ආයුබෝවන්.......
විවිදාකාරයේ පරිගණක ක්‍රීඩා පිළිබදව අප විසින් ඔබට ලිපි පල කිරීමට බලා පොරොත්තු වේ, මෙවර අපි ඔබට හදුන්වා දෙන්නේ Strategy වර්ගයට අයත් මෙම Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව Tower Defence ආකාරයේ ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාව නිපදවා ඇත්තේ 11Bit Studio නම් ආයතනය විසිනි.
බැග්ඩෑඩ් නගරයේ පිහිටා ඇති ඇමරිකාණු හමුදා කදවුරක් අසළට නොසිතූ ලෙස පිටසක්වල යානයක් කඩා වැටෙන අතර පිටතට පැමිණෙන පිටසක්වළ ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි. මේ අනුව මෙ සතුරු පිටසක්වලයන් පෘථිවියෙන් නෙරපා දැමීම සදහා ඉදිරිපත් වන එඩිතර ඇමරිකානු හමුදාව තමන් සතු උපරිම හමුදා බළය යොදවා ආක්‍රමිණිකයන් විනාශ කිරීම සදහා මෙහෙයුම් දියත් කරයි. පෙර නොදුටු විරූ ආයුධ වලින් සන්නද්ධ පිටසක්වල ජීවීන් විනාශ කිරීම සදහා අමරිකානු හමුදාවන් හට ඉතා සූක්‍ෂම සැළසුම් හා උපාය මාර්ග භාවිතා කිරීමට සිදුවෙයි. මේ අනුව පළමු මෙහෙයුම දියත් කිරන ඇමරිකානු හමුදාව පිටසක්වල ජීවීන්ගේ යානය පිළිබදව විපරම් කිරීම සදහා කුඩා භට කණ්ඩායමක් යොදවන අතර එහිදී ඔවුන් සතුරාගේ ප්‍රහාර හමුවේ අසරණ තත්වයකට පත්වේ. මේ අනුව භට කණ්ඩායම ආරක්‍ෂා කිරීම සදහා සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයා වෙත ලබාදෙමින් මෙම Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව ආරම්භ වේ.
Anomaly පරිගණක ක්‍රීඩාව තුළ ක්‍රීඩකයාට පැවරෙන රාජකාරීය වන්නේ ඔහුට ලබා දී ඇති විවිධ උපකරණ භාවිතා කර බළකොටුවක් නිර්මාණය කර එයට විටින් විට එල්ල වන සතුරු ආක්‍රමණ වලින් එය ආරක්‍ෂා කර ගැනීමයි. මේ සදහා විවිධ පහසුකම් වලින් යුත් ගොඩනැගිලි හා යුධ බළඇණි මෙන්ම විවිධ ආයුධ වලින් සන්නද්ධ ආරක්‍ෂණ කුළුණු ද නිර්මාණය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයාට ලබා දී තිබේ. විවිධාකාරයේ මෙහෙයුම් රැසකින් ම සමත්විත මෙම පරිගණක ක්‍රීඩාවේ සතුරා පරාජය කිරීමට හා විවිධ ගොඩනැගිනි ඉදිකිරීම සදහා අවශ්‍ය ධනය හා සම්පත් සොයාගැනීම සදහා මෙම ක්‍රීඩාවේ සෑම මෙහෙයුමකටම ලබා දෙන කුඩා පාබළ හමුදා බළ ඇණියක් භාවිතා කිරීමට සිදුවේ.
විවිදාකාරයේ ගොඩනැගිලි වලට අමතරව විවිධ ප්‍රහාරක වාහන වර්ග හා භට කණ්ඩායම් ද යොදවා සතුරා පරාජය කිරීමට අවස්ථාව ලබා දී ඇති Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව තුළ ඉතා සුවිශේසී හා සිත් ඇදගන්නා සුළු ත්‍රිමාණ සජීවීකරණයන් ඇතුලත් වේ. තරමක වෙනස් ආකාරයේ ක්‍රීඩාවක් වන මෙය Strategy පරිගණක ක්‍රීඩා ප්‍රිය කරන ඔබ සැමට නව අත්දැකීමක් ලබාදීමට සමත්වනු ඇති.
System Requirements -
Windows Xp SP2 / Windows Vista / Windows 7
Intel Pentium 2.4GHz Processor
1GB Ram
256 VGA Card ( Nvidia Geforce 7600 or Better)
ස්තූතියි! ඔබට
සුභ දවසක්.
Comments
Post a Comment