Skip to main content

Malware වලින් ආරක්ෂා වී සිටීමට -: Malwarebyte’s Anti Malware


ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද? හොදින් ඇති කස්ටියම, ඔයාලාට මම අද කියන්න යන්නේ, Malware ගැන, මේවගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? කියලා, ඔයාලා කැමති ඇති කියලා හිතුවා, මොකද මැල්වෙයා වලින් ලොකු ලොකු ගේම් ගහන්න බලන් ඉන්න අය ලෝකේ පුරු ඉන්නවා, ඔයාලා දන්නෙවත් නැතිව Malware වලට ගොදුරු වෙන්න පුළුවන්, එහෙම උනොත් කාට කියන්නද? ඔයාලටත් නොදැනිම ඔයාගෙ පරිගණකයේ තිබ්බ තොරතුරු වෙන කෙනෙක් හෝ පිරිසක් අත පත්වෙන්න පුළුවන්, ඔයාලා වටිනා, ලියකියවිලි, මුර පද, මුදල් ගණුදෙනු කාඩ් අංක, ඔබේ පරිගණකයේ සමහරක් ෆයිල්ස් මකා දැමීටත් පුළුවන්, ඉතින්  ඔයාලාටත් මෙහෙම දෙයක් වෙන්න කලින්, අපි මේ Malware වලින් ආක්ෂාවී සිටීමට කරගත හැකි පිළිවෙත් ගැන දැනගෙන, ඒවා ක්‍රියාත්මක කර තිබ්නොත්, තිබෙන අවධානම අඩුයි. ඒ නිසා මම අද ඔයාලට කියන්න අවේ මේ Malwarebyte’s Anti Malware මෘදුකාංගය ගැන, පහලින් ඒ ගැන බලමු.

අපි අතර ඉන්න හැමෝගෙම දැනුම එක වගේ නැහැනේ, තාමත් මොකක්ද? මේ 
Malware කියන්නෙ කියලා නොදන්න අය ඇතිනෙ, නමට විතරක් දැනගෙන වැඩක් නැහැනෙ, වෙන්නෙ මොකක්ද? කියලා දැනගන්න ඕනෙ නිසා, මුලින්ම අපි ඒ ගැන බලමු.


Malware එකක් ලෙස අප හදුවන්නේ ද්වේෂසහගත වැඩසටහනක්, මෙයින් කරන්නේ අපේ පරිගණකයේ තිබෙන තොරතුරු සොරාගන්න එක. එය තමයි මෙහි මූලික ක්‍රියාවලිය. අපගේ Credit Card Details, Password ගොඩක් වෙලාවට සොරකම් කරනවා, මෙමගින් තවත් දෙයක් සිදු කරනවා, අප පරිගණකයේ තිබෙන වැදගත් Files මකාදමන එක, මේ සියල්ල සිදුවන්නේ, ඔබගේ කිසිම වැදිහත්වීමක් හෝ අනුදැනුමකින් තොරවයි. ඒ නිසා අපි මේවගෙන් අපේ පරිගණකය ආරක්ෂා කරගත යුතුයි. මේ ගැන ගූගල් සමාගම විසින් නිකුත් කරන ලද වීඩියෝ එකක් පහල තියෙනවා, අවශ්‍ය අය නරඹබන්න.



අපි කොහොමද මේවගෙන් ආරක්ෂා වී සිටින්නේ, ඒ සදහා අපි කරන්නේ, විවිද ප්‍රති මෘදුකාංග භාවිත කරන එක, ඔබේ Virus Guard එක මගින්, මේ සදහා අරක්ෂාවක් සපයනු ලබනවා, එහෙත් අද වන විට Malware වලටම විශේෂිත වැඩසහන් බිහිවෙමින් පමතිනවා. ඒ Malware නවතාලීම අපහසු නිසා. මේ අතරින් වඩාත් ජනප්‍රිය, සහ හොද තත්වයේ තියෙන මෘදුකාංගයක් තමයි මේ Malwarebyte’s Anti Malware ලෙස හදුන්වන්නේ, එහෙත් මෙය අපිට නොමිලේ ලබාගැනීමේ හැකියාවක් නොමැත, 25 US Dollars  ලබාදීමට සිදුවෙනවා. හ්ම් ඒත් එහෙම ඕනෙ නැහැ, මම දෙන්නම් ඔයාලට ඒ මෘදුකාංගය නොමිතේම, මේ සදහා අපි Serial Key එකක් තමයි භාවිත කරන්නෙ, ඔයාලට පුළුවන් පහලින් ඒ මෘදුකාංගය Download කරගෙන ඔබේ පරිගණකයේ Install කරගන්න, ඉන්පසු ඔබ ආරක්ෂිතයි. මෙහි තිබෙන අනෙකුත් විශේෂත්වය තමයි, ඔබේ ප්‍රතිවෛරස මෘදුකාංගය සමහ සුහදව ක්‍රියාකිරීමයි :-) අපි පහලින් මෙය Download කරගමු.



ඉහතින් Download කරගත් මෘදුකාංගය, Install කර,  මෙහි Serial.txt File එකෙහි තිබෙන කැමති Key එකක් ලබාදී Active කරගන්න. මේ තියෙන්නේ මෙම Malwarebyte’s Anti Malware මෘදුකාංගය.


Features :

  • Light speed quick scanning.
  • Ability to perform full scans for all drives.
  • Malwarebytes’ Anti-Malware protection module. (requires registration)
  • Database updates released daily.
  • Quarantine to hold threats and restore them at your convenience.
  • Ignore list for both the scanner and Protection Module.
  • Settings to enhance your Malwarebytes’ Anti-Malware performance.
  • A small list of extra utilities to help remove malware manually.
  • Multi-lingual support.
  • Works together with other anti-malware utilities.
  • Command line support for quick scanning.
  • Context menu integration to scan files on demand.

ඉහතින් තියෙන්නේ අපිට මෙම මෘදුකාංගයෙන් ලැබෙන පහසුකම් ගැන පොඩි විස්ථරයක්, එහෙනම් ඔයාලට අද ඉදන් Malware වලින් බේරිලා ඉන්න පුළුවන්, ඔයාලා නොදන්න දේවල් දැනගන් ඇති කියලා මම හිතනවා, එහෙනම් මම ගිහින් එන්නම්, බ්ලොග් එකෙහි ඔබට වැදගත් ලිපි තිබුනනම් අපේ Fan Page එකට Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා, අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි සුබ දවසක් !




Comments

  1. Kaspersky internet security 2012th ekka meaka install karata kamak nadda?

    ReplyDelete
  2. කමක් නැහැ යාළුවා.......

    ReplyDelete
  3. ස්තූතීයී!!!

    ReplyDelete
  4. ස්තූතියි ‍ඔබේ කමෙන්ටුවට......

    ReplyDelete
  5. ආහ් ඕක මොකද්ද වැඩක් කරගන්න තැනකට comment එකක්වත් දැම්මේ නැත්තන් හරි නෑනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...