Skip to main content

ජංගම දුරකථනයේ කොම්පියුටර් මොලය -: SIM Card



ජංගම දුකථනයකට යොදා ගන්න කොම්පියටර් මොලය ගැන ටිකක් කතා කරන්න කියලා හිතාගෙන තමයි අද මේ පැත්තට ආවේ. අපි හැමෝම SIM Card එක කියලා නම් දවසට දහපාරක් විතර කියනවා ඇති. ඒත් මේ ගැන හරි අවබොධයක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද, හැහ්. ඉතිං දන්න නොදන්න අයට දැනගන්න එකක් මේගැන කතා කරන්න හිතුනා. ඇත්තටම මොකක්ද මේ SIM Card එක. මේත ඇත්තටම ජංගම දුරකථනයක් තුල තිබෙන කුඩා පරිගණකයක් බදුය. SIM කියලා හදුන්වන්න Subscriber Identity Module කියන නම. දැනට අපි අතර තිබෙන SIM වලට කිලෝබයිට් 16 සිට 64ක් දක්වා මතක ධාරිතාවයක් තිබෙනවා. මේ මතකය ඇතුලෙ දුරකථන අංක දෙසියකට ආසාන්න සංඛ්‍යාවක්, කෙටි පණුවුඩ, සහ තවත් තොතතුරු විශාල ප්‍රමාණයක් ඇතුලත් කර තබාගැනීමේ හැකියාව තිබෙනවා.

මේවා තුල අපේ දුරකථන සම්බන්ධතායට අදාලා තොරතුරු, සහ සම්බන්ධතාවය භාවිත කරන්නා ගැන තොරතුරු ඇතුලත්ය. මෙය මෙහි තිබෙන වැදගත් තොරතුරු සමූහයකි. අප භාවිත කරන දුරකථන පැජයෙහි තොරතුරු පවා ඇතුලත් වන්නේ සම් කාඩ් එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. සිම් එක ක්‍රියාත්මක කර තිබෙන විටදී එය තොතැනද තිබෙන්නෙ කියා සොයා ගැනීමට පුළුවන් වන්නේ මෙම සිම් එක නිසාය (LIA - Location Area Identify) යටතේදී මේ තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමණ්‍ය  සමබන්ධතාවක් අදාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සෙයා බැලිය යුතු නැහැ. කෂ්ණික දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වේ.

සිම් කාඩ් පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI - International Mobile Subscriber Identity හෙවත් ඉමිසි අංකයයි. මෙම IMIS එක සෑම GSM - Global System for Mobile communication වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය අංක 15කින් යුක්තය. මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Mico Chip එකෙහිය. 



මෙම මයික්‍රෝ චිප් එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ ලෝහ මය ස්පර්ශක මගිනි. සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයට මය කොටස්. හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න සම් පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත් යොදැගැයේ. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආංකුව විසින් ඉලෙක්ට්‍රොනික පුරවැසි හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වා දෙන ලදි. මෙහි සාමාන්‍ය සිම් එකකට සාමය. මෙය කියවීය හැක්කේ PDA - Personal Digital Assistant උපාංගයට සහ පරිගණකයට පමණි. මේය කෙනෙක් කෙමෙල් ලෝකය පුරු පැතිර යමින් තිබේත ආනගතේ දවසක අපේ රටෙත් මෙය ක්‍රියාත්මක කරනවා දකින්න හැකිවේවි. හ්ම් එහෙනම් ඔයාල යමක් ඉගෙන ගන්න ඇති කියලා තිතනවා. 


Comments

  1. godak watinawa elazzzzz
    digatama aluth lipi liyanna

    ReplyDelete
  2. hasitha aiye mata kiyannako oyage blog eke wage udinma fans page eka blog eke daganna widiya . plz

    ReplyDelete
  3. Chamod Sanjaya මිත්‍රයා, FB Message එකක් එවන්න...

    ReplyDelete
  4. well done machan :)

    ReplyDelete
  5. හ්ම්, ස්තූතියි මිතුර.....

    ReplyDelete
  6. වැදගත් ලිපියක්

    ReplyDelete
  7. වැදගත් ලිපියක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...