Skip to main content

පරිගණකයේ තැන තැන විසිරුණු එක වර්ගයේ ගොනු සොයා දෙන Fast Duplicate File Finder

ආයුබෝවන්.......

පරිගණකයක වැඩ කරන විට කාලයක් තිස්සේ අපි කරන වැඩ කටයුතු වල හැටියට එකම file එක අපේ Hard Disk එකේ Parth දෙක තුනම නැත්නම් ඊටත් වඩා වැඩි ගණනක තියෙන්න පුළුවන්. මේ විදියට එකම File එක තැන් දෙක තුනක තියෙනකොට අපේ Hard Disk එකේ ධාරිතාවය නිරපරාදේ අපතේ යනවා. ඉතින් මෙහෙම duplicate වන File හොයන එකනම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ වැඩේට විශාල කාලයක් වගේම ලොකු මහන්සියකුත් දරන්න වෙනවා. අපි කරන කාර්යයන් වල හැටියට හා Hard disk එකේ ධාරිතාවය අනුව කාර්ණය තවත් අපහසු වෙන්න පුළුවන්.


‍මේ කාර්යය පහසු කරගන්න භාවිතා කළ හැකි මෘදුකාංගයක් තමයි Fast Duplicate File Finder මෘදුකාංගය. මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය නම් මෙය Windows 98 සිට Windows 7 දක්වා සියළුම ස්ංස්කරණ වල හොදින් ක්‍රියාත්මක වීමයි. මෙමගින් ඔබගේ පරිගණකය තුළ පිහිටි Hard Disk, Removeble Disk, External Disk හා Network Disk වල පවා දත්ත සොයා බැලීමට පුළුවන්.


Search කිරීම ආරම්භ කිරීම සදහා මෙම මෘදුකාංගයේ ඇති Add Folder මත ක්ලික් කර Search කිරීමට අවශ්‍ය folder එක සලකුණු කරන්න.


මෙහි ඇති Scan Subfolder සලකුණු කළ විට අප තෝරා ඇති Folder එක තුල ඇති සියළුම Subfolder ද Search වේ. එසේම මෙම ලැයිස්තුව තවත් Folder එකතු කර ගැනීමට Add Folder ද, මෙහි ඇති Folder ඉවත් කිරීමට Remove Folder ද භාවිතා කළ හැකියි. මෙම සැකසීම සිදුකර අවසානයේ Start Scan මත ක්ලික් කරන්න.

Search කර අවසාන වූ පසු මෙහි දැක්වෙන ආකාරයේ පණිවුඩයක් මතු වන අතර File කොපමණ ප්‍රමාණයක් Duplicate වී ඇතිද යන්න එහි දැක්වේ. මෙම පණිවුඩය Ok කළ පසු ලැබෙන මීලග තිරයෙන් ඔබට Duplicate වී ඇති එක් වර්ගයේ File සොයා අනවශ්‍ය File ඉවත් කළ හැකිය.


මෙහි දැක්වෙන්නේ Duplicate file ලැයිස්තුවයි. මෙම මෘදුකාංගයේ ඇති විශිෂ්ඨ ගුණාංගය නම් මේ Duplicate file වල Preview එකක් බලා ගැනීම සදහා මෘදුකාංගය මගින්ම පහසුකම් සපයා තිබීමයි.    
                
                     

 Duplicate file විශාල සංඛ්‍යාවක් ඇතිනම් මෙහි දැක්වෙන ආකාරයට right click කර මතුවෙන Menu එකෙන් Locate in explorer මත click කර එම file එක windows explorer මගින් නැරඹිය හැකිය.




සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව