Skip to main content

Web Browser නොමැතිව Facebook Chat කරමු



සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද? බ්ලොග් එක හොදයි නේද? :P බ්ලොග් එකට එන යන හැමෝටම ස්තූතියි, ඔයාලට අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන් උනා නම් ඒ ඇති, ඉතින් මම අද කියන්න අවේ Facebook Chat එකේදී අපිට වැදගත් කියලා හිතුන දෙයක් ගැන, අපි හැමෝගෙම වගේ Facebook Account තියෙනවා, අය නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, ඉතින් අපි අපේ Facebook එකේ ඉන්න යාළුවන් එක්ක Chat කරන්න නම්, Web Browser එකක් ආදාරයෙන් අපි Facebook.com අඩවිය වෙතට පිවිසිය යුතියි, හ්ම්...ඉතින් ඔබේ වැඩ කටයුතු කරන ගමන් පහසුවෙන් Facebook Chat කරන්න පුළුවන්, මේ සදහා අපිය සහය දක්වන මෘදුකාංග දෙයක් තිබෙනවා, පළමු එක Chit Chat ලෙස හදුන්වනවා, මේ විදියෙ තවත් මෘදුකාංගයක් තිබෙනවා ඒ තමයි, FTalk මේවා යොදාගෙන අපිට Facebook Chat කරන්න පුළුවන් සේම, Status එකක් යොදන්නත් පුළුවන්, ඒ නිසා ඔබ කාර්යය බහුල ජීවිතයක් ගත කරනවනම් මේ මෘදුකාංග අදාරයෙන් වැඩ කයටුතු පහසු කරගන්න පුළුවන.



Chit Chat For Facebook 



මෙය ඔබට නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය ඔබ සාමාන්‍ය වැව කරන වැඩ තලය හෙවත් Desktop එක මත දාවනය වන කුඩා වැඩසටහනක්, ඔබේ Facebook ගිනුමේ Email සහ Password ලබාදී මෙය භාවිතයෙන් Facebook Chat වෙත පිවිසිය යුතුයි, මෙය පහතින් Download කරගන්න.....

ඔබ විසින් Download කරගත් මෘදුකාංගය, සාමාන්‍ය මෘදුකාංගයක් Install කරන අකාරයෙන්ම Install කරගන්න, පසුව එය විවෘත කරගන්න, එහිදී ඔබට පහත පරිදි Window එකක් දකින්න පුළුවන්, එය භාවිත කර Facebook Chat පහසුකම ඇත්විදීමේ හැකියාව තිබෙනවා.



Facebook Talk (FTalk) 



මෙයත් අපිට Facebook Chat පහසුකම ලබා දෙන, මෘදුකාංගයකි, නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා කාටත් පොදුවේ භාවිත කරන්න පුළුවන්, Ftalk වෙබ් අඩවියෙන් මෙය Online Installation එකක් කරගත යුතියි, පහතින් මෙය Download කරගන්න.

ඔබ Download කරගත් කුඩා File එක Run කරන්න, එහිතී Online Installation එක ඇරබෙයි, මෘදුකාංගය Install වීමෙන් පසුව එය Open කරන්න, එහිදී ඔබට පහත ආකරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්, එය භාවිත කරමින් Facebook යහළු, යෙහෙලියන් සමග Chat කරන්න පුළුවන්.




අලුත් විදිහකට Facebook Chat කරන්න කැමති අයට අත්හදා බලන්න පුළුවන්, මෙය භාවිත කිරීම වඩාත් පහසුයි, සුබ දවසක් යාළුවනේ, ගිහින් එන්නම්.



Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...