Skip to main content

Email එක Hack කලත් බලන්න බැරි වෙන්න, Password දාපු Email යවමු



ආයුබොවන්, ඔයාලා හැමෝටම. අදත් පොඩි ජිල්මාට් කෑල්ලක් ගෙනවා, අපි යවන Email අනුන් අත පත් උනොත් එහෙම ටිකක් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මොකද ඔයාලා රහස්‍ය දේවල් Email එකකින් Share කරගන්නවා ඇතිනෙ. ඒත් ඔයාගෙ ඒ වැදගත් Email එක සතු Data තවත් කෙනෙක් අතට පත් වෙන්නෙ ගොඩක් වෙලාවට, ඔයාගෙ Email එකට ඔයාටත් නොදැනිම කවුරුහරි රින්ගලා මේවා බැලුවොත්නෙ. Email එක හැක් කරලා, ඔයාව Blackmail කරයි. එහෙම උනොත් මල ජංජාලයයි. ඉතින් ඔයාලගෙ ඒ තරම් වැදගත් තොරතුරු Email එකකින් යවනවානම් Email එක අනිවා Protect කරලා තියෙන්න ඕනෙ. Email එකක් Protect කරගන්න කලින් ලිපි වලින් කියලා දුන්නා. නිකමට හිතන්න. ඔයා තවත් කෙනෙකුට යවලා තියෙනවා වැදගත් තොරුතුරු කිහිපයක් සහිත Email එකක්, ඒත් එයාගෙ Email එකට බඩු පැකට්. වෙන කෙනෙක් අතේ Email එක (සමහර විට එයා දන්නෙත් නැතිව ඇති) ඉතින් ඔයාගෙ ඒ තොරතුරු ලීක් වෙනවා නේද? හ්ම්...එහෙම තොරතුරු තිනෙවනම් යවන්න හොදම විදිහ තමයි අද කියලා දෙන්නෙ.
මේ සදහා අපිට සහය දක්වන්නෙ, තවත් Web Site එකක්, ඔයාලට තියෙන්නේ මේ වෙබ් සයිට් එකට ගිහින්, Email එක යැවිය යුතු තොරතුරු ඇතුලත් කිරීම පමණයි. එහිදී Password එකද ඇතුලත් කල යුතුයි. මෙතන ක්ලික් කරන්න එම වෙබ් අඩවියට පිවිසෙන්න ( පහත පිංතූරය බලන්න, ඒ විදිහට ඔබේ Email එක යවන්න)

මෙයි අදාල තොරතුරු නිවැරදිව ඇලුත් කිරීමෙන් අනතුරුව I Accept The Terms And Conditions Of Use මෙයට ඉදිරියෙන් තියෙන Tick එක යොදාගන්න. පසුව Submit බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබේ Email එක අදාලා ග්‍රාහකට ලැබෙනු ඇත. ඒ Email එක Click කරලා Open කලාම ලැබෙන්නෙ පහල විදිහට.

මේ මේක් එකේ Link එකක් තියෙනවා. To retrieve your message visit මෙයට ඉදිරියෙන් තියෙන Link එක ක්ලික් කරන්න, අවිට පහල අකාරයේ Password එක ඇතුලත් කල යුතු කවුළුව ලැබෙයි. මෙහි නිවැරදිව Password එක ටයිප් කර, Submit බට්න් එක ක්ලික් කරන්න


ඔබ නිවැරදිව Password එක ඇතුලත් කර, Submit Button එක ක්ලික් කල විට. පහත ආකාරයෙන්, ඔබ යැවූ Email එක දැකගැනීමේ හැකියාව තිබෙනවා.



මේ තියෙන්නෙ, මම ඔයාලට පෙන්වන්න උදාහරණ විදිහට යවපු Email එකක්, ඔයාලටත් පුළුවන්, මේ විදිහට Email එක යවන්න, ඔයා Password එක සහිත Email එක අදාලා පුද්ගලා වෙත යවන්න පසුව ඔහුට දුරකථන ඇමතුමක් හෝ, වෙනත් විදිහකින් Password එක ලබා දෙන්න. ඔන්න ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දේ කියලා අහවරයි. ඔයාලටත් මේ ලිපිය වැදගත් නම් අපේ බ්ලොග් එක පොඩි සපෝට් එකක් දීලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි! ගිහින් එන්නම්....

Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...