Skip to main content

RockMelt Social Browser


සුබ දවසක් යාළුවනේ, ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තට, මේ පැත්තට එන්නෙ නම් අලුත් දෙයක් අරගෙන, හිස් අතින් නම් නෙවෙයි...:P මොකක්ද? මේ අලුත් ගැජට් එක, වෙන මුකුත් නෙවෙයි මෙයත් මම කලින් දවසෙ ඔයාලට දුන්න Facebook Web Browser එකක්, ඉතින් මේක තමයි දැනට ඉතුරුවෙලා තියෙන හොද තත්වයෙන් තියෙන Social Browser එක, කලින් ලිපියෙදී මම කිව්වා, Flock Browser එක ගැන, ඒත් ඒක දැන් වැඩ නතර කරලනේ, ඒ කිව්වෙ Flock නිර්මාණය කරවූ සමාගම මේ Browser එක ඉදිරියට වැඩි දියුනු කිරීම නවතා දමා තිබීමයි! මොනවා කරන්නද? දුක තමයි, ඇයි දුක්වෙන්නෙ :P මේ තියෙන්නෙ ඒකට විසදුම, මේ Browser එක ඔයාලා වැඩි දෙනෙක් දැනට පාවිච්චි කරන Google Chrome Web Browser එකෙහි Interface එකට බොහෝ දුරට සමාකම් දක්වනවා...Interface එක විතරක් නෙවෙයි, Chrome එකේ කපාපු පළුව, හික්ස්.....ඒ Setting භාවිත කරගෙන තමයි කරලා තියෙන්නේ, තව Social වැඩ එකතු කරලා තියෙනවා, බලන්න පහල තියෙන පිංතූරය,



ඔබ Browser එක Open කලාම, මේ විදිහෙ Windows එකක ලැබෙනවා, මෙතනින් ඔයාට පුළුවන් ඔයාගෙ Facebook Account එකට Login කරන්න, Email සහ Password දීලා Login බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔයාට Browser එක Open වෙයි, බලන්න, මෙහි සියල්ල Google Chrome වෙබ් බර්වසර් එකට හාත් පසින්ම සාමානයි නේද? ඒ තමයි මෙහි තියෙන විශේෂත්වය, මම කලින් ඔයාලට හදුන්වාදීපු Facebook Browser එකේ Facebook විතරයිනෙ ලොග් වෙන්න පුලුවන්, මෙහිදී එහෙම නොවයි, Facebook, Twitter, Gmail, Youtube මේ සියල්ල ලොගින් කරගෙන අපගේ අනිත් වැඩ කරගන්න පුළුවන්, ඒ වගේම මෙයටත් Application පහසුකම තියෙනවා, ඒ නිසා විවිද විශේෂාංග එකතු කරන්න පුළුවන්, මේ තමයි Browser එක....


ඉතින් ඔයාලටත් දැක්කම ආස හිතෙනවද, හ්ම්.....ටිකක් විශේෂ එකක් නිසා, එහෙනම් ඔයාලටත් මේ Browser එක Download කරගෙන Install කරලා අත්හදා බලන්න පුළුවන්, මට නම් වැඩි අවුලක් පෙනුනෙ නෑ.....ඔක්කොම එකම තැනකින් එකම වෙලාවක කරගන්න පුළුවන්, එහෙනම් පහලින් Download කරගන්න.



Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...