Skip to main content

SMS (Short Message Service) ගැන දැනගමු


ආයුබොවන්, සුබ දවසක් ඔයාලට, ඉතින් කොහොමද ජීවිතේ, අද මම කියන්න අවේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන, මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි, ඔයා මම හැමවෙලේම Phone එකේ කොටන ඒවා ගැන, හික් :D මෙහෙම කිව්වහම හිතාගන්න පුළුවන් නේද? අපේ අයියලා දැන් Phone එක සාක්කුවේ දාගනත් කොටනවා තමයි වැඩේ, මට මේවා දැකලා හිනා. මුන්ට ගිය කලක්, Phone එක බදාගත්ත ගමන් තමයි, මට නම් ඔය ලේඩේ නැතෝ Phone එකක් නැති නිසා :P හරි...මම අද කියන්න යන්නෙ වෙන මුකුත් ගැන නෙවයි, SMS ගැන, මෙහි ආරම්භක කතාව ගැන, ඔයාලා දැන්නෙ SMS Type කරලා Send කරන්න, එන ඒවට Reply කරන්න, ඉතින් අද ඉගෙන ගන්න වැඩි යමක්, මේ ගැන.




මෙහි පියා ලෙස අපිට හදුන්වන්න පුළුවන් වෙන්නෙ, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන නීල් පැප්වර්ත් (Neil Papworth) මහතා, මොහු 1992 දෙසැම්බර් මාසයේ හ්ම්, නත්තල් මාසෙනෙ, මේ මාසෙ 02 දින මොහුගේ යාළුවන්ට නත්තලට සුබ පැතුම් යැවීමට ක්‍රමයක් මොහි සිතීය. හ්ම්.....ඉතින් මෙයි ආරම්භය සනිටුහන් කරමින් මොහු එදින තම මිතුර සතුව තිබෙන වොඩෆොන් හෑන්ඩ් සෙට් වලට තම පරිගණකය භාවිත කරමින් නත්තල් සුබ පැතුම විදිහට Merry Christmas ලෙස යැවීමයි. මොහු විසින් අරබා දුන් මෙමගින් අලුත් සන්නිවේධන ක්‍රමයක් ලොවට බිහිවිය, මෙය ලීයු පණිවිඩ හෙවත් Text Message යැවීමයි. මෙය කාලයේ අවැමෙන් දැන්  SMS හෙවත් (Short Message Service) ලෙස හදුන්වයි.


මෙම වසරේදී නත්තල් මාසය උදා වෙද්දින් SMS ලොවට දායාද වී වසර 18ක් ගත වෙන බව ඔබ දන්නවාද? හ්ම්.....මරු මරු...කොටන්න, තව කොටන්න, ඇත්තම කිව්වොත් ඉතින් මේ SMS වැඩියෙන්ම හුවමාරු වෙන්නෙ, Lovers අතර, මට හිතෙන විදිහට, ටිකක් හිතලා බලන්න, දවසට කීයද, සතියට, මාසෙට, Keypad එක එවරයි, Touch එකක් නම් Disply එකට හොද ගන්න...:P


මෙම SMS එකක් ලිවීමේදී එක එකරක් සදහා බොහෝ විට බට්න් තුනක් ඔබන්න සිදු වෙන බව ඔය දන්නා මම නොදන්න රහසකි, ඉතින් මේ නිසු අපේ අය ලියන්නේ Short Message වලටත් වඩා Short Message මෙය අලුත් කලාවක් විදිහට ලොය පුර පැතිරිලා තිබෙනවා, මේ තියෙන්නෙ මේ විදිහට ලියපු Message එකක්, 'Oh my God, I have great news for you මෙය Short කරලා මේ විදිහට ලියනවා, 'omg i got gr8 news 4u' ඔය තියෙන්නෙ ලියපු හරුපෙ, ඉතින් මේ විදිහට Short කරලා ලියන අයගෙ Phone එකක් ගෙදරින් බැළුවම මාට්ටු වෙන්නෙ නැති තරම් :P

ඉතින් මේ ලොකය පුසා හුවමාරු වෙන SMS ප්‍රමාණය සෙවීමට ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් (International Herald Tribune) පුවත් පත විසින් මෙය සොයා බැලීමට අවශ්‍ය කටයුතු යෙදීය, එහිදී ඔවුන් මෙය ගනනය කර සොයා ගත්තේය, එනම් අවුරුද්ධකට යවන SMS ගනන ට්‍රිලියන තුනක් හෙවත් කොටි ලක්ෂ තුනක් බව, කොහොමද SMS යැවිල්ලෙ තරම, මෙය දවසකට කෝටි අටසිය විස්සකට වැඩිය.

ඒ වගේම මෙම SMS තාක්ෂණය මේ වෙන විට ලොකයේ වෙලද ප්‍රචාරන මාධ්‍යක්, විදිහට භාවිත කරනවා, විවිද නිෂ්පාධන ගැනමින් දිනපතා ජංගම දුරකථන වලට විවිද පණීවිඩ ලැබෙනවා, ඉතින් තාම නම් ලංකාවේ මේ වැඩේ එච්චර නෑ.....ඒ වගේම අලුත්ම News මහජනයා වෙත එසැනින් ලබා දීම සදහාද මෙම SMS භාවිත කරයි, තවද දේශපාලනික කටයුතු සදහාත් SMS යොදා ගනී, මොකද ජනාදිපති තුමත් ඔය පහුගිය කාලේ එක එක ඒවා එවලා තිබ්බෙ. :D

මේ තමයි SMS වංශකතාව, ඉතින් මෙතන කියන්න බැරි වෙච්ච දේවල් තිබ්බොත් එකතු කරමු හොදේ, ඔයාලට වැදගත් නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න, මට මදුරුවො කෑවා හොදටම :P



Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...