ආයුබෝවන්....... පරිගණකයක වැඩ කරන විට කාලයක් තිස්සේ අපි කරන වැඩ කටයුතු වල හැටියට එකම file එක අපේ Hard Disk එකේ Parth දෙක තුනම නැත්නම් ඊටත් වඩා වැඩි ගණනක තියෙන්න පුළුවන්. මේ විදියට එකම File එක තැන් දෙක තුනක තියෙනකොට අපේ Hard Disk එකේ ධාරිතාවය නිරපරාදේ අපතේ යනවා. ඉතින් මෙහෙම duplicate වන File හොයන එකනම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ වැඩේට විශාල කාලයක් වගේම ලොකු මහන්සියකුත් දරන්න වෙනවා. අපි කරන කාර්යයන් වල හැටියට හා Hard disk එකේ ධාරිතාවය අනුව කාර්ණය තවත් අපහසු වෙන්න පුළුවන්. මේ කාර්යය පහසු කරගන්න භාවිතා කළ හැකි මෘදුකාංගයක් තමයි Fast Duplicate File Finder මෘදුකාංගය. මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය නම් මෙය Windows 98 සිට Windows 7 දක්වා සියළුම ස්ංස්කරණ වල හොදින් ක්‍රියාත්මක වීමයි. මෙමගින් ඔබගේ පරිගණකය තුළ පිහිටි Hard Disk, Removeble Disk, External Disk හා Network Disk වල පවා දත්ත සොයා බැලීමට පුළුවන්. Search කිරීම ආරම්භ කිරීම සදහා මෙම මෘදුකාංගයේ ඇති Add Folder මත ක්ලික් කර Search කිරීමට අවශ්‍ය folder එක සලකුණු කරන්න. මෙහි ඇති Scan Subfolder සලකුණු කළ විට අප තෝරා ඇති Folder එක තුල ඇති සියළුම Su...