Skip to main content

Google IME Offline Install කරමු



සුබ දවසක්, ඔයාලට.......අදත් මම ආවා බ්ලොග් පොස්ට් එකක් දාන්න, අද කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Google IME එක එක පාරක් Download කරගෙන හැමදාටම තියාගන්න විදිය.ඔයාලගෙන් ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්ණය තියෙන්න ඇති, ඔයාගෙ කොම්පියුටර් එක ෆෝමැට් කරන වාරයක් පාසා Google IME එක Online Installation එකක් කරගන්න ඕනෙ නිසා හැමදාම Download කරගන්න ඕනෙ.....මේක මහ වදයක් කියලා තිතුන අය ඉන්නවනම් අත උස්සන්න :P ඒ වගේම තවත් දෙයක්, මේ Google IME එක Online Installation එක නිසා, Internet නොමැති පරිගණකයට මෙය Install කරගැනීමට නොහැකි විය. හ්ම්......මීට කලින් මේ ප්‍රශ්ණය මගෙත් දෙතුන් දෙනෙක් ඇහුවා, දත්ත තරමින් උදවු කලා, ඔන්න අද ඔයාලා හැමෝටම කියලා දෙන්නම්....අපි අතර Singlish විදිහට ටයිප් කරන ගොඩක් අය ඉන්නවනෙ, ඔයාලට තමයි මේ Google IME එක වැදගත් වෙන්නෙ, හැමදාම Download කරන එක කරදරයි නම්, එයාලටත් මේක හොදයි. මේ සදහා අපි එක වතාවත් මෙය Download කරගන්න ඕනෙ, ඒ සදහා http://www.google.com/ime/transliteration/ මෙම ලින්ක් එකට ගිහින්, Choose Language List Box එකෙන්, Sinhalese තොරන්න, පසුව OS එක අනුව 32bit, 64bit තොරගෙන, Download Google IME ක්ලික් කරන්න...

එවිට මෙය ඔබේ පරිගණකයට Download වීම ඇරබෙයි, ඔබට සාමාන්‍ය කුඩා File එකක් Download වේවි, එය භාවිත කර තමයි Download කරගත යුත්තේ, එය Double Click කර Open කරගන්න, එවිට Download වීම අරබෙයි, මේ සදහා යම් වෙලාවක් ගත වේවා ඔබේ Connection Speed එක අනුව. අනතුරුව එබට දකින් පුළුවන්, End user license agreement වින්ඩෝ එක, මෙයි මුකුත් සිදු කරන්න එපා, මෙයින් නවතින්න.


පසුව, RUN එක විවෘත කරගන්න, Start >> Run හෝ Windows key + R එකවර එබීමෙන් Run Window එක විවෘත කරගැනීමට පුළුවන. පසුව එහි මේ විදිහට ටයිප් කරන්න, %programfiles%\Google\Update\Download මෙය යොදාගෙන Enter key එක ඔබන්න.



දැන් ඔබට Window එකක් විවෘත වනු දකින්න පුළුවන්, මෙහි විදිහෙ ෆෝල්ඩර් එකක් දකින්න පුළුවන්, {06A2F917-C899-44EE-8F47-5B9128D96B0A} මෙය විවෘත කරන්න, මෙහි ඔබට දකින්න පුළුවන්, Google IME Setup එක, මේ නමින්, googlehindiinputsetup.exe හ්ම්......



ඉතින් අය හැමදාම Download කර කර ඉන්න ඕනෙ නෑ......Download කරගත්ත File එක වෙනත් Partition එකක තියාගන්න......ඔන්න යාළුවනේ කතාව අහවරයි.....ප්‍රශ්ණ තිබුනොත් කියන්න.....මම ගියා, බුදු සරණයි

Comments

  1. meka configure karana hati kiyannako yaluwa.mage english sinhala akuru kalawame type wenawane....????????????

    ReplyDelete
  2. මේ තියෙන්නෙ Google IME එක, අමුතුවෙන් Configure කරන්න දෙයක් නැ, ඔයා Language Bar එකෙන් Type කරන්න ඕනෙ Language එක තොරගෙන Type කරන්න තියෙන්නෙ, ඕකෙන් Type වෙන්නෙ Singlish විදිහට...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...