Skip to main content

Anomaly Warzone Earth පරිගණක ක්‍රීඩාව

ආයුබෝවන්.......

                                  


විවිදාකාරයේ පරිගණක ක්‍රීඩා පිළිබදව අප විසින් ඔබට ලිපි පල කිරීමට බලා පොරොත්තු වේ, මෙවර අපි ඔබට හදුන්වා දෙන්නේ Strategy වර්ගයට අයත් මෙම Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව Tower Defence ආකාරයේ ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාව නිපදවා ඇත්තේ 11Bit Studio නම් ආයතනය විසිනි.




බැග්ඩෑඩ් නගරයේ පිහිටා ඇති ඇමරිකාණු හමුදා කදවුරක් අසළට නොසිතූ ලෙස පිටසක්වල යානයක් කඩා වැටෙන අතර පිටතට පැමිණෙන පිටසක්වළ ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි. මේ අනුව මෙ සතුරු පිටසක්වලයන් පෘථිවියෙන් නෙරපා දැමීම සදහා ඉදිරිපත් වන එඩිතර ඇමරිකානු හමුදාව තමන් සතු උපරිම හමුදා බළය යොදවා ආක්‍රමිණිකයන් විනාශ කිරීම සදහා මෙහෙයුම් දියත් කරයි. පෙර නොදුටු විරූ ආයුධ වලින් සන්නද්ධ පිටසක්වල ජීවීන් විනාශ කිරීම සදහා අමරිකානු හමුදාවන් හට ඉතා සූක්‍ෂම සැළසුම් හා උපාය මාර්ග භාවිතා කිරීමට සිදුවෙයි. මේ අනුව පළමු මෙහෙයුම දියත් කිරන ඇමරිකානු හමුදාව පිටසක්වල ජීවීන්ගේ යානය පිළිබදව විපරම් කිරීම සදහා කුඩා භට කණ්ඩායමක් යොදවන අතර එහිදී ඔවුන් සතුරාගේ ප්‍රහාර හමුවේ අසරණ තත්වයකට පත්වේ. මේ අනුව භට කණ්ඩායම ආරක්‍ෂා කිරීම සදහා සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයා වෙත ලබාදෙමින් මෙම Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව ආරම්භ වේ.



Anomaly පරිගණක ක්‍රීඩාව තුළ ක්‍රීඩකයාට පැවරෙන රාජකාරීය වන්නේ ඔහුට ලබා දී ඇති විවිධ උපකරණ භාවිතා කර බළකොටුවක් නිර්මාණය කර එයට විටින් විට එල්ල වන සතුරු ආක්‍රමණ වලින් එය ආරක්‍ෂා කර ගැනීමයි. මේ සදහා විවිධ පහසුකම් වලින් යුත් ගොඩනැගිලි හා යුධ බළඇණි මෙන්ම විවිධ ආයුධ වලින් සන්නද්ධ ආරක්‍ෂණ කුළුණු ද නිර්මාණය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයාට ලබා දී තිබේ. විවිධාකාරයේ මෙහෙයුම් රැසකින් ම සමත්විත මෙම පරිගණක ක්‍රීඩාවේ සතුරා පරාජය කිරීමට හා විවිධ ගොඩනැගිනි ඉදිකිරීම සදහා අවශ්‍ය ධනය හා සම්පත් සොයාගැනීම සදහා මෙම ක්‍රීඩාවේ සෑම මෙහෙයුමකටම ලබා දෙන කුඩා පාබළ හමුදා බළ ඇණියක් භාවිතා කිරීමට සිදුවේ.



විවිදාකාරයේ ගොඩනැගිලි වලට අමතරව විවිධ ප්‍රහාරක වාහන වර්ග හා භට කණ්ඩායම් ද යොදවා සතුරා පරාජය කිරීමට අවස්ථාව ලබා දී ඇති Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව තුළ ඉතා සුවිශේසී හා සිත් ඇදගන්නා සුළු ත්‍රිමාණ සජීවීකරණයන් ඇතුලත් වේ. තරමක වෙනස් ආකාරයේ ක්‍රීඩාවක් වන මෙය Strategy පරිගණක ක්‍රීඩා ප්‍රිය කරන ඔබ සැමට නව අත්දැකීමක් ලබාදීමට සමත්වනු ඇති.





System Requirements -

Windows Xp SP2 / Windows Vista / Windows 7
Intel Pentium 2.4GHz Processor
1GB Ram
256 VGA Card ( Nvidia Geforce 7600 or Better)

ස්තූතියි! ඔබට

සුභ දවසක්.

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...