Skip to main content

Facebook Photo Album Download කරමු -:


ආයුබොවන්, අලුත් ලිපියකින් අලුත් දෙයක් කියන්න බලාපොරොත්තුවෙන් කලින් ලිපියෙන් සමගතත්, නැවතත් අලුත් දෙයක් අරගෙන ඔයාලා හම්බෙන්න මේ පැත්තට ආවා. ඔයාලා දන්නවා ඇති මුහුණු පොතේ අපිට පිංතූර Download කරගතහැකි වුවත්, Album එකක් තිබෙන Photos සියල්ල එකවර Download කරගැනීමේ හැකියාවක් නොමැත. එකින් එක Download කරගැනීමට නම් පුළුවන්, එහෙත් එය ටිකක් අපහසු කාරයයක් වනවා. විශාල Photos සංඛ්‍යාවක් තිබෙන Album සදහා, ඒ නිසා අපට එවට විකල්ප විසදුම් භාවිත කරනවා. මේ ලිපියෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වන්නේ, මේ ප්‍රශ්ණය මගහැරගැනීමට අපිට කල හැකි ක්‍රියාපිළිවෙත් කිහිපයක් ගැන. එහෙනම් අපි බලමු ඒ ගැන.




Web Site ආදාරයෙන් Photo Album Download කරගමු.

මුහුණු පොතේ තිබෙන Photo Album Download කරගැනීමට අපිට යොදාගැත හැකි පහසු දෙයක් තමයි මේ Web Site එක භාවිත කිරීම, එහිදී ඔබ තොතැනක සිටියත්, කොතැනින් පිවිසුනත් Site එක හරහා Download කරගැනීමට පුළුවන්, මෙය වඩාත් පහසුයි. එහෙත් ඔබේ මුහුණු පොතේ ගිණුමේ සිටින මිතුරගේ Photos Album පමනයි Download කරගත හැකිවන්නේ.

01) මුලින්ම මේ Web Site එකට පිවිසෙන්න.
02) ඔබේ Facebook ගිනුමට Log වී සිටින්න.
03) පසුව මෙම Web Site එකෙහි තිබෙන, Login With Facebook බට්න් එක ක්ලික් කරන්න



04) මෙම වෙබ් අඩවියෙන් ඔබේ ගිණුම Connect කිරීමේදී ලැබෙන Windows එකේ Allow බට්න් එක ක්ලික් කරන්න.
05) දැන් ඔබට පහත ආකාරයේ, Page එකක් ලැබෙන ඇත, එයින් One Your Friend පහලින් තියෙන Box එහෙහි ඔබ Photos Album එක Download කරන්න බලාපොරොත්තුවන මිතුරාගෙ නම ටයිප් කරන්න, එවිට ලැබෙන List එකෙන්, ඔහුව තොරගන්න. පසුව Next බට්න් එක ක්ලික් කරන්න.



06) දැන් ඔබට ලැබෙන Page එකෙහි, කලින් පියවරින් ඔබ තොරාදුන් මිතුරාගේ ගිණුමෙහි තිබෙන සියළුම Album ටික දකින්න පුළුවන්, ඒ අතරින් ඔබට Download කිරීමට අවශ්‍ය  Album එක තොරගන්න. පහල තිබෙන Download බට්න් එක ක්ලික් කරන්න.

07) දැන් ඔබට දකින්න පුළුවන් Grabbing Photos Progress Bar එකක්, 

08) මින් පසුව පහත අකාරයේ Page එකක් දකින්න පුළුවන්, එහි තිබෙන Download බට්න් එක ක්ලික් කර, මෙම Photos Save කල යුතු Path එක තෝරාදී Save කරන්න. පසුව එය Save කල Path එකට ගිහින් ඉලන්න, ZIP File එකක් තිබෙනවා, එය Open කර, Extract කරගන්න. දැන් ඔබට අදාලා පිංතූර ටික දකින්න පුළුවන්.


Google Chrome සදහා Extension භාවිත කරමින් Download කරගනිමු.

මේ සදහා අප මුලින්ම අදාලා Extension එක අපගේ Web Browser එකට Install කරගත යුතු වෙනවා. එය Install කරගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර සිදුකරගත හැකිය. මෙතනින් ඒ Extension එක Install කරගන්න.

මේ අකාරයට, ඔබට අවශ්‍ය සියළුම Album Download කරගැනීමේ හැකියාව තිබෙනවා, හ්ම් ඉතින් ඔයාලාට පුළුවන් වැඩේ දිගටම කරගන්න, වෙන නස් විශේෂ දෙයක් කියන්න නැහැ, අපේ බ්ලොග් එකට පොඩි සහයෝගයක් දෙන්න වැදගත් ලිපි මෙහි තිබෙනවානම්, Fan Page එකට Like එකක්, Post එකට, Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා, එහෙනම් මම ගිහින් එන්නම්, තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!







Comments

  1. මාත් ඔය තියන software ගොඩක් බා ගත්තා.ගොඩක් ඒව නියමෙටම වැඩ කරනවා.tnx මජෝ
    ashan thilina

    ReplyDelete
  2. niyamai. mama mechchara kal use kare Pick n Zip site eka. mekath ela.

    ReplyDelete
  3. ස්තූතියි මිත්‍රයා, හොද හොද දේවල් පරිගණක ලිපි වෙතින් පමණයි ! :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...