Skip to main content

ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්......

 ආයුබෝවන්........

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එල්ල වී තිබෙන හැකිං තර්ජනය මේ දවස්වල නිතර කතා බහට ලක්වන මාතෘකාවක්ය.....ඒ මේ වසරේ නොවැම්බර් 5 වැනි දින ෆේස්බුක් අවසන් ගමන් යවන වබට ඇනොනිමස් හැකිං කණ්ඩායම විසින් ප්‍රභල ප්‍රකාෂයක් කර තිබෙනවා.......අපි බලමු මේ කතාව......



පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ.....

හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතිවට ඇතුළුවීමයි. මෙය සෑම රටකට පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව දැනට තොරතුරු ජාල වල ඇති වී ඇති දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (ethical hacking) කියන්නේ එයටයි. මෙසේ ආක්ෂක යාන්ත්‍රණය මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (hacker) ලෙස හදුන්වයි. නරක චේතනාවෙන් එසේ කරන්නා බ්ලැක් හැට් හැකර් (black hat hacker) ලෙස හදුන්වයි. යහපත් චේතනාවෙන් එක කරන්නා (white hat hacker) කියා හදුන්වයි.

ඉතින් මම අද කියන්න ආවේ...නම් ෆේස්බුක් හැකිං තර්ජනය ගැන...මෙය හදුන්වන්නේ Operation Facebook යන නමිනි........දැන් ඉහතින් දැනගත්තා නේද? මොකක්ද? මේ හැකිං කියන්නෙ කියලා......එහෙනම් ඉදිරිය අරබමු....

අපි හැමෝම දන්න දෙයක් නේ...ෆේස්බුක් එක හැක් කරන්න උත්සහ කරනවා කියලා...ඒත් මේ කවුද?....ඒ තමයි Anonymous හැකිං කණ්ඩායම.......

මේ, Anonymous කියන්නේ, ඉතා බලවත් හැකර් කණ්ඩායමක්, මොවුන් විදිස්, විවිධ අවස්ථාවලදී විවිධ හැකිං ප්‍රහාල එල්ල කරනු ලැබුවා..... පහතින් තිබෙන්නේ ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හැකිං ප්‍රහාරයන්ගෙන් ස්වල්පයක්.......

                                             

ඇනොනිමස් කණ්ඩායමේ හැකිං ප්‍රහාර......

  •  ජනවාරි මස 11 දා සිට අප්‍රේල් මට 20 දක්වා.....
  • ඔන්ලයින් පරිගණක ක්‍රීඩා සැපයූ සෝනි ප්ලේස්ටේෂන් වෙබ් අඩවියට දසවෙනි වතාවටත් හැකර් ප්‍රහාර දියත් කළා, ඒ නිසා සිදුවු පාඩුව කෝටි 1800 කි.
  • මැයි 19 - නාසා ආයතනය

  • මැයි 24 - ජපානනේ සෝටි මියුසික් ආයතනය

  • මැයි 27 - ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් ආරක්ෂක ආයතනය

  • මැයි 29 - හොන්ඩෝ කැනඩා ආයතනයට පිවිස වාර්තා 283000 ක් සොරා ගත්තේය.

  • ජූනි 9 - ඉරාන රජයේ ඉ-මේල් ලිපින 10000ක් සොරා ගත්තේය.

  • ජූනි 3 - සෝනි සමාගමේ යුරෝපා දත්ත ගබඩාවට පිවිසුණි.

  • ජූනි 5 - සෝනි සමාගමේ ම රුසියානු දත්ත ගබඩාවට පිනිසුනි.

  • ජූලි 15 - ඇමරියානූ ඇණ්ඩුවේ ආරක්ෂක උපදේෂක සමාගමක් වන බුස් ඇලන් හැමිල්ටන් ආයතනයෙන් පාර්වර්ඩ් සහිත ඉ-මේල් ලිපින 90000 ක් සොරා ගත්තේය. දැන් ඒවා ෆයිල් ෂෙයාරින් වෙබ් අඩති තුල ප්‍රසිද්ධ කොට ඇත.

  • ජූලි 14 - ඇමරිකානු රජයට ඉතා පක්ෂපාතී කෘෂිකාර්මික බයෝතාක්ෂන ආයතනයක් වෙන මොන්සැන්ඩෝ සමාගමට ප්‍රහාර එන්න කලේය....

ඔය තියෙන්නේ මේ ඇනොනිමස් හැකිං කණ්ඩායම විසින් ඔවුන්ගේ වැඩ පෙන්වූ අවස්තා....කිහිපයක්....මොවුන් හේ හැකිං කරනේනේ ඉතා සූක්ෂමව කාටවත් හොයාගන්න බෑ..කවුද මේ හැකිං කණ්ඩායම කියලා....

ඒ වගේම මේ ඇනෝනිමස් හැකිං කණ්ඩායටම අමතරව තවත් හැකිං කණ්ඩායමක් සිටිනවා....ඒ තමයි ලූල් සෙක්......ඒක තමයි දැන් ගොඩක්ම බය.....මොකද? දැන් එකමුතුවත් තියෙන්නේ, ඒ වගේම මේ කණ්ඩායම් දෙකටම, තව තවත් පොඩි පොඩි හැකිං සමාජ තොරතුරු සපයනවා......

                                             

ලූල් සෙක් හැකිං ප්‍රහාර, ටිකත් බලන්නකෝ.......

  • මැයි 30 - ඇමරිකානු ගුවන් විදිලිය PBS

  • ජූනි 2 - සොනි පික්චර්ස්

  • ජූනි 3 - ඇමරිකාවේ, එෆ්බීඅයි හි ඉන්ෆ්රා ගාඩ් Infra Gard ආයතනය.

  • ජූනි 5 - ජපානයේ නින්ටෙන්ඩෝ අයතනය

  • ජූනි 10 ඇමරිකානු ජාතික සෞඛය සේවය

  • ජූනි 12 - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

  • ජූනි 13 - ඇමරිකානු සෙනෙට් සභාව

  • ජූනි 16 - සීඅයිඒ

මේ හැකිං කණ්ඩායම් දෙක තමයි දැනට ලෝකයේ ප්‍රභල තැනක් හිමිකරගෙන තිබෙන්නේ.....මෙම හැකිං කණ්ඩායම් වලට අමතරව තවත් බොහොමයක් හැකිං කණ්ඩායම් සිටිනවා....අපේ රටෙත් දැන් හැකර්ලා වැහි වැහැලා.....

දැන් තියෙන ප්‍රශ්ණය.....ෆේසුබුක් අභියෝගය......හැබැයි, මොවුන්ට මෙය කළ නොහැකි කටයුත්තකුත් නොව, ඒ මන්ද? දැන් මේ හැකිං සමාජ ප්‍රභලයි, හැබැයි මාක් නිකන් ඉන්නෙත් නෑ.....මේකට එයා විවිද දෑ......ෆේසුබුක් තුල සිදුකරනවා, අද පේනවා ඇතිනේ, මේ ෆේස්බුක් එකේ ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා, මේ වාත් ඔහුගේ, ආරක්ෂිත ක්‍රියාමාර්ග වන්න පුළුවන්.....

ඒ වර්ෂ 1605 ජිවත් වු guy fawkes - ගයි ෆොක්ස් නැමති පුද්ගලයා හා Gun Powder plot නම් සිද්ධිය සිහිකර ගනිමින් මොවුන්  බ්රිසතාන්යර වැසියන් ගිණිකෙලි සැරසිලි,සංදර්ශණ සමරන නොවැම්බර් 05 දින Facebook සමාජජාල වෙබ් අඩවිය හැක් කර එය බිද දැමීමට කටයුතු කිරීමටයි...

ඇනෝනිමස් කියන්න ලෝක ව්‍යාප්ත හැක කණ්ඩායමක්, මොවුන් අන්තර්ජාලය සම්බන්ද? මේ, ඒ වගේම මොවුන්ව හදුන්වන්නේ, internet gathering ලෙස, එනම් (ඉන්ටනෙට් එකතුවක්) යන්නයි, මොවුන් මේ, හැකිං කරලියට අවේ, 2010 දෙසැම්බර්, මාසයේදී ය, ඒ විකිලික්ස් වෙබ් අඩවිය, සහ ඇමරිකානු විවිද? රහස් වැඩ පිළිවෙලවල් හෙලිදරව් කිරීමෙන් අනතුරුවය.

බ්‍රිතාන්‍යෙය් ඉහලම පොසිස් ආයතනය වන SOCA ආයතනයට පසුගිය ජූනි මස 20 වැනිදා, හැකිං ප්‍රහාරයක් දියත් කලා, ඒ ලූල් සෙක් හා ඇනෝනිමස් කණ්ඩායම් දෙකේ ඉකතුවනි.

ඇනොනිමස් හැකිං කණ්ඩායම භාවිතා කරන්නේ ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුනේ ක්ලිප් පාට් එකක් නිතර ඔවුන් භාවිතා කරයි....ඒ ඔවුගේ අනන්‍යතාව නොපෙන්වා පොදුවේ යම් වැඩකට එක් වෙන වෙලාවේදී එකම වෙස් මුහුන පැළද සිටීම නම් බටහිර සම්ප්‍රදායට අයත් එකකි. 16 වෙනි සියවසේ එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුනු රණශූරයෙකු වූ ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුනයි.....එසේම වෙඩ් අඩවිය ඔස්සේ පෙන්වන ඇනෝනිමස් විඩියෝ වල පෙනී සිටින හැකරකරුවෝද මේ ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුන පැළද සිටියි.

මෙම ලූල් සෙක් හා ඇනොනිමස් එකමුතුවක් ඇති බව කියවේ.....එම එකමුතුවෙහි නම ඔපරේෂන් ඇන්ටි සෙක්යුරිටි (Operation Anti-Security) ය.......එහි අරමුන වන්නේ....දෙගොල්ලන්ගේ එකමුතුවෙන් රාජ්‍ය ආයතන මූල්‍ය ආයතන ආදී සමාගම් වෙත හැකිං ප්‍රහාර එල්ල කොට.....ඒවායෙහි එක් රැස් කරගෙන තිබෙන රාජ්‍ය රහස් මහජනතාව අතර ප්‍රසිද්ධ කිරීමය.......

පහතින් තිබෙන්නේ ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුනය.....

                                         

“Operation Face book” සඳහා Anonymous නම් වු හැකර් කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හැරි විඩියෝව හා එහි සඳහන් සමහර කරුනු කිහිපයක්... නරබන්න මෙන්න මේන්න මේ විඩියෝව බලන්න.....


තවත් ඔයාලා නොදන්න පත්තක් තිබෙනවා......ඒ තමයි අන්තර්ජාලයේ ලොකුම ඔත්තු සේවාව ෆේස්බුක් කිය දේ.......මෙය දැන සිටියේ නෑ නේද?

දැනට වර්ථමානයේ බොහෝ පිරිසක් භාවිතා කරන සමාජජාල වෙබ් අඩවිය තමයි ෆේස්බුක් නාමයෙන් හැදින්වෙන්නේ .....ඔබ දන්නවාද? මේ ෆේස්බුක් අඩවිය හරහා පරිගණකයට හානිකර වැඩසටහන් වන මැල්වෙයා සහ ස්පයිවෙයා ඇතුල් වන බව ඔබ නොදන්නවා ඇති.......පසුගියදා විකිලික්ස් වෙඩ් අඩයියේ නිර්මාතෘ වන Julian Assange සම්මුක සකච්ඡාවකදී  මෙසේ ලෝකයට හෙළි දරව් කළා....ඒ තමයි ස්පයිවෙයා නම් හානිකර පරිගණක වැඩසටහන් පතුරුවා හරින ලොව පළමු ස්ථානයේ සිටින්නේ ෆේස්බුක් වෙඩි අඩවිය බවයි.....

ඒ වගේම මොහු තව දුරටත් කායා සිටියේ ෆේස්බුක් ගිණුම් සතු තොරතුරු පිටස්තර ආයතන මලට මාක් විසින් මුදලට ලබා දෙන බයට....ඔහු එක සාක්ෂි සහිතව උප්පු කර පෙන්වා තිබෙනවා.....ඒ ඔවුන් විසින් ෆේස්බුක් ගිනිම් සතු තොරතුරු ඩේඩාබේස් එකකට ඇතුළත් කර.....අමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ වල ඩේඩාබේස් තුළින් පරීක්ෂා කර බැලූ විට.....මෙම ඩේටාබේස් තුළ ෆේස්බුක් ගිණුම් සතු තොරතුරු තිබෙන බව හෙළිවී තිබෙනවා......මෙය Mark Zuckerberg විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා......එහෙත් Julian Assange මෙය ඔප්පු කර පෙන්වුවත් මාක් මෙය ප්‍රතික්ෂේක කර තිබුඅණත්...එයට පිළිතුරු නම් ලබා දී නැ......

මේ තමයි වත්මන් ෆේස්බුක් සතු තොරතුරු........

නොවැම්බර් 5 වෙනි දිනට තව එච්චර ඈතක් නැ......බලමු ෆේස්බුක් සහ ආනොනිමස් සටන......

ස්තූතියි! ඔබට
සුභ දවසක්.....

Comments

  1. මේ පැත්තේ ගොඩ වැදුනේ අද..නියම ලිපි එකතුවක්..උනන්දුවෙන් කියෙව්වා ඕන්...නොවැම්බර් 5 ට වැඩි කල් නෑනේ නේ යාලු...?

    ReplyDelete
  2. hikz tawa 1 months tiyenawa hariyatama balamu mokak weida kiyala

    ReplyDelete
  3. I want hack
    http://pariganakalipi.blogspot.com

    ReplyDelete
  4. Hikzzz, U can try do it, not problem

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.