Skip to main content

Facebook වෙතින් ඊ-මේල් සේවාවක්

ආයුබෝවන්!......

ලෝකයේ වැඩිම සාමාජිකයන් පිරිසක් සහිත දැවැන්තම පරිශීලක ජාලයකින් යුත්, එමෙන්ම දැනටත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින දැවැන්ද වෙබ් අඩවියකි, ෆේස්බුක්. මිලියන 500 ක් ඉක්මවා ගිය සාමාජික පිරිසකගෙන් යුත් ෆේස්බුක් වෙබ් අඩවිය ගැන හෝ එහි නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිළධාරී මාක් ෂුකර්බර්ග් හෝ ගැන ඔබ දැනටමත් බොහෝ දැනුවත් ව ඇති. පසුගියදා "වසරේ විනිසා" විරුදාවලිය ලබාගත් මාක් ෂුකර්බර්ග් හා ඔහුගේ ෆේස්බුක් වෙබ් අඩවිය දැන් තවත් දැවැන්ත වැඩක් අරඹන්නයි සුදානම. අත්තර්ජාල පුවත් තුලින් වාර්තාවන්නේ අළුතින්ම ඊ-මේල් සේවාවක් ආරම්භ කිරීමට ඔවුන් මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.

       මේ ඊ-මේල් ස්වාව අනෙකුත් තරගකාරී සේවා හා සසදා බලන විට වෙනස්කම් රැසකින් යුතුවේ. මෙය හදුන්වාදීමේදී මාක් ෂුකර්බර්ග් පවසා සිටියේ "මෙය පණිවුඩ සේවාවක්. ඊ-මේල් සේවාව එහි කොටසක් පමණයි. ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ආකාරයක පණිවුඩයක් යැවිය හැකි පරිදි මෙම නව සේවාව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා".

       මෙම නව ෆේස්බුක් ඊ-මේල් සේවාව සදහා @facebook.com ලෙස ලිපිනයන් ලබා දීම සිදුවන අතර ඒ සදහා Invitations ආකාරයෙන් ඔබට සාමාජිකත්වය ලබාගත හැකියි. මේ සේවා ක්‍රියාදාමය පම්පූර්ණ වු විට මෙම නව ෆේස්බුක් ඊ-මේල් සේවාව ලෝකයේ විශාලතම ඊ-මේල් සේවාව වනු ඇත. ඒ GMail හි මිලියන 200 ක පරිශීලකයන් හා Hotmail හි මිලියන 360 ක පරිශීලකයන් අභිබවමින් මිලියන 500 ක පරිශීලකයන් පිරිසක් තමන් සතු කරගනිමිනි.

       FaceMail ලෙස නම් කර ඇති මෙම නව සේවාව නව විශේෂාංග රාශියකින් යුක්ත වේ. මිතුරන් අතර සන්නිවේදනය මේ නව සේවාව නිසා තවත් පහසු වී තිබේ. සාමාන්‍ය ඊ-මේල් පණිවුඩ සේවාවන් මෙන් නොව මෙහිදී SMS, E-Mail, Chat, Messenges ආදී ඕනෑම ආකාරයකින් ඔබට පණිවුඩ හුවමාරු කළ හැකියි. මෙහිදී සංවාදය සජීවී ව සිදුකළ හැකි අතර එහිදී අවශ්‍ය වන්නේ පරිශීලක නාමය පමණි. මෙහිදී මෙම පණිවුඩ සදහා Subject එකක් මෙන්ම Co, Bcc ආදියද ඇතුළත් නොවේ. පණිවුඩය යැවීමට සාමාන්‍ය චැට් සේවාවකදී මෙන් Enter කිරීම සෑහේ.

       මෙම සේවාවේ ඇති තවත් විශේෂාංගයක් වන්නේ මෙහි ඔබගේ Inbox එක ඔබගේ ප්‍රමුඛතා අනුව වෙනස් වීමයි. ඔබ වැඩිපුරම පණිවුඩ හුවමාරු කරන ඔබගේ හොදම මිතුරන්ගේ පණිවුඩ Inbox එක තුළ ඉහළ ප්‍රමුඛතාවයකින් දැක්වෙන අතර එතරම් වැදගත් කමක් නොඋසුලන පණිවුඩ Other ලෙස වෙනත් Folder එකක් කුළ දැක්වේ.

       මීට පෙර Project Titan ලෙස නම් කර තිබූ මෙම FaceMail සේවාව ඔබට ලැබෙන්නේ Invitation ස්වරූපයෙනි. FaceMail වෙත සම්බන්ධ වීම සදහා ඔබට මිතුරෙකුගෙන් ආරාධනාවක් ලැබුණු පසු ඔබටත් මෙම නව සේවාව සමග එක්විය හැකිය. එමෙන්ම ඉන් පසුව ඔබේ මිතුරන්ටත් ආරාධනා යැවීමෙන් ඔවුන්ද මෙම සේවාවට සම්බන්ධ කරගත හැකියි. ඉදිරි මාස කිහිපය ඇතුළතදී මෙම සේවාව සදහා ක්‍රම ක්‍රමයෙන් සම්බන්ධතා ලබාදීමට ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වේ. 


ස්තූතියි!

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...