Skip to main content

වීඩියෝ ක්ලිපයක් හෝ ඉමේජයක් පිළිබදව ෆේස්බුක් කණ්ඩායම දැනුවත් කරන සැටි

අයුබෝවන්!........

මම ඔයාලට හැමදාම මොනවා හරි කියල දෙන්න උස්සහ කරනවනේ, ඉතින් අද මට හිතු‍න ෆේස්බුක් මිතුරු සමාජය ගැණම කියන්න, අපි උදේ ඉදන් රෑ වෙනකම් පරිගණක උදව් එකේ හිටියත් එයත් අපිට මුහුණු පොතෙන් ලබා දී තිබෙන සේවාවක්ය, ඉතින් යාළුනයේ ඔයාලත් ෆේස්බුක් එකේ සිටින විට විවිද ඡායාරූප සහ වීඩියෝ මගින් ඔබට කරදර පැමිණ ඇතැයි මම විශ්වාස කරමි. මම අද කියල දෙන්නම් ඒ පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියට කොහොමද Report කරන්නෙ කියල, එහෙනම් අහගන්නකො,

‍ෆේස්බුක් වෙබ් අඩවියට දිනෙන් දින විවිධ වීඩියෝ හෝ ඉමේජ එක්වෙයි. ඒවායින් සමහරක් ජාති, ආගාම්, පුද්ගලයන්ගේ කීර්ති නාමය පහරගැසීමේ අරමුණින් එක්කරන ඒවාය. ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකටද මෙවන් අංග නිතර එක්වීමට ඉඩ ඇත. ඔබගේ එකවුන්ට් එකෙහි ඇති මෙවන් අහිතකර තොරතුරු ඇතුළත් ජායාරූපයක් හෝ වීඩියෝවක් ඔබට ඉවත් කළ හැකි නමුත් එය සෙසු අයගේ වෝල් වල දර්ශනය වීම වැළැක්විය නොහැකිය.


මේ සදහා අපූරු පහසුකමක් ෆේස්බුක් සමාගම විසින් හදුන්වාදී තිබෙයි. එනම් අදාල ඡායාරූපය හෝ වීඩියෝව ගැන ඔවුන්ට දැනුම් දිය හැකි වීමයි. පහතින් දැක්වෙන්නේ මෙය සිදුකරන ආකාරයයිත පළමුවෙන්ම අදාළ ඉමේජය හෝ වීඩියෝව විවෘත කරගන්න. පසුව එයට පහළින් ඇති Report This Photo යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට මෙහි දැක්වෙන ආකාරයට සංවාද කොටුවක් විවෘත වෙයි.

එයට ඔබ අදාළ අංගය ඉවත් කරන්න යැයි ෆේස්බුක් කර්ඩායමෙන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි තොරාගත යුතුය. ඉන්පසු Continue කරන්න, ඉන්පසුව ලැබෙන සංවාද කොටුවේ දි ඔබද දැක්වෙන ආකාරයට, ඔවුට කෙටි පණිවිඩයක් යවන්නත් පුළුවන් මේ ඡායාරූපය ගැන සදහන් කරලා, එසේතු නැත්තම් ඔහුව Unfriend කරන්නත් පුළුවන්, ඒ වගේම මොහුව Block කරන්නත් පුළුවන් මෙයින් තැමති එකක් ඔබට තොරාගැනීමේ හැකියාව ඇති, සැලකිය යුතුයි - මෙම කිසිවක් තොරන්නේද නොමැතිය පහත දැක්වෙන Report to Facebook යන්න ඉදිරියෙන් හරි ලකුන පමණක්ද යොදා ගත හැකිය, එය ඔබගේ කැමති ආකාරයකට සිදු කර ගත හැකිය අනතුරුව Continue බොත්තම ඔබන්න


මින් පසුව ඔබට ෆේස්බුක් වෙබ් අඩවියෙන් ස්තූති කර සංවාද කොටුවක්ද ලැබේ, එයද Okay කරන්න. දැන් ඔබ සාර්ථකව එය සිදුකරගෙන ඇත


එකම ඡායාරූපයක් සම්බන්ධයෙන් මෙවන් පැමිණිලි රැසක් ෆේස්බුක් කණ්ඩායම වෙත ඉදිරිපත් වුවහොත් එය ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. වීඩියෝවක් පිළිබදවද මේ ආකාරයෙන්ම Report කර ගත හැකිය.

ස්තූතියි!

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...