සූදානම් වේ. මෙම සංස්කරණය සමග ඇඩෝබී ඇක්‍රොබැට් කියවනයක් ද අන්තර්ගත කර තිබීම විශේෂ ලක්ෂණයකි. එමගින් මෙම නව සංස්කරණය භාවිතා කරන්නන්ට අන්තර්ජාල සබදතාවය රහිත  අවස්ථාවකදී වුවත් ෆයර්ෆොක්ස්  හරහා PDF ගොනු විවෘත කර නැරඹීය හැකිය. එසේම මෙම නව සංස්කරණයේ බ්‍රව්සරයේ ඇති Home Button එක වෙනුවට Home Tab එකක් එකතු කර තිබේ. මෙම නව  Home Tab එක නිතරම විවෘතව පවතින Home page එකක් ලෙස ක්‍රියාකරයි.

මොසිල්ලා සමාගමේ අධ්‍යක්ෂක මයික් බෙල්ටිස්නර් පවසන්නේ 2011 වර්ශය පුරාවටම ෆයර්ෆොක්ස් හි 4,5,6 හා 7 යන අනුවාදයන් හතරම නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. 

සහෝදර වරුනි ඔයාලට මතකද මම කිව්වා මේ මස 21 වෙනි දින ගිණි නරියා 5 වෙනි සංස්කරණය ඔවුන් විසින් නිකුත් කරග බවත් එහි ඇවි විශේෂත්වයනුත් මම මේ ලිපියෙන් ඔබට පැහැදිලි කලා, මෙන්න ඒ අනගි අවස්ථාව දැන් උදාවෙලා, මොවුන් ගිනි නරියා 5.0 නිකුත් කිර ඇත මෙන්න මෙතනට ගිහින් බාගත කරගන්න http://www.mozilla.com/en-US/firefox/new/ ස්තූතියි!

ස්තූතියි!
සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...