Skip to main content

Windows Vista සහ 7 සදහා Alcohol 52%



ආයුබොවන් යාළුවනේ, අදත් හා හා පුරා කියලා ගොඩ වැදුනා මේ පැත්තට. අපේ කට්ටියට තියෙන ප්‍රශ්ණයකට විසදුම් අතැතිව. අහ් ඔය උඩ තියෙන පිංතූරේ දැක්කනෙ. ඔය ඔය බොන ඇල්කොහොල් නෙවෙයි :-) Image එකක් Mount කරගන්න, Barn කරන්න පාවිච්චි කරපු මෘදුකාංගය. මෙත අපි පාවිච්චි කලේ Windows XP OS එක දාගෙන යකා නටපු දවස්වලනෙ, පස්සෙ අපි අතරට ආපු Windows Vista/7 මෙම OS දිත්වය සදහා මෙය ක්‍රියාත්මට නොවුනා. ඒ නිසා කාලයත් තිස්සෙ Alcohol‍ 120% බාවිත කලේ අපේ සගයො එකි නෙකා වෙනත් මෘදුකාංග යොදාගත්තා. එහෙත් ඔබ දැනන් සිටියද Alcohol 52% නමින් මෘදුකාංගයක් තිබෙන බවට. මෙය Windows Vista සහ 7 සදහාද පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට පුළුවන්.  

මෙය අපිට ලැබෙන්නේ Free Version එකක් විදිහට, එක එක ඒවා දාගන්න ගිහින් අමාරුවේ වැටෙන්න ඕනෙ නෑ...මේක Download කරගෙන Install කරගන්න ඔයාලට 
Alcohol‍ 120%  බාවිතයෙන් වැඩ ගත්ත විදිහටම වැඩ කරන්න පුළුවන්.


සැ. යු -: මෙය Download කරගැනීමේ සිදු කරන්නේ Facebook Fan Page එකක් අදාරයෙනි. ඒ නිසා පළමුවෙන්ම මේ Page එකට Like එකක් යොදන්න පසුව ලැබෙන ටැබ් එකෙන්, Skip බට්න් එක ක්ලික් කරන විට Download බට්න් එක දැගගත හැකිය.

ඉහතින් Download කරගත් මෘදුකාංගය Install කිරීමේදී. එක් වරක් Installation එකෙහි ෆයිල් කිහිපයක් Install වීමෙන් අනතුරුව ඔබේ පරිගණකය Restart කරන්න කියයි. එහිදී පරිගණකය Restart කර, පසුව නැවත Install කරන්න. අවිට මෘදුකාංගය Install වනු දැකගැනීමට පුළුවන්. Install වීමෙන් අනතුරුව මෙය විවෘත කරගත් විට පහත අකාරයෙන් Alcohol 52% දකින්න පුළුවන.


කොහොමද ඇල්කොහොල්. එහෙනම් තවත් ඇල් වගේ අලුත් ලිපියකින් හමුවෙමු. අපේ බ්ලොග් එකෙන් ඔයාලට ලබාගන්න පුළුවන් දේවල් තිබුනද? එහෙනම් පොඩි සහයොගයක් විදිහට Fan Page එකට Like එකක්, Post එක Comment එකක්, Follow පාරක් දාලා යන්න. පරිගණක ලිපි සැමදා ඔබ වෙනුවෙන්මයි. ස්තූතියි ලිපිය කියව්වට. ගිහින් එන්නම් සුබ දවසක්






Comments

  1. මට මේක හරිගියේ නෑ.. Win 7- 64 bit

    ReplyDelete
  2. Windows 7 64bit නම් දන්නෙ නැහැ, 32bit එකට නම් වැඩ යාළුවා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...