Skip to main content

File Recovery කරමු Recuva භාවිතයෙන්.......

ආයුබෝවන්.......
කොහොමද යාළුවනේ......මම ඔයාලට ඊ-යේ පොස්ට් එකක දැම්මා...ඒත් තාම ඒකට එක ප්‍රතිචාරයක් වත් නෑ.....මොනවා කරන්නද? දුක තමයි....හි හි....ඒත් පරිගණක ලිපි තුලට පැමිණෙන සාමාජිකයන් ගනන නම් කිසිම අඩුවක් නෑ....පරිගණක ලිපි හා රැදී සිටින ඔබ සියලු දෙනාට මාගේ ස්තූතිය!.....අද මම ඔයාලට කියන්න අවේ අපි හැමෝටම නිතර අත්වැරදීම් වෙනවා නේද? ඔව් ඔව් මේ මටත්....අත්වැදීමකින් ඔයාගේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් වීඩියෝ එකක් පින්තූරයක් Delete උනා කියලා හිතන්න....ඒක ගොඩක් වැදගත්........



ඔයාලගෙත් මෙහෙම උනාද? හපොයි මොන දෙයියන්ට කියන්නද?......දැන් ඉතින් ඔයාලා දෙයියන්ට කියන්න ඕනෙ නෑ....කරන්න තියෙන්නේ පරිගණක ලිපි පැත්තෙ රවුමක් දාන එක......පරිගණක ලිපි තුල තිබෙන ලිපි බලපු අය දකින්න ඇති මීට තලින් මම ලිපියක් ඉදිරිපත් කළා Recovery My File මෘදුකාංගය සම්බන්ධයෙන්....ඉතින් ඒකේ Serial එක නෑ කියලා...කිව්වා....ඔන්න ඉතින් මම ඒකේ සීරියල් එකත් ඒ ලිපියෙම දැම්මා....තව වැඩි හොදට ටොරෙන්ට් වලින් බාගන්න ලින්ක් එකකුත් දැම්මා.....ශා මරු නේද? මෙන්න එහෙනම් ඒ ලිපියට යන්න........

අද මම කියන්න යන්නේ Recover මෘදුකාංග වලින් තවත් මෘදුකාංගයක් ගැන....හැබැයි එලට වැඩ කරනවා...රිකවර් කරන්න නම් මරේ මරු.......ඒ තමයි Recuva නමින් හදුන්වන මෘදුකාංගය......පළමුවෙන්ම මේ මෘදුකාංග බාගන්න පහත ලින්ක් එකෙන්.....පසුව එක ටිකක් සාකච්චා කර බලමු......


ඉහත ලින්ක් එකේ බාගන්න මෙය කුඩා මෘදුකාංගයක් බැවින්, ඉතා පහසුවෙන් බාගන්න පුළුවන් මෙය හකුලුවා තිබෙන නිසා තවත් පහසුයි.....මෙහි ධාරිතාවය (3 MB) තරම් අඩු අගයත් එහෙත් මෙය ඔබට ඉටුකර දෙන කාර්යය නම් ගොඩක් වටිනවා....ඉහතින් බාගත් මෘදුකාංග දැන් ඉන්ස්ටෝල් කරගන්න.....ඉන්ස්ටෝල් කර ගැනීමෙන් අනතුරුව ඔබට පහත රූපයේ ආකාරය Shortcut එකක් දකින්න පුළුවන් වේවි......එය භාවිතා කර මෘදුකාංගය විවෘත කරගන්න.......


මෙය මත Double -Click කර පසු වින්ඩෝස් 7 නම් User Access Control වින්ඩෝ එකක් ලැබෙනවා එක Ok කරන්න, වින්ඩෝස් එක්ස්.පී නම් කෙලිම මෘදුකාංගය වීවෘත වනවා......මේ තිබෙන්නේ ආරම්භක තිරය.......


මෙම Wizard එක Cancel කලත් Ricuva මෘදුකාංගය විවෘත කරගන්න පුලුවන්....මම ඔබට කියලා දෙන්නම් මෙයත් සමග වැඩ කරගන්න විදිහ.......එහෙනම් මෙතන තිබෙන Next Button එක ක්ලික් කරන්න......ඔබට පහත පරිදි තවත් වින්ඩෝ එකක් දකින්න පුළුවන් වෙයි.
මෙම වින්ඩෝ එකෙහි තිබෙන Picture, Music, Document, Video, Other ලෙස වෙන වෙනම ඔප්ෂන් ලබා දී තිබෙන නිසා Recovery කරගැනීම තවත් පහසු වී තිබෙනවා, ඔබගේ නැතිවූ ෆයිල් එක මෝ අතරින් අයත් වන වර්ගය තෝරාගෙන Next බොත්තම ඔබන්න.....(මම මෙයින් Others තොරාගෙන්නම්) එවිට මෙම ෆයිල් සියල්ලම බලාන්නන පුලුවන්......

මෙම වින්ඩෝ එක තුල ඔබට රිකවර් කරනන් අවශ්‍ය ස්ථානය තොරාදිය යුතුයි. එය Media card or ipod එකක් තියෙන එකක් උවත් රිකවර් කරගන්න පුලුවන්.....මෙයත් තොරාගෙන Next බට්න් එක ක්ලික් කරන්න.....(මා විසින් (I'm not sure තෝරාගන්නා ලදි)

 මෙහිදී  Enable Deep Scan Check Box එක තුල හරි සලකුන යොදන්න....එමගින් ෆයිල් බොහොමයක් රිකවර් කරග්නන පුලුවන් පසුව Start බට්න් එක ක්ලික් කරන්න......දැන් ඔබට පහත පරිදි ෆයිල් ස්කෑන් කරගන්නවා දැකගන්න පුලුවන්.....


ෆයිල් සර්ච් කරගැනීමෙන් අනතුරුව ඔබට ඒ ෆයිල් කිට රිකවර් කරගන්න පුළුවන්.......මෙදි රතු පැහැයෙන් පෙන්වන ෆයිල් නම් ලබාගැනීමට අපහසුයි, කහ සහ කොළ පැහැයෙන් යුතු ෆයිල් අතරින් කොල පැහැයෙන් ෆයිල් සුවර් රිකවර් කරගන්න පුළුවන්....කහ පැහැයෙන් යුතු ෆයිල් වලිත් සමහරක් ෆයිල් ලබාගැනීමේ හැකියාව තිබෙනවා, මෙම මගේ ස්කෑන් ලිස්ට් එක ඇසුරෙන් ෆයිල් එකක් රිකවර් කර පෙන්වන්නම්....

මෙතන තියෙන ෆයිල් රිකවර් කරගන් තිබෙන මුහුනත......මෙතන මම රතු පාටින් 1 ලෙස Select කර තිබෙන නැත හරි ලකුන යොදාගෙන Recover කලොත් ස්කෑනින් එකේ සියළු ෆයිල් ඔයට රිකවර් කර දෙනවා, සමහර සිස්ටම් ෆයිල්ද තිබෙනවා......නැතනම් ඔයාට රිකවර් කරන්න අවශය ෆයිල් එක ලිස්ට් එකෙන් සොයාගෙන, එයට ඉදිරියෙන් තිබෙන හරි ලකුන යොදන්න....පසුව පහල තිබෙන Recover බට්න් එක ඔබන්න.....

මෙම ස්ථානයෙන් ෆයිල් එක සේව් කළ යුතු පාත් එක තෝරන්න....පසුව Ok බට්න් එක ක්ලික් කරන්න.....දැන් වැඩේ හරි.....මේ මම ඔයාලට කිව්වේ, Recuva භාවිතා කරගෙන File Recovery කරගන්න විදිහ.....ඉතින් කට්ටියටම වැදගත් වෙයි....ඔන්න එහෙනම් මම ගියා....ස්තූතියි!!! සුභ දවසක්..............







Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...