Skip to main content

දෙමාපියන් සදහා පමණයි!

ආයුබෝවන්...... 

සුබ උදෑසනක්, සහෝදර සහෝදරයිනි, ඉතින් කොහොමද? ඔයාලට, මම නම් හොදින් ඉන්නවා, අද මම කියන්න යන්නේ දෙවම්පියන්ට වැදගත් වෙන දෙයක්, මොකද? අන්තර්ජාලය දරුවන්ට භාවිතා කරන්න දෙන්න ගොඩක් දෙමව් පියන් බියෙන් සිටිනවා, මොකද? කියලා කේරෙන සිංහලෙන් කියනවානම්, අන්තර්ජාලයේ ඕන කුණුගොඩක් තියෙනවා නේ, ඉතින් නිසා කොහොමද දරුවන්ට මේ අන්තර්ජාලය භාවිතා කරන්න දෙන්නේ, මේ ප්‍රශ්නය හැම දෙමාපියෙකුටම ඇතැයි මම සිතනවා.......


මේකටක් විසදුමක් තියෙන්න ඔනේ නේද? නැතිනම් මේක මාර ප්‍රශ්නයක් වෙනවා, දැනට තිබෙන මේ Web Browser නිර්මාණය කර තිබෙන්නේ වැඩි හිටියන් සදහාය. නිසා එය භාවිතා කර අන්තර්ජාලයේ තිබෙන ඔනෑම තොරතුරක් සොයා ගන්න පුළුවන්. අතර ළමයින්ට අවැදගත් ගොඩක් තොරතුරු තියෙනවා, ඉතින් විවිධ සයිට් තුළට ළමයාගේ දැනුවත් වීමෙන් හෝ නොදනුවත්ම පිවිසෙන්න පුළුවන්, මේ නිසා දෙමාපියන් අන්තර්ජාල භාවිතරයට ලබාදීමට බොහෝ දෙමාපියන් අකමැත්තක් පල කරනවා.. එහෙත් ළමයාට අන්තර්ජාල භාවිතයට ඉඩ නොදුනහොත් ළමයාට ලොකයට විවෘත වී, ඔහුගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය වන තොරතුරු පවා ලබා ගත නොහැකි වෙනවා, මෙය දරුවාට කරන අසාධාරණයක්, ඒත් එක දෙමාපියන්ගේ පත්තෙන් බැලූ කළ ඔවුන් නිවැරදියි.

එහෙත් දැන් ගැන දෙමාපියන් එතරම් කරදර වන්න ඔනේ නෑ...ඔබේ දරුවාට අන්තරුජාල භාවිතායට ඉඩ ලබාදෙන්න..එයට විසදුම් ලබා දෙන්න තමයි මම මේ අද ආවේ....මම මෙය පළමුව දුටුවේ, සගරාවකින්, ඉතින් ඔයාලටත් කියන්න හිතුවා....මොකද මෙය වැදගත් බොහො පිරිසක් අපි අතර ඉන්න නිසා, ළමයින් වෙනුවෙන්ම තැනූ කිඩිසුයි වෙබ් බ්රව්සරය (KidZui Web Browser) ළමයින්ට භාවිතා කරන්නට ලබා දීමෙන් දෙමාපියන්ම දරුවා අන්තර්ජාලය තුළ මොනවා කරන්නේ කියලා නිතර හොයලා බලන්න උවමනාවක් නෑ....මොකද? මේ වෙබ් බ්රව්සර් එක සකස්කර තිබෙන්නේ ළමයින් සදහාම වීම මේ හදහා ළමයින්ට තොරාගත් වෙඩ් අඩවි ලක්ෂයකට පමණි, මෙයා Open Internet වෙබ් බ්රව්සර් එකක් නොවෙන නිසා, තොරාගෙන ඇති බෙබ් අඩවි තුළට පමණක් පිවිසීමේ හැකියාවක් පවතී. වගේම මේ ලිස්ට් එක නිතර Update (යාවත්කාලීන) කරන නිසා, ප්‍රශ්නයකින් තොරව භාවිතා කල හැකියි...පහතින් මෙය නොමිලේ Download කරගන්න......



ඉහත ලින්ක් එකෙන් මෙයා බාගෙන, ඉන්ස්ටෝල් කරගන්න, මෙම වෙබ් බ්රව්සර් එකෙහි ඇති වෙබ් සයිට් ලිස්ට් එක සකස්කර තිබෙන්නේ, දෙමාපියන්, ගුරුවරුන්, වෙනත් සමාජකණ්ඩායම් වලට උදවු ඇතිවය. නිසා මෙම වෙබ් අඩවි සියල්ලම ඔවුන් විසින් පෞද්ගලිකවම විමසා බලනු ලැබූ ඒවාය. ඒනිසා මෙය වයස අවුරුදු 03 ත් 12 ත් අතර ළමයින් සදහා සුදුසුයි කියා සහතික කර තිබෙනවා........


මෙම බ්රව්සර් එක භාවිතා කර ළමයෙකුට තවත් ළමයෙකු සමග තොරතුරු හුවමාරු කර ගත හැකිය. නිතර කිඩ්සුයි භාවිතා කරන ළමයා Zuis ලෙස හදුන්වයි. තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව මේ Zuis හට තිබුණත් Zuis ලයිස්තුව ප්‍රසිද්ධ නැත, නිසා ළමයෙකුට එය සොයාගත හැක්කේ සැබැවින්ම තමත් ළමයෙකු හමුවූ විටය.


කවත් දෙයක් කියන්න තියෙනවා අන්තිම වශයෙන්, මේ වෙබ් බර්ව්සරු එක තනිව ළමයෙකුට වෙබ් ලිපිනයට පිවිස Download කරගැනීමේ හැකියාවක් නොමැත. එය දොමාපියන් විසින් ලබාගත යුතුව තිබෙනවා. එහිදී වැඩිහිටියාගේ තොරතුරු කිඩ්සුයි වෙත ලබා දිය යුතුය. ළමවා අන්තරජාලය භාවිතා කර පිවිසෙන වෙබ් අඩවි වල වාර්තාවත් වැඩිහිටියාට ලබාදීමේ අරමුණිනි. ඉතින් ඔබටත් මේ ප්‍රශ්නය තිබුණද? එහෙනම් ඉහතින් ඇති ලින්ක් එකෙන් මෙයා ලබාගෙන ඉන්ස්ටෝල් කරගන්න......තවත් ලිපියකින් හමුවෙමු.


ස්තූතියි! ඔබට
 

සුබ දවසක්.....

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...