Skip to main content

Firefox අලුත් සංස්කරණයන් සදහා පරණ Add-on වැඩ නැතිද?

ආයුබෝවන්........
ඔන්න මම අදත් ආවා ඔයාලව හොයාගෙන......මම දන්නෙ නැති උනාට පරිගණක ලිපි සම්බන්ධ බොහෝ පිරිසක් ඉන්නවා...ඉතින් එයාලට අපි උදව් කරන්න ඕනෙ නේද?....ඔව් අනිවාරෙන්...ඔයාලට උදව් වෙන දේවල් තමයි මම මගේ බ්ලොග් එකේ ඇතුලත් කරන්නේ....හැමදාමත් හොද දෙයක් දෙන්න බලා පොරොත්තු වෙනවා......අහ්....මොකක්ද? අප්පා මේ දවස්වල වෙන්නේ....ඒ තමයි Firefox 6.0 නිකුත් වීම....අම්මපා....අපි බළමුකො මේ ගැන.......


ඉතින් ඔයාලට මම කීව්වා නේද? ගිනි නරියා 6.0 සංස්කරණයක් නිකුත් උනා කියලා.....ඉතින් මම එදා ඉදන් අද වෙනකම් භාවිතා කරන්නේ ගිනි නරියා.....ඔන්න මම අලුත් සංස්කරණය ආවා කියපු හැටියේ ඒකත් දාගත්තා.....පිස්සු කෝටියයි.......මීට කලින් මට ලැබුන හොදම ස්පීඩ්ම වෙබ් බ්රව්සර් එක තමයි Opera කියන්න.....මම මේද දාගත්තා....දාගෙන ටිකක් බැලුවා....කියලා වැඩක් නෑ.....දැනට තියෙන Web Browser වලින් තියෙන හොදම ස්පීඩ්ම වෙබ් බර්වසර් එක තමයි Firefox 6.0 කියන්නේ අය කාතා දෙක්ක නෑ....මේ කට්ටියක් නම් උඩ පයිනවා Google Chrome ස්පීඩ් කියලා....මේ කියන්නේ මේ හැමොටම ටිකක් දාගෙන බලන්න.....කොහොමද කියලා....ක්‍රෝම් දෙයියා දැන් කැලේ, ගිනි නරියා බ්ලොග් එකටත් දැන් හොදට සපෝට් කරනවා....මට Mozilla එකට කියන්න වචන නෑ....මරේ මරු....සුපිරි....පරිගණක ලිපි හා දිගටම සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් දකින් ඇති මම ලිපියක් ලිව්වා, මේ වසර තුල ගිනි නරියා 4, 5, 6, 7 මෙම සංස්කරණයක් සියල්ල නිකුත් කරන බව....දැන් ඔන්න ඒ කතාව සත්‍යක් වෙලා තියෙන්නේ, මොකද? අපි බොරු කියන්නෙ නෑ හොදේ.....ඇල් වතුරත් නිවලා බොන කොල්ලෙක් මේ හිටියට...හික්ස්..........

දැන් අපි බලමු කොහොමද? මේ ගිනි නරියා ඔයාලත් Download කරගන්න විදිහ......ඔයාලා හැමෝමෙ බාගන්න පුළුවන් පහත තියෙන බට්න් එක ක්ලික් කරලා Mozilla Firefox 6.0 සංස්කරණය.....පළමුව ඒක බාගන්නකෝ.........


දැන් ඔන්න බාගත්ත කට්ටිය Mozilla Firefox 6.0 ඉන්ස්ටෝල් කරන්න ඇති නේද? මල කෙලියයි.....Add-on ටික වැඩ නැතිද? මාරු කේස් එක නේද?........අහ්...බ්ලොග් පොස්ට් එකේ ටොෆික් බලලා නේද? මේ ලිපිය කියවන්න ආවේ......හික්ස්....මම අද කියන්න අවේ ඔය ප්‍රශ්ණයට විසදුම තමයි......ගිනි නරියා ගැනත් ඔන්න කිව්වා...දැන් බලමු මෙයට විසදුම්....

ඔයාලා ඉතින් හැහෝම වගේ....ගිනි නරියට ගොඩක් Add-on භාවිතා කරනවා නේද?......ඒකනේ, Add-onවැඩ කරේ නැත්නම් මෙලෝ රහක් නැති වෙනවා....නැ නැ....එහෙම වෙන්නෙ නෑ...අපි වගේ කොල්ලො ඉන්නකම්......ඔයාගේ Add-on අප්ඩේට් කරන්න ඔනේ නෑ....මොකද? අප්ඩේට් කරත් හරියන්නේ, ගොඩක් විරිසක් භාවිතා කරන...ප්‍රසිද්ධ Add-on ටික විතරයි....ඔයාලගේ වැඩ නැතුව ඇති (ඉගිය / IDM / qsFo) මේ සෙට් එක වැඩ නෑ නේද?........දැන් බලමු මේක හදාගන්න විදිහ...

අපි පළමුවෙන්න Firefox Config එකට පිවිසෙන්න ඕනේ....ඔයාලට මතක ඇති මම මේ Config එකෙන් කියලා දුන්නා ඔයාලට ගිනි නරියා ස්පීඩ් කරන්න විදිහක්....කලින් ලිපියකින්....ඔයා Firefox වල New Tab එකක  about:config ලෙස ටයිප් කර Enter key එක ඔබන්න.....මේ විදිහෙ මැසේජ් එකක් එයි....


අප්පා, බය වෙන්න එපා, මම ඉන්නවා, ඒක තමයි බය කියලා හිතයි, හික්ස්........මෙතන යටින් තියෙන, I'll be Careful, I promise! බට්න් එක ක්ලික් කරන්න.......දැන් ඔයාට මේ වගේ ටිකක් ටිග ලිස්ට් එකක් එයි, අප්පා මොනවද? මේ....හි හි


(මේ මෙතන මුකුත් පිස්සු නටන්න නම්, එපා මම කියන දේ පොඩි දෙයක් තියෙන්නේ, ඒක විතරක් කරගන්න..)  මෙතන ඔයා ඕනෙම තැනක Right Click කරන්න......New යන්න Boolean මෙය ක්ලික් කරන්න, (පහත තියෙන පිංතුරයත් බලන්නකෝ)


දැන් ඔයාට පහත රූපයේ පරිදි Dialog Box එකක් දැකගන්න පුළුවන්.......මෙහි Enter the preference name යන්නට පහලින් තියෙන Text Box එකෙහි මෙහෙu extensions.checkCompatibility.6.0 ලබා දෙන්න.....



ඉහතින් මම ඔයාලට කින්නේ, ගිනි නරියා 6.0 ගැන නේද? ඕව්....මේ කියන්නේ, Firefox 6.0 සදහාය...ඉතින් ඔය තවම පරන එකක නැතිනම් 7.0 එකේ බීටා එකද?මේ තියෙන්නේ ඒවටත් විසදුම්..

  1. Mozilla Firefox 5.0 - extensions.checkCompatibility.5.0 
  2. Mozilla Firefox 6.0 - extensions.checkCompatibility.6.0
  3. Mozilla Firefox 7.0 - extensions.checkCompatibility.7.0


 ඔයාගේ Firefox වර්ෂන් එක අනුව Boolean එක ලබා දුන්නා නේද? එහෙනම් දැන් Ok බට්න් එක ඔබන්න....දැන් ඔබට පහත රූපයේ පරිදි වින්ඩෝ එකක් ලැබේවි......



මෙහි False තෝරලා, Ok බන්ට් එක ක්ලික් කරන්න.......අහ්...ඔන්න අපේ වැඩේ දැන් ඉවරයි.....බලන්න දැන් ඔයාලගෙත් පරන Add-on ටික වැඩ ඇති......එහෙනම් ලිපිය කියවූ සැමට ස්තූතියි!!! තවත් ලිපියකින් පහුවීවේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නම්....සුභ දවසක්.....



Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...