Skip to main content

Huawei E153 Dongle අන්ලොක් කරන්නෙ කොහොමද?

 ආයුබෝවන්.......

ඉතින් කොහොමද? යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්නම් මේ, Huawei E153  Dongle එකක් Unlock කරන්න විදිහ, ඔයාලට මතක ඇතිනේ, මම කලින් ලිපියකින් ඔයාලට ඉදිරිපත් කලා, Huawei සහා Vodafone ඩොන්ගල් රාශියක් Unlock කරගන්නා ආකාරය ඒත් ඒ ක්‍රමය භාවිතා කර, මේ Huawei E153  Dongle එක අන්ලොක් කරගන්න බෑ.....ඒ නිසා, ඔබටත් Huawei E153  Dongle එකක් අන්ලොක් කරගන්න අවශ්‍ය වී තිබෙනවානම්, පහත පියවර අනුගමණය කර, Dongle එක අන්ලොක් කරගන්න............



 මේක ඔයාදා දන්නවා ඇතිනෙ නේද? Dongle Unlock කීරීමෙන් වගකීම් සහතිකය අහෝසි වේ.

සහෝදරවරුණි ඔයාලා Dongle Unlock කරනවානම් UPS එකක් තියෙන PC එකක් හරි Laptop එකක් භාවිතා කරනවානම් ගොඩක් හොදයි. නැත්නම් කරන්ට් ගියොත් මොඩම් එක ඉවරයි.

පලමුවෙන්ම මේ ටික බාගන්න.....



මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලගන්න, Notepad වල Save කරගන්න...

නැත්නම් Mobile partner එකේ Tools > Diagonastic > Save to text file ගිහින් save කරගන්න.......

පලවෙනියෙන්ම Modem එකේ Flash Code එකයි. Unlock Code එකයි හොයාගන්න ඕනේ......

ඒකට මම ඔයාලට කියලා දුන්නා මතක ඇති කරගන්න විදිහ.
http://www.bb5.at/huawei.php?imei=****************

මෙතන * සලකුනු තියෙන නැතට ඔයාගේ අංක 15කින් යුත් IMEI එක යොදාගෙන. එය සම්පූර්ණයෙන්ම Web Browser එකේ Address Bar එකට යොදා Enter කරන්න.

දැන් ඔයාට ලැබෙන Unlock Code එකයි Flash Code එකයි Notepad එකට Copy කරලා තියාගන්න.

Download කරගත්තු Firmware Update එක Run කරන්න.... ටික වෙලාවකට පස්සෙ ඔයාගෙන් Flash Code එක අහයි. එතනට අපි කලින් Notepad එකට Copy කර තබාගත් Flash Code එක ලබාදෙන්න. ටික වෙලාවකින් ඒක පියවර සාර්ථක වෙනවා......

දැන් Run කරන්න Huawei Modem Code Writer එක.......

දැන් මෙහි Detect බොත්තම ඔබන්න, Select Com Port තොරා,  Accept බොත්තම ඔබන්න.

මෘදුකාංගය ආරම්භයේදී ලැබුනු Windows එකට ඔබ නැවත ලැබෙනවා එහි පහතින් ඇති Unlock Modem බොත්තම ඔබන්න,

අවසාන පියවර Ok බොත්තම ඔබන්න.

දැන් ඔයාට Message එකක් දකින්න පුළුවන් වෙයි Unlocked කියලා.......

දැන් ඔයාට කැමති සිම් එකක් භාවිතා කර අන්තාරජාලයට සම්බන්ධ වන්න පුළුවන්,

තවත් මෙවැනි ලිපියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන්, අදට ඔබෙන් සමුගන්නම්....

ස්තූතියි! ඔබට

සුභ දවසක්......

Comments

  1. එල කිරි postඑක....!!

    ReplyDelete
  2. yalu meke code ekak illanawane

    ReplyDelete
  3. චතුර ගුණරත්නFebruary 4, 2012 at 12:17 PM

    මචන් Firmware Update එක Run කරද්දීerror එකක් අව නේ.. මගේ windows 7 තියෙන්නේ. මොකද බන් කරන්නේ.

    ReplyDelete
  4. අපොයි, දැන් Dongle එක, කොම් එකට Detect කරන්නෙ නැතිද?

    ReplyDelete
  5. Airtel X100 ඩොන්ගල් Unlock කරන විදිය ඔයාලා තාම හොයා ගත්තේ නැහැනේ..ඒක ඉස්සෙල්ලා හොයාගන්න..

    ReplyDelete
  6. The data card can't be found kiyala atenawane. ai ehema enne?

    ReplyDelete
  7. unlocked kiyala msg 1k en nane.enter modem code kiyala ahanawa.ekata mokakda danne

    ReplyDelete
  8. Huawei E153 Firmware Update kiyana 1 wada nane

    ReplyDelete
  9. update eka weda nhe...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...