Skip to main content

මුහුණු පොතේ අලුත් Photo Viewer එකට ඇකමැති නම් පරණ Photo Viewer එක දාගන්න



ආයුබොවන්, සියලු දෙනාටම. හ්ම් කොහොමද? ඔයාලට, අදත් අලුත් දවසක්, අලුත් ලිපියක් ලියන්න හිතුනා, ඒ නිසා ඔන්න මේ පැත්තට ආවා, අද මම කියන්න යන්නේ මුහුනු පොත හා සම්බන්ධ ලිපියක්, මුහුනු පොතේ ඔයාලා දන්නවනේ මේ දවස්වල නිතර නිතර විවිද යාවත්කාලීන වීම් සිදුවෙන බවත්, හ්ම් මීට පෙර අලුත් Update එකක් සිදුවූවා, ඒ තමයි Photo Viewer එකට අලුත් පෙනුමක් ලැබීම. එහෙත් සමහරක් මෙයට අකමැතියි. එයාලා කැමති කලින් තිබ්බ Photo Viewer එකට. හ්ම් ඒ එයාලගෙ කැමැත්තනේ, අද මම කියන්න අවේ, ඒ අකමැති අයට අයෙත් පරන Photo Viewer එකම දාගන්න පුළුවන් විදිහක් ගැන. මේක අකේ ප්‍රධාන Web browser දෙකම සදහා ක්‍රියාත්මක කරගැනීමට පුළුවනි.


මුහුණු පොතේ, අපිට කලින් තිබ්බෙ, මේ පහල පිංතූරේ තියෙන විදිහෙ Photo Viewer එකක් නේද? දැන් නම් එය වෙනස් වෙලානෙ. 

ඉහත පිංතූරේ තියෙන්නේ, අපිට කලින් තිබ්බ Photo Viewer එක, ගොඩක් දෙනෙක් අකමැතියි මේ නිතර නිතර මුහුණු පොතේ සිදුවන විවිද වෙනස්වීම් වලට. මේ අලුත් Photo Viewer එකෙන්, පිංතූරේ Quality එක අඩු කරනවා. 


මෙන්න මේ විදිහට තමයි මේ අලුත් Photo Viewer එක සහ පරණ Photo Viewer එක අතර තියෙන වෙසන, හ්ම් අකමැති අයට පුළුවන්, අද ඉදන් පරණ විදිහට මාරු වෙන්න, මේකත් කරන්න අපි අපේ Browser එකට Install කරගන්න, Eatension එකක් අදාරයෙන්ම තමයි, වැඩි දෙයක් නැහැ, අපිට තියෙන්නෙ Extension එක අපේ Web Browser එකට Install කරගන්න එක විතරයි. එහෙනම් බලමු ප්‍රධාන Browser දෙක සදහා මේ Extension එක ගැන.

Google Chrome සදහා මෙය සරලයි, මොකද අනෙකුත් Add-on වල සහය පැතීමට අවශ්‍ය නැති නිසා, මෙතනින් යන්න එහි තිබෙන Add Chrome බට්න් එක ක්ලික් කරලා Extension එක Install කරගන්න.

Mozilla Firefox සදහා අපිට මෙම User Script එක Install කල යුත්තේ, Greasemonkey Add-on එක හරහාය. මුලින්ම එය Install කරගන්න, පසුව Browser එක Restart කර, මෙම User Script එක Install කරගන්න.

හ්ම්, ඔය විදිහට, ඔයාලට පුළුවන්, අලුත් Photo Viewer එකෙන් මිදිලා, පරණ Photo Viewer එකට මාරු වෙන්න, එහෙනම් ඔයාලය මෙච්චර උදවු කරන්න අපිටත් උදවුවක් විදිහට, අපේ Fan Page එකට, Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා, තවත් මේ වගේ අලුත් ලිපියකින් හමුවෙමු. එතෙන් ඔබට සුබ දවසක්, ගිහින් එන්නම් !

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...