Skip to main content

Facebook Web Browser



ඔබ දන්නවා ඇති, මීට අවුරුදු දෙකකට විතර කලින් Social Network Web Browser එකක් පැමිනියා, එය තමයි ලොව පලමු Social Network Web Browser එක නමින් පිදුම් ලැබුවේ, මෙය හැදුන්වනු ලැබුවෙ Flock යන නමිනි, මෙම Browser එක වැඩි දියුනු කර තිබුනේ Mozilla Firefox Web Browser එකෙහි භාවිත කරන Source Code වලිනි, ඒ වගේම Mozilla Firefox Browser එකත් සැකසනු ලැබුවේ Netscape Web Browser එකෙහි භාවිත කරගත් Source Code වලින් බව ඔබ දන්නා රහසකි, අවාසනාවට එකල තිබූ Browser යුද්ධයෙන් Netscape පරාජයට පත්වුනා, Internet Users ලගෙන්, 95% ක් තරමි විශාල පිරිසක් මෙම Netscape web Browser එක භාවිත කලා, එහෙත් අවාසනාවට ටික කලක් ගත වන විට, මෙම Browser එක Safety අතින් ගොඩක් දුර්වල බවත් ලොවට හෙලිවිය, පසුව මෙහි තත්වය 0.06% දක්වා පහල වැටුනි, ඒ සමගින් Netscape ආයතනය ඔවුන්ගේ මෙම Browser එක නවතා දැමීමට කටයුතු කර තිබුනි.



ඉන් ටික කලකට පසු Netscape ආයතනය විසින්ම මෙහි භාවිත කෙරුනු Source Code ලෝකයාට හෙලි කලා, ඒ අනුව Mozilla ආයතනය විසින් Netscape හි භාවිත කල Source Code වැඩි දියුනු කරමින් නව Web Browser එකක් එලි දක්වනු ලැබුවා, Free version එකක්, කලින් Netscape Web Browser එක, නොමිලේ ලබා දුන් එකක් නොවේ, මුදල් ගෙමීව් කර ලබා ගත යුතුව තිබුනි, එදා පටන් අද වෙනකම් Mozilla Firefox දිගු කාලයක් වැජබෙමින් සිටිනවා, ඒ එහි තිබෙන ගුණාත්මක බව සහ කාරයක්ෂමතාවය නිසා විය යුතුයි, මෙහි නවතම Version එක ලෙස නම් දරන්නෙ Mozilla Firefox 8.0 සංස්කරණය, ඉතින් මම කලින් කිව්වෙ, Flock නමින් Social Network Web Browser එකක් මෙලොව එලිය දුටු වග, අවාසනාවට මෙයත් අසාර්ථක විය, මෙම Browser එකද අද වන විට නවතා දමා තිබෙනවා, එහෙත් මෙහි, 2.6.1 Version එක දක්වා ලොකයා අතර බෙදා දුන්නෙමි, මා සතුවත් තිබෙනවා. 
ඒ වගේම මේ ඊයේ පෙරේදා නැවත Facebook සදහා නිර්මාණය කරවූ Web Browser එකක් තිබෙනවා, මෙය ඇත්තෙන්ම ඉතා කුඩා වෙබ් බර්ව්සර් එකක්, හිතාගන්නත් අමාරුයි මේ Web Browser එකක්ද කියලා, File Size එක දැක්කම, 363 KB තරම් මෙය කුඩාය, ඉතින් මෙය භාවිත කරන්න පොඩි බියක් තියෙන්න පුළුවන්, එහෙත් වෙන දෙයක් වෙන්න, මම Download කරගෙන Install කරලා FB log වෙලා බැළුවා, හ්ම්......කියන්න තරම් වරදකුත් නැහැ, මෙහි තිබෙන විශේෂත්වය වන්නෙ, එකවර Facebook Account අවශ්‍ය තරම් Login කිරීමේ හැකියාවයි, New Tab වලින් කෙලින්ම Facebook Account වලට Log කරන්න තියෙන්නෙ, ස්පීඩ් එක අතින් ගත් කල කියන්න තරම් වරදකුත් නැති තරම්, මොකද හොද තත්වයේ ස්පීඩ් එකක් තිබුනා, මේ තරම් පොඩි Web Browser එකක් වැඩ කරන්නෙ කොහොමද? නැතිනම් මෙය අපේ OS එකේ තියෙන Internet Explore හවුලේ භාවිතා කරන්ක් ලෙස සකසා තිබෙන්නක්ද? පොඩි සැකයක් තිබෙනවා, කොහොම උනත් වැඩේ නම් හොදයි මොකද මේක තාම 1.0 beta version එකක් නිසා.......මෙය Develop කර තිබෙන්නේ, Microsoft Visual Studio 2010 සහ C# භාවිතයෙන්, ඔන්න ඔයාලටත් දැන් Download කරගෙන බලන්න පුළුවන්, පහත පිංතූරය උඩ ක්ලික් කරන්න.


Comments

  1. Facebook විතරක් යන්න නම් හොදයි වගේ....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...