Skip to main content

පහසුවෙන්ම Facebook TimeLine Cover එකක් හදමු


ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. අලුතෙන් හදපු Account වලට නම් TimeLine එක Active කරගන්න බැහැ, මාස 03 විතර පරණ Account එකක් විය යුතුයි. හ්ම් ඉතින් මේ අලුත් Layout එකෙහි, උඩින්ම අපිට Facebook Cover එකක් යොදාගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැනටමත් එක එක ඒවා Upload කරගෙන දාගෙන ඇති. අද මම කියන්න අවේ. මේ Facebook Cover එකක් පහසුවෙන්ම Online හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි බලමු ඒ ගැන.



මේ ක්‍රියාවලිය සදහා අපිට සහය දක්වන්නේ, වෙබ් අඩවියකි. එමගින් තමයි අපි මේ කටයුක්ත සිදු කරගන්නෙ. මෙහි අපිට Example Cover බොහොමයක් ලබා දී තිබෙනවා. ඒවාද තෝරාගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතිනම් අපේම Photo එකක් Upload කරමින් අලුත් Cover එකක් Design කරගැනීමටත් පුළුවන්, මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න.


ඉහල Link එක භාවිත කරමින්, මේ Web Site එකට පිවිසූ විට. ඉහත පිංතූරයේ ආකාරයේ Page එක දකින්න පුළුවන්, මෙහි තිබෙන කොල පාට බට්න් එක, First, Lest's Choose the Banner Background >> උඩ ක්ලික් කරලා, ඉදිරිටය ගමන් කල විට. ඔබට Banner Background විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.


මෙහි තිබෙන Cover එකකට කැමති නම්, එය තොරාගෙන එය මත ක්ලික් කල විට, ඔබට එයට අදාලා Design View එක දකින්න පුළුවන්. 


මේ විදිහට විවෘත වන Design View එකෙන්, මෙය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට පුළුවන්, අවශ්‍ය තැනට Text හොයා ගැනීමට. කැපීම් කෙටිම්, මැකීම්, ඔබේ පරිගනකයේ තිබෙන පිංතූරයක් මෙයට Upload කර එය වැඩි දියුනු කර සකස් කරගැනීමටත් පුළුවන් කරමක් තියෙනවා, Search Bar එකෙන්, Sample Cover හොයාගන්නත් පුළුවන්, මේ විදිහට ඔයාලට කැමති TimeLine Cover එකක් හදාගන්න. පසුව ඒය Save කරගන්න, ඔය පොල් ගෙඩි සයිස් තියෙන බට්න් එකෙන්ම. හ්ම්..

ඔය විදිහට ඔයාලටත් ලස්සන TimeLine Cover එකක් සකස් කරගන්න පුළුවන්, වැදග් වෙයි කියලා හිතුන නිසා ලිපියක් විදිහට දැම්මා. එහෙනම් ඔයාලා කියවලා, කරලා බලන්න, පොඩි කමෙන්ට් කෑල්කුත් දාලා යන්න, අමතක කරන්න එපා, බ්ලොග් එකටත් පොඩි Support එකක් දීලා යන්න, එහෙනම් තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි සුබ දවසක් !



Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...