Skip to main content

Windows සහ Office සිංහලෙන්



සුබ දවසක් ඔයාලට..... මේ නොදන්න අයට විතරයි!, ඔන්න මුලින්ම කිව්වා, මේකයි ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්, ඒ තමයි අපේ භාවිත කරන වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති දෙක අපේ තාලෙට ගන්න පුළුවන් විත්තිය. ඒ කියන්නේ Microsoft එකේ අපිටම වෙන්වූ වෙබ් පිටුවක් තියෙනවා, මේ වෙබ් පිටුවෙන් අපිට අපේ සිංහල භාෂාවට අයත් Language Pack නොමිලේ Download කරගන්න පුළුවන්, මේ Language Pack, වින්ඩෝස් විස්ටා සහ 7 සදහා පමණයි, ඒ වගේම මෙහිදී Microsoft Office Pacage එකත් සිංහලට හරවා ගන්න පුළුවනි. එයට අපි කල යුත්තේ එතා පහසු පියවරවල් කිහිපයක් පමනි, ඒ වගේම මේ සිංහල Language pack එක Install කලා කියලා වින්ඩෝස් එක සදාකිලිකං සිංහල වෙන්නෙ නෑ....අපිට අවශ්‍ය වෙලාවට භාෂා දෙක අතර මාරුවීමේ හැකියාව තිබෙනවා, ඔබත් කැමතිනම් ඔබේ වින්ඩෝස් එක වෙස් පෙරලන්න, පහත වෙබ් අඩවියට ගිහින් එය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා......



Windows සිංහලට හැරවීම----------------------------

කලින් ලික්ක් එක ක්ලික් කලාම මෙම වෙබ් පිටුව විවෘත වේවි, මෙහිදී අපිට Language Pack නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 සදහා පමණයි මේ Language Pack තිබෙන්නේ, එහෙත් වින්ඩෝස් විස්ටා භාවිත කරන්නෙක් සොයාගැනීමට අපහසු තරම්, අපි බලමු වින්ඩෝස් 7 භාවිත කරනෙක් මෙය සිදු කරගන්නා අකාරය...


මෙය ක්ලික් කරන්න, නව වෙබ් පිටුවක් විවෘත කර දෙයි, එහි ටිකක් පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළුවන්, ගොනු දෙකක්, ඒ 64bits සහ 32bits සදහා, ඔබේ OS එක අනුව මෙය තොරගෙන, බාගැනීම බට්න් එක ක්ලික් කරන්න, 


බාගත් නොනුව සාමාන්‍ය මෘදුකාංගයක් පරිගණකයට install කරන ආකාරයටම install කරන්න, අවසන් පියවරේදී ඔබෙන් අසයි, Language එක මාරු කරන්න, එහිදී ඔබ Sinhala ලෙස තොරා දෙන්න, කොම් එක Log Off කරලා On කරන්න.......

ඔබේ පරිගණකයේ භාෂා මාධ්‍ය සිංහලට මාරු වෙලා තිබෙනු දකින්න පුළුවන්, අපට අවශ්‍ය වෙලාවට මේ භාෂාවන් අතර මාරු වීමේ හැකියාව තිබෙනවා, එය සිදු කරගන්න විදහත් විමසමු. (කලින් වතාවේදී භාෂාව හරිහැටි වෙනස් කරගැනීමට නොහැකී වූවා නම්, ඒ අයටත් මේ විදිහට සිදුකරගැනීමට පුළුවන්) පලමුවෙන්ම, Control Penal (පාලක පුවරුව) වෙත පිවිසෙන්න, එහි තිබෙන, Region And Language (කලාපය සහ භාෂාව) යන්න, පසුව උඩ තිබෙන Tab වලින් Keyboards And Language (යතුරු පුවරුව සහ භාෂා) වෙතට යන්න, එහිදී දකින්න පුළුවන්, Choose a display language (දැක්වුම් භාෂාවක් තොරන්න) යන්නට පහලින් List Box එකක්, හරි සිංහල සහ English දකින්න පුළුවන්, අවශ්‍ය භාෂාව තොරගෙන, Apply සහ Ok බට්න් දෙන ඔබන්න....



මේ විදිහට ඔබේ වින්ඩෝස්හි භාෂාව අපේ භාෂාවට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා, මෙය සිදුකරගැනීමේදී ප්‍රශ්ණ එහෙම තියෙනවනම් පහලින් Comment කරන්න.....





Microsoft Office 2010 සිංහලට හරවා ගැනීම-------

දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ, Microsoft Office 2010 සංස්කරණය, ඉතින් අපිට අපේ සිංහල භාෂාවට පරිවර්ථනය කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ සහදා මම ඉහතින් ලබා දුන් වෙබ් ලින්ක් එකෙන්ම සිංහල Language Pack එක Download කරගන්න පුළුවන්.....http://www.microsoft.com/en/lk/


මෙය ක්ලික් කරන්න, ඔබට නව වෙබ් පිටුවක් විවෘත කර දෙයි, එහිද පෙර පරිදිම පහලට පැමිනෙන්න, ඔබේ වින්ඩෝස් එක අනුව Language Pack එක Download කරගන්න, 


ඔය විසින් Download කරගත් ගොනුම Install කරගන්න, පසුව භාෂා මාධ්‍ය වෙනස් කිරීමට, පහත පියවර අනුගමනය කරන්න, පළමුවෙන්ම, Start යන්න, All Programs යන්න, එහි තිබෙන Microsoft Office තොරන්න, පසුව Microsoft Office 2010 Tools යන්න, Microsoft Office 2010 Language Preferences ක්ලික් කරන්න, එවිට පහත අකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි...


මෙහි, දැක්වුම් භාෂාව ලෙස, සිංහල තොරන්න, පහල තිබෙන, පෙරනිමිය ලෙස පිහිටුවන්න, බට්න් එක ක්ලික් කරන්න, උදව් භාෂාවත්, සිංහල ලෙස තොරාගෙන, පෙරනිමිය ලෙස පිහිටුවන්න, බට්න් එක ඔබන්න, ඉන්පසු පහල තිබෙන හරි නම් බට්න් එක ක්ලික් කරන්න.......වෙනස් කිරීමේ සාර්ථකයි......ඔබ දැන් Office විවෘත කර ගන්න, සිංහල භාෂාවට මෙය මාරු වී තිබෙනු දකින්න පුළුවන්.....


ඔන්න යාළුවනේ අද ඉදන් ඔයාලටත් සිංහල භාවිත කරන්න පුළුවන්, මේ ක්‍රියාවලිය සිදු කර ගැනීමේදී ප්‍රශ්ණ එහෙම මතු උනොත් කමෙන්ට් එකක් දාන්න උදවු කරන්නම්.....ස්තූතියි!! සුබ දවසක්......







Comments

  1. sinhala walata dagena aith english walata harawagaththath samahara dewal digatama sinhalen pennawane.welcome screen ekath sinhalen pennanne.kohamada eka hadaganne?

    ReplyDelete
  2. meka windows 8 valata barida?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව