Skip to main content

සුපිරි විශේෂාංග රැසක් සමගින් පරිගණකය සුරකින්නා AVG ANTI-VIRUS 2011

ආයුබෝවන්!........
                              


පරිගණකයක මනා ක්‍රියාකාරිත්වය අවුල් කර දමන වැඩසටහන් අතරින් පරිගණක වෛරස්වලට හිමිවන්නේ වැදගත් ස්ථානයක් බව නොරහසකි. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන හානිකර පරිගණක වැඩසටහන් හදුන්වන්නේ පරිගණක වෛරස නමිනි. පරිගණකයකට එතරම් හානියක් ඇති නොකරන වෛරස මෙන්ම එහි ක්‍රියාකාරීත්වයට සපූර්ණයෙන්ම වෙනස් කරන හානිකර මට්ටමේ පරිගණක වෛරස ද තිබෙයි.


ඇතැම් පරිගණක වෛරසවලින් ඔබගේ පරිගණකය අත්තර්ජාලය ඔස්සේ වෙනත් පුද්ගලයෙකු විසින් පාලනය කළ හැකිය. ඒසේම පරිගණකයේ ඇති දත්ත තවත් කෙනෙකුට සොරාගැනීමේ අවස්ථාවක් මේවායින් සලසා දෙයි. ඔබත් අන්තර්ජාලයට ප්‍රවේශවීම සදහා පරිගණකය භාවිතා කරන්නේ නම් හොද තත්වයේ ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ස්ථාපිත කරගැනීම හා එය යාවත්කාලීන කර තබාගැනීම අනිවාරයෙන්ම කළ යුත්තයි. මේ වනවිට අන්තර්ජාලයෙන් නොමිළේ ඩවුන්ලෝඩ් කරගත හැකි හොද තත්වයේ ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් තිබෙනවා



ඒවා අතරින් එකක් වන්නේ AVG Anti-Virus මෘදුකාංගයයි. මෙහි නවතම සංස්කරණය AVG Anti-Virus 2011 ය. මෙයට පෙර හදුන්වාදුන් සංස්කරණවලට වඩා පහසුකම් රැසක් මෙම නවතම සංස්කරණයෙන් හදුන්වාදී තිබෙයි. හොද තත්වයේ ප්‍රතිවෛරස මෘදුකාංගයක තිබිය යුතු ලක්ෂණ කිහිපයකි. වඩාත් වේගයෙන් පරිගණකය ස්කෑන් කිරීමේ හැකියාවක් එයට තිබිය යුතුය. එසේම පහසුවෙන් භාවිතා කිරීමට හැකි වීම මෙන්ම වැඩි කාර්යක්ෂමතාවයක් එහි තිබිය යුතුය. නවතම පරිගණක වෛරස හදුනාගැනීමේ හැකියාවක් තිබිය යුතුය. 

                                       

මෙකී ලක්ෂණ සියල්ලම සපිරි ප්‍රති වෛරස් මෘදුකාංගයක් ලෙසින් AVG Anti-Virus 2011 හැදින්වීමේ වරදක් නැත. මෙම ප්‍රතිවෛරස මෘදුකාංගයේ අතුරු මුහුණතෙහි තිබෙන සරල බව නිසා නවකයෙකුට මෙය පහසුවෙන් භාවිතා කිරීමට පුළුවන. මෙහි තිබෙන Fix නම් බට්න් එක ක්ලික් කිරීමෙන් පරිගණක වෛරසවලින් හානියට පත් ෆයිල්ස් යලිත් යථා තත්වයට පත් කරගත හැකිය. Tools යන්න ක්ලික් කර මෙහි Advanced settings වලට පිවිසීමේදී මෘදුකාංගයේ වෙනස්කම් කිහිපයක් සදුකළ හැකිය.



AVG Anti-Virus 2011 හි ඇති තවත් වැදගත් පහසු කමක් වන්නේ AVG LinkScanner පහසුකමයි. මෙය මෘදුකාංගය සමග නොමිළේ ලබාදෙන පහසුකමක් වන අතර ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් වෙනමම මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීමට ද පුළුවන. මෙමගින් ෆේස්බුක්, මයිස්පේස් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කරන ලද ලින්ක්ස් ස්කෑන් කර බැලිය හැකිය. වර්තමානයේ පරිගණක වෛරස් පැතිරවීම සදහා බෙහෙවින් සමාජ ජාල වෙබ් අඩවි යොදාගැනෙයි. ඔපගේ පරිගණකයේ මෙම ප්‍රතිවෛරස් මෘදුකාංගය ස්ථාපිත කර ෆේස්බුක් වැනි වෙබ් අඩවියක් විවෘත කරගත් පසුව එහි ඇති ලින්ක් එකක් ඉදිරියේ කොළ පැහැයෙන් හරි ලකුණක් දැක්වෙන්නේ නම් එයින් අදහස් වන්නේ එය ආරක්ෂිත එකක් බවයි.

අදාල ලින්ක් එක ඉදිරියෙන් රතු පැහැති කතිර ලකුණක් දැක්වෙන්නේ නම් එයින් අදහස් වන්නේ එය අනාරක්ෂිත ලින්ක් එකක් බවයි. එය ක්ලික් කිරීමෙන් පරිගණකයට වෛරස ඇතුළු විය හැකිය. Threat Labs ( http://wwww.avgthreatlabs.com/sitereports) යන වෙබ් අඩවියෙන් මෙම AVG LinkScanner එකෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව තවත් විස්තර දැනගත හැකිය.



මෙම මෘදුකාංගයේ තිබෙන තවත් පහසුකමක් වන්නේ පරිගණකයේ සම්පත් කළමනාකරණය කරගැනීමට ලබාදෙන සහයයි. මෘදුකාංගයේ ප්‍රධාන වින්ඩෝවේ පහළින් ඇති ස්ලියිඩ් එක ක්ලික් කිරීමෙන් මෙයට ප්‍රවේශ විය හැකිය. පරිගණකයේ යම් කාර්යයක් සිදුකරමින් සිටින අතරතුර පරිගණකයේ ඇති දෘඩාංග සම්පත් වලින් උපරිම කාර්යක්ෂමතාවයක් හෝ අවම කාර්යක්ෂමතාවයක් ලබාගෙන වෛරස ස්කෑන් කර බැලීම සිදුකළ යුතු නම් මෙහි දැක්වෙන්නේ ස්ලයිඩරය ඔබගේ අවශ්‍යතාවය අනුව සීරු මාරු කර සකසාගත හැකිය.



මේ නිසා පරිගණකයේ වේගය මන්දගාමී වීමක් සිදුනොවෙයි. මෙම ප්‍රතිවෛරස මෘදුකාංගයේ වින්ඩෝස් විස්ටා හා වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් සදහා නව ගැජට් එකක් ද හදුන්වාදී තිබෙයි. එය එක්වරක් ක්ලික් කිරීමෙන් ප්‍රතිවෛරස් මෘදුකාංගය විවෘත කරගැනීම හා යාවත්කාලීන කරගැනීම වැනි කාර්යයන් කිහිපයක් ඉක්මනින් සිදුකරගත හැකිය.

මේවාට අමතරව පරිගණකයේ හාඩ් ඩිස්කයේ ඇති අනවශ්‍ය ෆයිල්ස් ඉවත් කර ගැනීම, ඩිස්ක් ඩිෆ්‍රැග්මන්ට් වැනි කාර්යයන් කිහිපයක් ද මෙමගින් සිදුකරගැනීමට හැකිය. මෙම මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් පසුව වෙබ් බ්‍රව්සරයට එක්වන නව ටූල්බාරය මගින් විවිද වෙබ් අඩවිවලින් පරිගණකයට වෛරස ඇතුළුවීම වළක්වාගැනීමට ද පුළුවන. පහතින් දැක්වෙන්නේ පෙර සංස්කරණ සමග සසදා බලනවිට AVG Anti-Virus 2011 සංස්කරණයෙහි කාර්යක්ෂමතාවයයි.



මේ අනුව ඔබගේ පරිගණකයත් පරිගණක වෛරසවලින් ආරක්ෂා කරගැනීමට පරිගණකයේ තිබිය යුතු හොද තත්වයේ ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ලෙසින් AVG Anti-Virus 2011 හැදින්විය හැක. මෙය ශ්‍රී ලංකාව තුල ගෙන්වා බෙදාහරින  බලය ලත් නියෝජිතයින් වන්නේ සිමාසහිත ටෙක් පැසිෆික් ලංකා පෞද්ගලික සමාගමයි.

ස්තූතියි! ඔබට

සුභ දවසක්


Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...