Skip to main content

Windows 7 Android OS එකක් කරමු



සුබ දවසක් යාළුවනේ, කොහොමද ඔයාලට, ජීවිතේ සුන්දර වරදකී....හපොයි....කට්ටියම මේ දවස් වල දන්නවා ඇතිනෙ Android ගැන, මොකද Android අලුත්ම සංස්කරණය අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙස පසුගිය මාසෙ එලිදැක්වූවා  දන්න අය ගොඩක් ඇති, හ්ම්....ඉතින් මම අද කියන්න අවේ ටිකක් විශේෂ දෙයක් ගැන, අපි අතරෙ ඉන්නෙ ගොඩක් Windows 7 OS එක පාවිච්චි කරන අය කියලා අපි දන්නවනේ, ඉතින් ඔයාලා කැමති ඇති Windows 7 OS එක් භාවිත වන Interface එකෙන් ටිකක් මිදිලා, වෙන Skin එකක් පාවිච්චි කරලා බලන්න, ඒත් කවදාවත් හිතුවද අපිට Android Skin එක අපේ Windows 7 එකේදී භාවිත කරන්න පුළුවන් වෙයි කියලා....ඉතින් මම මීට දවස් දෙක තුනකට කලින් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ගැන ලිපියක් ලිව්වා, ඒකට අදාල තොරතුරු හොදයද්දින් මට හම්බුනා පට්ට බාන්ඩයක් :P මරේ මරු ඇ...ඉතින් මම ඔයාලටත් මේක කියන්න හිතුවා, මොකද ඇත්තෙන්ම මේක ගති නිසා....


ඔබ උඩ තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, ඕක මගේ කොම් එකේ නම් නෙවෙයි, ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ Android වෙස් ගන්වන්න, ඒ සදහා දැනට Version දෙකක් තියෙනවා, ඒ වගේම 32bits සහ 64bits සදහාද මෙය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා කාටත් භාවිත කරන්න පුළුවන්, හැබැයි Windows XP සහ Vista සහදා නම් මෙය සිදු කරගැනීමේ හැකියවක් නැ, මම කිව්වා නේද මේ මෑකත අපි අතරට ආපු අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ගැන, මෙහි අළුත්ම සංස්කරණය තමයි අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වර්ෂන් එක, ඉතින් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් අත්දැකීම තාම අපිට විදින්න ලැබිලා නෑනෙ, ඉතින් මෙමගින් Phone නැතිව Android පාවිච්චි කරන්න පුළුවන්.....

☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ 
මුලින්ම මම ඔබට මෙහි පළමු සංස්කරණය ලබා දෙන්නම්, ඔබ කැමති මේ විදිහට නම්, Download කරගන්න පුළුවන්, පහල පින්තූරය බලන්න, ඒ තියෙන්නෙ, මෙහි දී අපගේ Windows 7 අතුරු මුහුනත වෙනස් වන අයුරුය.


මේ විදිහට ඔබත් වෙනස් වෙන්න කැමතිද? එහෙනම් පහල File එක Download කරගන්න, ඔබ Download කරගත් File එක Extract කරගෙන Install කරන්න, Computer එක Restart කරලා වෙනස අත්විදින්න.






Download කරගත්ත File එක Extract කරගන්න, Setup එක Run කරන්න මෙය Next කරගෙන ඉදිරි පියවර ටික කරගෙන යන්න, සියල්ල දැකුවුවොත් Blog Post එක අනවශ්‍ය ලෙස දිග වැඩි වෙන්න පුළුවන්. Setup එක අවාසානයේ පරිගණකය Restart කරන්න.


☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ ☢ 

දැන් අපි බලමු මෙහි අපිට හදුන්වා දුන් අලුත්ම සංස්කරණය ගැන, මම කලින් කීවා වගේ මෙයත් පැමිනියේ Android 4.0 නිකුත් වීමෙන් අනතුරුවයි, ඉතින් අපිට පුළුවන්, මේ අත්දැකීම රස විදින්න, පහත පිංතූරය බලන්න, එහි තිබෙන්නේ මෙම නව සංස්කරණයේ මූලික පෙනුම


මේ විදිහට ඔබත් වෙනස් වෙන්න කැමතිද? එහෙනම් පහල File එක Download කරගන්න, ඔබ Download කරගත් File එක Extract කරගෙන Install කරන්න, Computer එක Restart කරලා වෙනස අත්විදින්න.






Download කරගත් File එක Extract කරන්න, පසුව එහි තිබෙන Setup File එක Run කරන්න, මෙර පරිදිමයි, සාමාන්‍ය Setup එකක් ආදරයෙන් සිදු කරගෙන පරිගණකය Restart කරගන්න......


මේ තියෙන්නෙ මගේ Desktop එකේ පෙනුම, අද විතරයි කට්ටියම බලාගත්තනම් :P ස්තූතියි ඔබට, සුබදවසක් හැමෝටම, අලුත් ලිපියකින් හමුවෙමු, ගිහින් එන්නම්.....


☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ ☠ 



Comments

  1. අත්තම කිවුවොත් මේත theme 1ක් නේද...?

    ReplyDelete
  2. ela aa man mac theme 1k thma W7 wlta dla tiyenne.....
    mekt instl krmuko ...
    thnx bro.......

    ReplyDelete
  3. එලස්.....ස්තූතියි කමෙන්ටුවට.......

    ReplyDelete
  4. නියම වැඩක්.මරේ මරු. අප්පා

    ReplyDelete
  5. @සුභාෂිණි ගුණවර්ධන ස්තූතියි ඔබට........

    ReplyDelete
  6. meka uninstall karanna puluwan ne?? aulak yanne na ne???

    ReplyDelete
  7. @Anushka, ඔව් Uninstall කරන්න පුළුවන්

    ReplyDelete
  8. patta pata pata...

    ReplyDelete
  9. elakiri thx wewa .... yaloo ubuntu and mac skin nadda me wage?

    ReplyDelete
  10. තියෙනවා, Mac එකේ Skin Pack එක මම මේ බ්ලොග් එකේම දාලා තියෙනවා යාළුවා, http://pariganakalipi.blogspot.com/2011/12/windows-7-mac-os-apple.html

    ReplyDelete
  11. kohomada yaluwane ,....
    yalu wanta kiyanna puluwanda win vista 2008 1ka kata win xp dala / WLAN drive's daganna mata udu wenna....
    thank u

    ReplyDelete
  12. ප්‍රශ්ණය ටිකක් විතර පැහැදිලි නැහැ යාළුවා.....

    ReplyDelete
  13. Oka palaweni eka dala reboot kalama os eka enne na..BOOTMGR image is corrupt. The system cannot boot kiyala watenawa on wenne na..Tika welawakin dapuwama hari..Moko karanne?

    ReplyDelete
  14. meka ain karanne kohomada?

    ReplyDelete
  15. kiyla wedak niyamai...thank you hasitha....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...