Skip to main content

මුහුණු පොතේ කතා පෙට්ටිය අපිට ගැලපෙන විදිහට [Chrome]



ආයුබොවන්, ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද, දවසේ වැඩිහරියක් ඔයාලා මුහුණු පොතත් එක්ක ගෙවන්න දැන් දැන් පුරුදු වෙලා නේද, හ්ම් මුහුණු පොතේ තියෙන හොදම පහසුකම මොකක්ද? කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කියයි, ඔයාලා Chat කරන්න පුළුවන් එක කියලා :-) හ්ම්, මුහුණු පොතේ චැට් එකේ අපිට කරන්න පුළුවන් විවිද දේවල් මම කලින් ලිපි වලිනුත් ඔයාලට කිව්වා මතක ඇති. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයනම් දැනටමක් ගොඩක් දේවල් දන්නවනේ. හ්ම් අදත් මම කියන්න ආවේ. මේ මුහුනුපොතේ චැට් පෙට්ටියේ අපිට කරන්න පුළුවන් වැඩක් ගැන. කොටින්ම කිව්වොත් අපිට කැමති විදිහට, :D Chat Box එකේ Size එක, Shadow එක සහ Font Size එක, අපිට කැමති විදිහකට ගන්න පුළුවන් වෙයි කියලා හිතුවද? හැහැනෙ :P අහ් ඒ විතරක් නෙවෙයි. නිතර චැට් එකේදී හුවමාරු කරන්න Symbols එහෙම නොදන්න අය නැහැනෙ. හ්ම් බලන්නකෝ, අලුත් අලුත් දේවල් ගොඩක් තියෙනවා.  



ඉහත තියෙන පිංතූරේ පේනවා නේද? ඔය විදිහට තමයි මේක තියෙන්නේ, අපේ Chat Box එක අපිට කැමති ලොකු කුඩා, කරගැනීම Font Size එක, මේවා හදගන්න පුළුවන්, මේ පිළිබදව වැඩි විස්ථර දැනගන්න බලන්න පහල Video එක, ඒකෙන් හැමදේම තේරුම් ගන්න පුළුවනි.


හ්ම්, දැන් ඔයාලා ඔය Extension එක, ඔයාලගෙ Chrome Browser එකට Install කරගෙන ඇති, දැන් බලන්න, ඔය ඉහත වීඩියෝ එකේ තිබ්බ විදිහට ඔයාටත් චැට් පෙටිටිය වෙනස් කරගන්න, Chat Symbol තොරගන්න, පුළුවන්, මිතුරන් එක්ක චැට් කරදින් වෙනදාට වඩා පහසු වේවා. එහෙනම් ඔයාලට පුළුවන් අපිට පොඩි සහයොගයක් දෙන්න, අපේ Fan Page එකට Like එකක්, ලිපියට Comment එකක්, Blog එකට, Follow පාරක් එහෙම දාලා යන්න. අමතක කරන්න එපා. එහෙනම් අලුත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්!


Comments

  1. හ්ම්...පට්ට නේද? ස්තූතියි කමෙන්ටුවට.......

    ReplyDelete
  2. නියමයි. මාත් නිතරම යන එන තැනක් ෆේස් බුක් ස්තුතියි උපදෙස්වලට.

    ReplyDelete
  3. @දයානන්ද රත්නායක ස්තූතියි මිතුර......

    ReplyDelete
  4. ස්තූතියි යාලු..මාත් add කරගන්නවා.

    ReplyDelete
  5. හ්ම්, පස්ට මිතුර, ඔයත් දිගටම කරගෙන යන්න, සුබ පැතුම්!

    ReplyDelete
  6. හසිත කියල වැඩක නෑ.පාර ආ

    ReplyDelete
  7. නියමයි. ඒත් ෆේස්බූක් එකේ තියෙන ඔක්කොම ස්මයිලීස් පොඩි ඒවනෙ. සොෆ්ට්වෙයාර් මොකුත් නැතුව ලොකු පින්තූර යවන්න පුලුවන් ෆේස්බූක් එකෙන් මේක බලන්න Facebook chat codes

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...