Skip to main content

USB Drive සදහා Portable Apps Install කරමු


ආයුබොවන්, ඔයාලා හැමෝටම, අද නිදහස් දවස නිදහසේ ලිපියක් ලියන්න මේ පැත්තට සෙට් වුනා, අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්, මොකද පරිගණයක් භාවිත කරන්නන් අතර USB Drive එකක් නොමැති පරිගණක භාවිත කරන්නෙක් සොයාගැනීමට නොහැකි තරම්. අපිට USB Drive එකක් ඒ තරම් ප්‍රයෝජනවත්, USB Drive නැතිනම් නිකම් අපරාදේ CD/DVD නාස්ති කරයි. x:D ඔයාලා දන්නවා ඇතිනෙ, මේ Portable Apps ගැන, දන්නෙ නැතිඅයට කෙටියෙන් කිව්වොත් මේවා අපේ පරිගණකයේ Install කරන්නෙ නැතිව Run කරන්න පුළුවන්, ඒකයි විශේෂත්වය. හ්ම්, අපි USB Drive එකක් අරගෙන ගෙදර තියන් ඉන්නෙ නැහැනෙ, මේක ලොකෙ වටේ අරන් යන එක අපේ පුරුද්ද? x:D හ්ම්, හිතන්න ඔයා Internet Cafe එකකට යනවා කියලා, Cafe එකෙන් අපිට ඕනෙ මෘදුකාංග නැහැනෙ, ඒහෙම වෙලාවට අපි අමාරුවේ වැටෙනවා, එහෙම වෙන්නෙ නැහැ, ඔයාලට USB එකට, ඔබට අවශ්‍ය මෘදුකාංගයන් Portable Apps විදිහට Install කරගෙන තිබුන නම්, අපි බලමු මේ ගැන.


මේ සදහා අපි මුලින්ම කරන්නෙ ඕනේ, අපිට PortableApps.com වෙබ් අඩවියෙන් අපිට නොම්ලේ ලබාදෙන කුඩා මෘදුකාංගයක් Download කරගත යුතු වෙනවා, ඒ හරහා ඉතිරි Apps Install කිරීම සිදු කරයි. මුලින්ම එහෙනම් ඒ මෘදුකාංගය Download කරගන්න.



ඉහලින් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය, Open කර, Install කරන්න, එහිදී, මෙය Install කරයුතු ස්ථානයක් ලබාදිය යුතු වෙනවා. එහි Browse බට්න් එක ක්ලික් කරලා, ඔබේ USB Drive එක තොරා දීමෙන් අනතුරුව Install කරන්න. Install වීමෙන් අනතුරුම පහත අකාරයේ Window එකක් දකින්න පුළුවනි.


මේ ඔබට දකින්න තිබෙන්නේ, ඔබ Install කරන ලද, මෘදුකාංගය Run වෙන අයුරුයි. අපි අනෙකුත් Portable Apps සියල්ල Install කරන්නෙ, මේ හරහාය. ඒ සදහා බලන්න මෙහි තිබෙනවා Apps ලෙස Option එකක්, එය ක්ලික් කර, Get More Apps ක්ලික් කරන්න, 


ඔබට මේ විදිහෙ Windows එකක් දකින්න පුළුවන්, මෙහි ඔබට Portable Apps සිය ගණනක් දකින්න පුළුවන්, ඒ වගේම එහි Details බලන්නත් පුළුවන්, බලන්න Category කරලා තියෙන්නේ Apps සියල්ලම, ඔයාලට කරන්න තියෙන්නේ, මෙතනින් අවශ්‍ය Apps ඉදිරියෙන් හරි ලකුන යොදාගන්න එක, අවශ්‍ය Apps තොරාගැනීමෙන් අනතුරුව Next බට්න් එක ක්ලික් කරන්න.


දැන් ඔබට පේනවා ඇති, ඔබ විසින් තෝරාගත් Apps Download කිරීම සිදුවෙනවා. ඉන් අනතුරුව Install වීම සුදුවේ.


මේ විදිහට Portable Apps Install වීම සුදුවෙමින් පවතී, ඉන් අනතුරුව. ඔබට මේ විදිහෙ කුඩා MSG Box එකක් දකින්න පුළුවන්, දැන් ඔබ විසින් තොරාගත් Apps Install වී අවසන්, 


ඉහත පියවරයෙන් පසු, ඔබ විසින්, PortableApps.com එක විවෘත කර බැළුවොත්, එහි දකිනන් පුළුවන්, ඔබ Download කරගත් Apps ටික Install වි තිබෙන අයුරු.


හ්ම්, දැන් ඔයාලට පේනවා ඇති, මම නම් Opera Browser එක, විතරයි, තවම Install කරගත්තෙ, මේ විදිහට, ඔයාලට නිතර අවශ්‍ය වන වැදගත් මෘදුකාංගයන් Games හො Install කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න එහෙනම් යාළුවනේ, අපිට පොඩි සහයොගයක් දීලා යන්න අමතක කරන්න එපා, Fan Page එකට Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක්, එහෙම දීලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු, ස්තූතියි ලිපිය කියවූ ඔබ සැමට. ගිහින් එන්නම්, සුබ දවසක් !

Comments

  1. හොඳ වැඩක් යාළුවා..

    ReplyDelete
  2. ස්තූතියි මිතුර,

    ReplyDelete
  3. mare maru machoooooooo.........
    elazz..

    ReplyDelete
  4. මචන් මෙවා වටින්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් ප්‍රිවිලේජ් නැතුව උනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් නිසා. මමත් මේවා ගොඩක් පාවිච්චි කරනව. ඩවුන්ලෝඩ් මැනේජර් වගේ ඒවා මාර වටිනවා.

    ReplyDelete
  5. ස්තූතියි මිතුර....

    ReplyDelete
  6. Pen Drive Ekata Background Image Ekak Daaganne Kohomada Kiyala Kiyanna Puluwanda.?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...