Skip to main content

Huawei E173 Dongle Unlock කරමු



ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම. මම මීට කලින් Huawei E153 Dongle එක අන්ලොක් කරන විදිහ කිව්වා මතක ඇති, ඉතින් ගොඩක් යාළුනො ඩොන්ගල් එක අන්ලොක් කරගෙන තිබුනා. මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි Huawei E173 Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.


මුලින්ම මේගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.

මේ Huawei E173 Dongle එක Firmware Update කරන්නෙ නැතුව Unlock කරන්න බැහැ, ඒ නිසා මුලින්ම Firmware Update එක Download කරගන්න....(පහල පිංතූරය උඩ ක්ලික් කරලා Download කරගන්න)
 

මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Firmware එකට අමතරව Code Generator එකකුත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එකත් Download කරගන්න.



මුලින්ම අපි Unlock කරන්න උත්සහ කරන Dongle එකේ Flash Code එක හොයාගන්න ඕනෙ, ඒ සදහා ඔයා බාගත්ත Code Generator එක Open කරගෙන, ඔයා අන්ලොක් කරන්න හදන Dongle එකේ IME එක Type කරලා Calculate කරන්න, ඔයාට Flash Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න. 



ඔයා බාගත්ත Firmware Update එක රන් කරන්න, එහිදී ඔයාගෙන් මේහි Password එකක් අහයිඒ තැනට ඔයා කොපි කරගත්ත Flash Code එක දෙන්නඒක තමයි Password එක :D



මෙම Firmware Update එක සිදුවීමට යම්තරමක වෙලාවක් ගතවෙනවා. මේ අතර තුර කාලයේ ඔයාගෙ Computer එක Off වෙන්න නොදී වග බලා ගන්න ඕනෙ. යම් හෙයකින් විදුලි බිදවැටීමකින් හෝ Firmware Update එක අතර තුර Computer එක Off උවහොත් ඔයාගෙ Dongle එකටත් Sorry.com මේ නිසා UPS එකක් තියෙන PC එකක් හෝ Laptop එකක් පාවිච්චි කරන්න....


Firmware Update එක සිදුවීමෙන් අනතුරුව, ඔබේ Dongle එකට ඔබට කැමති SIM එකක් යොදාගෙන අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. ඩොන්ගල් අන්ලොක් කරගන්න බැරුව ඉන්න අයට. මේ ලිපිය වැදගත් වෙයි. එහෙනම් ඔබට මේ ලිපිය වැදගත් නම් බ්ලොග් එකට Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. මම ගියා තවත් වැදගත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!


Comments

  1. ස්තූතියි යාළුවා......

    ReplyDelete
  2. sim eka iwath karalada mewa karanna ona

    ReplyDelete
  3. @ Hasitha - man firmware eka update kara, dan wena sim ekak daala net log wenna puluwanda? aaye mokuth karanna oone nadda? UNLOCK Code eka gahanna oone nadda?

    ReplyDelete
  4. නැහැ, අය මුකුත් ඕනෙ නැහැ....

    ReplyDelete
  5. Mage E173 Unlock karagatta Wede aulak ne. dn mage Diolog Dongle 1ke Airtel Elata Weda.. Thanks Hasitha..Gd Lck..

    ReplyDelete
  6. Thanks Isuru Sandaruwan, ඔබෙ සැප මගෙ සතුටයි!

    ReplyDelete
  7. thanks oyata..........jaya wewa........bs

    ReplyDelete
  8. ස්තූතියි මිතුර, ජය වේවා!

    ReplyDelete
  9. mekan touch maladives cgu-629c dongel a]eka unlock karanna baida

    ReplyDelete
  10. නියමයි මචං !!
    මම නෙට් එක පීරලා බලලා සිංහල බ්ලොග් එකක් නිසා පොඩ්ඩක් කියෙව්වා. මේකෙන් තමා අන්ලොක් කරගන්ඩ පුලුවන් උනේ !!!
    එලමකිරි !! බොහොම ස්තුතියි මචං මෙහෙම දේවල් පෝස්ට් කරනවට !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...