ආයුබොවන්, ඔයාලා හැමෝටම, මේ සීතල දවස්වල උදෙන්ම ඇහෙරෙන්නෙත් නැති තරම්, හ්ම්.. ඔන්න අදත් මම ඔයාලට අලුත් ලිපියක් අරගෙන මේ පැත්තට ආවා. හැමදාම අලුත් දේවල් ඔබට සරළ සිංහලෙන් කියා දෙනවා සේම, අදත් ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්නම්. ඔයාලා දන්වනේ Android ගැන, නොදන්න කෙනෙක් නැති තරම්. Android කියන්නේ, Mobile OS එකක්, ලොකයේ Smart Phone අතරින්, වැඩිම සංඛ්‍යාවක තිබෙන්නේ Android OS එක, මීට කලින් නම් තිබුනෙ IOS එක, ඒත් දැන් Android එකත් එක්ක හැප්පෙන්නේ කාටවත් බැහැ, ඔයාලා දන්නවා නේද? Android Market එක, මේකෙන් අපිට අපේ දුරකථනය සදහා විවිද? Apps නොමිලේ හෝ මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. හ්ම්, ඒත් මේවා අපේ පරිගණකයෙන් ක්‍රියාත්මක කරබලන්න බැහැනෙ, අපි අතර ඇති මම වගේ Android OS එකක් දුවන්න පුළුවන් Smart Phone එකක් නොමැති උදවියත්. හ්ම් එයාලටත් පුළුවන්, මේක අත්විදලා බලන්න, එහෙනම් ඒ කතාව අරබමු. මුලින්ම අපි කොහොමද මේ Apps අපේ Computer එකෙන්, ක්‍රියාත්මක කරන්නෙ කියලා බලන්න කලින්, කවුද අපිට මේ සේවාව සපයන්නේ, මේ සදහාද අපිට සහය දකවන්නේ BlueStacks නම් මෘදුකාංගය. මෙය අපේ පරිගණකය Install කරගෙන, ඒ හරහා Android Apps...