Skip to main content

Picasa (පිකාසා)


සුබ දවසක් යාළුවනේ, අද මම කියන්න යන්නෙ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න දෙයක් ඒත්, නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුවා, ඔයාලා දන්නවා ඇතිනෙ පිකාසා කියන නම අහපු ගමන් ගූගල් සමාගමෙන් අපිට නොමිලේ ලබාදෙන තවත් සේවාවක් විත්තිය, මොවුන් මෙහි මෘදුකාංගයක් ලබා දී තිබෙනවා, එය භාවිතා කරලා කොම්පියුටර්යේ තැත තැන තියෙන පිංතූර එකම තැනකදී බලාගැනීමේ හැකියාව තිබෙනවා, මෘදුකාංගය ඉන්ස්ටෝල් කර ටික වෙලාවක් යන විට, පරිගණකයේ තිබෙන සියළුම පිංතූර සොයාදීමට සමත් මෘදුකාංගයකි, මෙමගින් අපිට දර්ශණය කරදෙන පිංතූර වල ෆෝමැට් (JPEG, GIF, TIF,PSD,PNG,BMP,RAW) ආදී ෆෝමැට් සියල්ල දර්ශණය කරගැනීමේ හැකියාව තිබෙනවා. 


මෙය අනිත් මෘදුකාංගයන් අතරින් විශේෂ වන්නේ, මෙමගින් අප විවෘත කරගන්න පිංතූරයේ සියළු විස්ථර ලබාගත හැකිවීමයි පිංතූරය පරිගණකයේ තිබෙන ෆෝල්ඩරය, තිබෙන ස්ථානය ඩ්‍රයිව් එක, ලෙහෙසියෙන් සොයා ගැනීමට පුළුවන. ඒ වගේම මෙහි තිබෙන අතින් විශේෂත්වය තමයි පරිගණකයේ තැම්පත් කර තිබෙන විවිද වීඩියෝ ෆයිල් සොයා දීමටත් මෙම මෘදුකාංගය සමත්ය, ඒ අතරින් MPEG, AVI, ASE වැනි ෆෝමැට් වලින් සමන්විත විඩියෝ දර්ශණ කර දීමටද මෙම මෘදුකාංගයට පුළුවන.

ඒ වගේම මෙම මෘදුකාංගයේ තිබෙන තවත් විශේෂත්වය තමයි, සොයාගන්නා, පිංතූරය Edit කරගැනීමට අවශ්‍ය Tools මෙම මෘදුකාංගයේම සකසා තිබීම, මෙහි Interface එක, භාවිතා කරන්නාට මිත්‍ර ශීලී විදිහට නිර්මාණය කරතීබීම ගොඩක් වැදගත්, ඒ නිසා පහසුවෙන් පිංතූරයේ වෙනස්කම් කරගැනීමට පුළුවන්, භාවිත කරන්න වැඩි දැනුමක් නැති අයෙකුට වුවත්. ඔබේ පරිගකයේ තිබෙන විවිද පිංතූර අතරේ එකම පිංතූරය කිහිප වරක්ම, විවිද තැන්වල තිබෙන්න පුළුවන්, මෙය පරිගණකයේ ඉඩ අපතේ යාමක් නේද? එහෙත් පිකාසා මෘදුකාංගයෙන් පරිගණකයේ කොතැනක තිබෙන පිංතූර වුතත් වෙන් වෙන් වශයෙන් පෙන්වන නිසා, පහසුවෙන් ඒවා හදුනාගෙන ඉවත් කරදැමීමේ හැකියාව තිබෙයි.

පරිගණයේ තිබෙන පිංතූරයක් අපට මෙම මෘදුකාංගය භාවිතායෙන් Edit සංස්කරණය කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා අනිත් මෘදුකාංග වල සරන පැතීම අඩු කරගන්න පුළුවන්, එහෙත් Photoshop වගේ දැවැන්ත වැඩ කොටසක් නම් කරගැනීමට බැරිය. සමාන්‍ය එදි නෙදා අවශ්‍යතාවයන් සදහා උචිත අයුරින් සකස් කරගැනීමට පුළුවන.

පරිගණකයට පිටතින් සම්බන්ධකරන ලද Data Storage Devise වල තිබෙන පිංතූර අදිය දර්ශණය කරගැනීමටද පුළුවන, විශේෂයෙන්ම USB Drive සහ Digital Camera ආදියෙදි, මෙවා දර්ශණය කරගැනීම මෙන්ම අවශ්‍ය පිංතූරයක් වෙතොත් වෙනත් තැනක ගබඩාකීමද පුළුවන, මෙගින් පංතූර පිලිවලට දර්ශණය කරගැමීට හැකි වීම ගොඩක් ප්‍රයෝජනවත්, වින්ඩෝස්හි භාවිත නොකොට මෙහිදීම පිංතුර සහ ෆෝල්ඩර් Rename කිරීමට පුළුවන, තවද පිංතූර Slide Show එකක් ආකරයට නැරබීමේ හැකියාව තිබෙයි.

මෙය ඔබට අන්තර්ජාලය හරහා නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ වගේම දැනට තිබෙන වින්ඩෝම් OS ස්ංස්කරණයන් සියල්ල සමග ධාවනය කරගැනීමේ හැකියාව පවතී. පහතින් Google Picasa වෙත පිවිසෙන්න (http://picasa.google.com/)


ඔබ දන්නවාද, ඔබ Gmail Account එකක් සකස් කරගත් විට ඔබට අවශ්‍ය පිංතුර සුරැකිව තබා ගැනීමට මෙම පිකාසා සේවාවත් ඔබට ලැබෙන බව, ඒ සදහා කල යුත්තේ, Gmail ගිණුම විවෘත කරගන්න, එහි උඩ තිබෙන Photo යන්න කලික් කරන්න, තැනත Username, Password අසනු ලබයි, ඒවා ලබාදීනේ Sign Up වෙන්න,
උඩ තියෙන Bar එකෙන් Photo යන්න ක්ලික් කරන්න,

ඔබට දනින් පුළුවන්, පිකාසා, වෙබ් අවකාශ්‍ය මේ සදහා අපිට 1GB ප්‍රමාණයක් දක්වා පිංතූර එකතු කිරීමේ හැකියාව තිබෙනවා, ලැබෙන මුහුනතේ Upload බට්න් එක ක්ලික් කරලා, පිංතුර එකතු කරගන්න....

ඔන්න යාළුවනේ ඔයාලා අද පිකාසා ගැනත් ඉගෙන ගත්තා, තවත් අලුත් දෙයක් කියලා දෙන්නම් අලුත් ලිපියකින් එතකම් ඔබට සුබ දවසක්, ප්‍රශ්ණ එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්න, මම ගියා...




Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...