Skip to main content

මොකක්ද මේ Cloud Computing

ආයුබෝවන්!

අන්තර්ජාලය වර්තමානයේ ජීවත්වන අපට අලුත් දෙයක් නොවේ. අන්තර්ජාලය ඔස්සේ අපට ලබාගත හැකි ප්‍රෙයෝජන හා සේවාවන් අති මහත් ප්‍රමාණයක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන මෙවන් සේවාවන් පිළිබදව සාකච්ඡා කිරීමේදී බහුලවම කතා බහට ලක්වන චචනයක් ලෙසින් Cloud Computing යන්න හැදින්විය හැකිය. අන්තර්ජාල සේවාවන්ගේ තවත් සියුණු අවස්ථාවක් ලෙසින් මෙය හැදින්වීමේ වරදක් නැත.

    වෙනත් ආකාරයකින් සදහන් කරන්නේ නම් තොරතුරු තාක්ෂණික මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශවීමේ ක්‍රමයක් ලෙසින් Cloud Computing යන්න හැදින්විය හැකිය. මෙම සේවාව සපයන්නන් විසින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික යෙදවුම් හෙවත් බිස්නස් ඇප්ලිකේෂන්ස් ඔබට ලබාදෙයි. මේවාට ප්‍රවේශවීමට කිසිදු මෘදුකාංගයක් ඔබගේ පරිගණකයේ පිහිටුවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. තිබිය යුත්තේ අන්තර්ජාල සබදතාවයක් සහිත පරිගණකයක් හා වෙබ් බ්‍රව්සරයක් පමණි. අවශ්‍ය මෘදුකාංග සියල්ල හා දත්ත තැම්පත් කර තිබෙන්නේ අත්තර්ජාලයට සම්බන්ධිත සර්වරයකය.



    ඔබට අවශ්‍ය කාර්යයන් ඔබගේ පරිගණකයෙන් සිදුකර එම දත්ත තැම්පත් කළ යුත්තේ ද සර්වරය තුලයි. පසුව එම දත්තවලට ලෝකයේ කිනම් ස්ථානයක සිට වුවද අත්තර්ජාල සබදතාවයක් සහිත පරිගණකයක් ඔස්සේ ප්‍රෙව්ශ විය හැකිය. මෙම ඇප්ලිකේෂන්ස් සියල්ල ආකාර කිහිපයක් යටතේ වර්ග කළ හැකිය. එනම් සේවාවක් වශයෙන් පවත්නා මෘදුකාංග Software as a Service (SaaS), උපයෝගීතා සංගණක (Utility Computing), අන්තර්ජාල සේවාවන්, ක්‍රමික සේවා සපයන්නන් Managed Service Providers (MSP) ආදී වශයෙනි.


    මෙම තාක්ෂණය යොදාගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔවුන් කළ යුත්තේ තෙවන පාර්ශවීය සේවා සපයන්නෙකුගෙන් සුළු මුදලක් ගෙවා සේවාව ලබාගැනීමයි. ඔබ පරිගණක ජාලයේ තිබෙන සම්පත් සියල්ල ප්‍රයෝජනයට ගන්නේ සේවාවක් වශයෙනි. එසේම ඔබට ගෙවීමට සිදුවන්නේ ඔබ පරිහරණය කරන සේවාවන්ට පමණි.

    මේ අනුව Cloud Computing යනුවෙන් හදුන්වන්නේ පරීශීලකයන්ගේ අවශ්‍යතා අන්තර්ජාලය තුලින්ම, තම පරිගණකයේ කිසිදු මෘදුකාංගයක් සථාපිත නොකර සිදුකරගත හැකි සේවාවකි. මෙය මුල්වරට ආරම්භ වුයේ 2009 වර්ෂයේය. නිදහස් හා විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයක් ලබාදෙයි.

ඉතිහාසය
    Cloud යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (telephone) යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන තුරු දත්ත පරිපථ හෙවත් ඩේටා සර්කිට්ස් සමන්විත වි තිබුණේ රැහැන් සම්බන්ධතාවයක් යටතේය. ලෝකයේ විවිද රටවල තිබෙන පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට මේවා භාවිත කළේය. පසු කාලිනව ඇතැම් දුරකථන සමාගම්වලින් වෙනස් ආකාරයේ පරිගණක ජාල ක්‍රමයක් හදුන්වා දුන්නේය. එය Virtual Private Network (VPN) යනුවෙන් හදුන්වයි. පරිගණක අතර දත්ත හුවමාරු කරගැනීම සදහා මෙය දිගු කාලයක් සාර්ථකව භාවිත විය.
   
    මෙම ක්‍රමය  භාවිතයෙන් නෙට්වර්ක්  එක තුල තදබදය හෙවත් ට්‍රැෆික් තත්වය මනා ලෙස අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාවක් ලැබුණි. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි.


    ඔහු එකල සදහන් කළේ පරිගණක යොදාගෙන සිදුකරන ගණනය කිරීම් පොදු උපයෝගීතාවයක් ලෙසින් පවත්වාගෙන යා යුතු බවයි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ශයේය. ඒ සිවිසල් සමමුහුර්තක සම්ප්‍රෙෂණ ක්‍රමයක් හෙවත් Asynchronous Transfer Mode (ATM) එකක් වශයෙනි. 2007 වර්ශයේදී ගූගල් සහ අයි.බී.එම් සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

මේ පිළිබදව වීඩියෝ පටයක් තිබෙනවා, එය නැරබීමට - http://www.youtube.com/watch?v=ae_DKNwK_ms&feature=player_embedded

ස්තූතියි!

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...