Skip to main content

Diskeeper 2011 වැදගත්කම

ආයුබෝවන්.............

සුබ උදෑසනක්.....ඔයාලා හැමෝටම.....අද අපි බලමු තමත් මෘදුකාංගයක් ගැන...... තමයි Diskeeper 2011 මෙය භාවිතා කර අපගේ හාඩ් ඩිස්ක් එක හොදින් කළමනාකරණය කරගැනීමේ හැකියාව තිබෙනවා......

අප විසින්...අපගේ රුචිකත්වය පරිදි මෙහෙයුම් පද්ධතියක් තෝරාගෙන පරිගණකයේ විවිධ වැඩසටහන් ඉන්ස්ටෝල් කරගෙන...විවිධ කාර්යයන් සදහා අවශ්‍ය ෆයිල් සියල්ල සේව් කරතබා ගන්නේද හාඩ් ඩිස්ක් එක තුළය..... නිසා අපගේ හාඩ් ඩිස්ක් එකේ ඉඩ ප්‍රමාණය දිනෙන් දින අඩු වෙනවා.....අපි දන්නෙ නැති උණාට මේ අප විසින් ඇතුළත් කරන ලද ෆයිල් තිබෙන්නේ තැන් තැන් වලය... නිසා පරිගණකය විසින් යම් ෆයිල් එකක් විවෘත කිරිමට යාමේදී වැඩි වෙලාවක් ගන්නවා... මේ ෆයිල් පිළිවෙළකට නොමැති නිසා......වින්ඩෝස් භාවිතා කරනන්ට මේ සහහා පිළියමක් වශයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින්ම Disk Defragmenter නම්න් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතිය සමගම ලබාදී තිබෙනවා.........මෙමගින් කරන්නේ හාඩ් ඩිස්ක් එකෙහි තැනින් තැන විසිරී තිබෙන ෆයිල් පිළිවෙළකට සකස් කිරීමයි........එය Defragmenter නමින් හදුන්වයි.....මෙහිදී ඔබගේ හාඩ් ඩිස්ක් එකෙහි අනවශ්‍ය ලෙස වැඩ වී තිබෙන ඉඩ කඩ ඔබේ භාවිතය සදහා නැවත තබාගත හැක.... වගේම මේය සතියකට එක් වරක් සිදුකරනවානම් පරිගණකයේ වේගය නොනැසී පවත්වාගෙන යාමේ හැකියාම තිබෙනවා....පළමුවෙන්න අපි බලමු වින්ඩෝස් මෙහෙමුම් පද්ධතියේ තිබෙන Disk Defragmenter මෘදුකාංගය විවෘත කරගන්න ආකාරය....Start >> All Programs >> Accessories >> System Tools මෙතැන තිබෙන Disk Defragmenter මත ක්ලික් කිරීමෙන් මෙම මෘදුකාංග ලබාගත හැකිය....එවිට විවෘත වෙන වින්ඩෝ එකෙහි තිබෙන Defragment බොත්තම ක්ලික් කිරීමෙන් හාඩ් ඩිස්ක් එක Defragment  කරගන්න පුළුවන්.....



මෙම මෘදුකාංගය භාවිතා කර Disk Defragmenter කරගත හැකි උවත් මෙය ධාවනය කිරීමේදී පරිගණකය මන්දගාමී තත්වයට පත්වෙනවා....අපිට වෙනත් මෘදුකාංග භාවිතා කිරීමට අපහසුයි......දැන් අපි බලමු එකට විසදුම.....



පළමුවෙන්ම මෙතනින් මෙම මෘදුකාංගය Download කරගන්න......

මෙතන ක්ලික් කරන්න

Diskeeper 2011
ලෙස හදුන්වන්නේ Disk Defragmenter මෘදුකාංග අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින මෘදුකාංගයක්......මෙය භාවිතය පහසුයි.....මෙය භාවිතා කර Disk Defragmenter කිරීමේදී පරිගණයේ වේගයට කිසිම බලපෑමක් ඇති වෙන්නෙ නෑ...අපගේ විසින් සිදුකරන ක්‍රියාවන් අයුරින්ම කරගෙන යාමේ හැකියාවක් තිබෙනවා...Diskeeper මෘදුකාංගය මගින් එකිනෙකට වෙනස් වූ පරිගණක සැකසුම් (Configuration) යටතේ බයහුවිධ ඩ්‍රිෆ්රුග් ක්‍රම භාවිතා කිරීමටද? පුළුවන.....මෙම Diskeeper මෘදුකාංගය සාමාන්‍ය පරිගණක හාඩ් ඩිස්ක් මෙන්ම සංකීර්ණ මට්ටමේ පරිගණක ජාල වලද ඩිස්ක් ඩ්‍රිෆ්රුග් කරගැනීම ඉතාම පහසුයි........
මෙම මෘදුකාගය භාවිතා කර විසිරී තිබෙන ෆයිල් පිළිවෙළකට (Defragment) කිරීමේදී පරිගණකයේ තිබෙන ෆයිල් වලට සුළු වශයෙන් හෝ හානියක් සිදු නොවේ......මෙම මෘදුකාංග මගින් ඔබට පියවරෙන් පියවර මෙම මෘදුකාංග භාවිතා කරන ආකාරය පැහැදිලිව අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙනවා......ඔබට ගැලපෙන විධානය තෝරු ගැනීමෙන් මෙය සිදුකර ගැනීමට පුළුවන්.... වගේම ඔබ විසින් Diskeeper 2011 මෘදුකාංගය භාවිතා කර Defragment කරගන්නා ලද හාඩ් ඩිස්ක් එකේ වාර්තාවක්ද ලබාගැනීමට පුළුවන් එය සේව් කරගැනීමේ හැකියාවද තිබෙනවා...එමගින් ඔබේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙහි තත්වය දැන ගැනීමට පුළුවන්......



Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.