Skip to main content

ඕනම Photo එකක් Chat Smile කරමු


ආයුබොවන්, යාළුවනේ, ඔයාලාට අද මම කියන්න යන්නේ මුහුණු පොත හා සම්බන්ධ වැඩක් ගැන.  මුහුණු පොතේ හැමෝම දන්න දෙයක්නෙ Chat කෙරුවාව. හ්ම්, කලින් ලිපියකදී මම ඔයාලට Chat Smiles Code ගොඩක් දුන්නා මතක ඇති, ඒවගෙන් එල එල වැඩ කරන්න ඇතිනෙ, හ්ම් අද මම කියන්නෙ අපිට කැමති Photo එකක් මේ විදිහට හදාගන්න විදිහ, කලින් ලිපියෙන් මම ඔයාලට Text එකක් Chat Smile කරන විදිහත් කියලා දුන්නනෙ. හ්ම් මේ ගැන ටිකක් මතක් කරන්නම්, මොකද මේක මට හොයලා දුන්නේ Suneth Christo Fernando කියන යාළුවා, මමත් ගිහින් බැළුවා වැඩේ ඇත්ත, මුලින් අපේ දර්ශණයගෙ Profile Pic එක හොරකම් කරලා වැඩේ කරලා බැළුවා. වැඩේ එලට වැඩ. ඔන්න ඒ නිසා ඔයාලටත් කියන්න හිතුනා.


මේකටත් අපිට සහය වෙන්නේ වෙබ් පිටුවක්, මෙයට අපිට කැමති පිතූරයක් Upload කිරීමේ හැකියාව තිබෙනවා. Upload කිරීමෙන් පසුව මිනිත්තු කිහිපයක් ඇතුලත Code එකක් ලැබෙනවා. ඒ ටික Copy කරලා Chat Box එකට දාලා Enter කරන්න තියෙන්නේ, අරුම පුදුම වෙන්න එපා. හරි කරලා බලන්න. :D 
ඔය බට්න් එක ක්ලික් කරලා, Site එකට පිවිසෙන්නකො, Choose File ක්ලික් කරලා File එක Com එකේ තියෙන Path එකෙන් තොරලා දෙන්න, පසුව පහත තියෙන Captcha එකේ තියෙන අකුරු ටිකත් නිවැරදිම Type කරලා, කොල පාට Upload බට්න් එක ක්ලික් කරන්න. 

මේ තියෙන්නේ ඔයා Upload කරලා දීපු පිංතූරයට අදාලා Chat Smile Code එක, මේ ටික Copy කරගෙන,  Chat Box එකට Paste කරන්න, පසුව Enter කරන්න...වැඩේ එලකිරි වගේ වැඩ ඇති. ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් වෙන අලුත් දෙයක් කියලා දුන්නා, තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ඔබට. සුබ දවසක්.




Comments

  1. එළම කිරි...... ජයවේවා.......

    ReplyDelete
  2. නියමයි එළකිරි මම මේක එලකිරියටත් දැම්මා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...