Skip to main content

Microsoft Security Essentials (MSE) :-) ඇත්ත නැත්ත

ආයුබොවන්, ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියන්න යන්නේ, Microsoft Windows OS එක භාවිත කරන අයගෙන්, වැඩි දෙනෙක් භාවිත කරන්න MSE (Microsoft Security Essentials) ගැන ඔයාලා දැනත යුතු දේවල්. මුලින්ම මෙහි අරම්භය දෙසට යොමු උනොත්, මෙය අපි අතරට පැමිනියේ 2009  September 29 වෙනිදා, මේ වන විට මෙය අපි අතරට පැමින අවුරුදු දෙකකටත් වැඩියි. එතැන් පටන් ඇරබුනු MSE වංශකතාව. පහුගිය 2011හි අග භාගයේ OPSWAT වම් ආයතනය විසින් පවත්වනු ලැබූ සමීක්ෂණයකින් ලොව ජනප්‍රියම ප්‍රතිවෛරස මෘදුකාංගය නමින් කිරුල හිමි කර තිබේ. මේ වන විට MSE Download වාරගනන, මිලියන 30ටත් වැඩි බව Microsoft වෙබ් අඩවි වාර්ථා පෙන්වා දී තිබෙනවා. හ්ම්...මෙහෙම බලපුවහම වෛරස් ගාඩ් එක කොහොමද? කියලා හිතාගන්න පුළුවන්නෙ. දැනටමත් අපි අතර බොහොමයක් දෙනෙක් MSE පාවිච්චි කරනවා. ඒ අයටත් දැනගන්න පොඩි කරුනු ටිකක් කියලා හිතුවා. මොකද වෛරස් ගාඩ් යුද්ධය ඇරබීලා දැන් ගොඩක් කල් නිසා. එකිනෙකා පරයා යාමට සෑම සමාගමක්ම බොහොමයක් ඇප කැප වීමෙන් කටයුතු කරනවා. MSE සතු තිබෙන තවත් විශේෂිත ගුණාංගයක් වන්නේ, මෙය අපිට නොමිලේ බලාගත හැකිවීමය. 


මෙය අප සතු Windows මෙහෙයුම් පද්ධති අතරරින් XP, Vista සහ 7 සදහා සහය දක්වන අරත 32bit සහ 64 Bit Platform දෙක සදහාම ක්‍රියාත්මකයි. මෙය ඔබටත් පහසුවෙන් Download කරගෙන Install කරගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් මෙහි පොඩි කොස්සක් තිබෙනවා. ඒ ගැනත් කියන්න හිතාගෙන තමයි අවේ. මොකද මෙහි Firewall එකක් නෙමැති වීමයි.


Microsoft Security Essentials මෙයත් වින්ඩෝස් පරිශීලකයන් අතර ගොඩක් ජනප්‍රිය වෛරස් ගාඩ් එකක්, අපේ රටෙත් ගොඩක් දෙනා මේ එක වැලදගෙන තියෙනවා...එහෙත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඒකත් කියන්න ඕනෙ නැත්නම් ඔයාලා අමාරුවෙ වැටෙනවා, MSE ලෙස හදුවන් මේ වෛරස් ගාඩ් එක තුල Firewall එකක් නොමැත, ඔබ මෙම Microsoft විසින් නොමිලේ ලබා දෙන වෛරස් ගාඩ් එක කොම් එකට Install කරගත්තොත් ඔබේ වින්ඩෝස් සතු Firewall එක මේ වෛස් ගාඩ් එක මගින් ON කරගන්නවා, ඉතින් ලංකාවෙ නම් ගොඩක් දෙයා භාවිතා කරන්නෙ වින්ඩොස් ක්‍රැක් වර්ෂන් නේද, මේ නිසා ගොඩක් දෙනෙත් වින්ඩෝස් එක අප්ඩේට් කරන්නෙ නෑ, අප්ඩේට් එක OFF කරලා තියෙන්නේ..
මොකද සමහර වින්ඩෝස් ක්‍රැක් තියෙනවා ඔයා වින්ඩෝස් එක අප්ඩේට් කලොත් ඔයාගෙ කොම් එක ගොඩක් ස්ලෝ වෙන්න පුළුවන්, ඒ නිසා ගොඩක් දෙනෙක් වින්ඩෝස් අප්ඩේට් කරන්න බයයි, මටත් දවසක් ක්‍රැක් වර්ෂන් එකක් අප්ඩේට් කරලා බඩු පැකට්, අම්බානක් ස්ලෝ උනා, කොම් එකට ෆෝමැට් පාරක් දාලා තමයි ගොඩ දාගත්තෙ, ඉතින් ඔයාලත් වින්ඩෝස් ජෙනුවින් එකක් බාවිතා කරන්නෙක් නම් MSE දාගන්න පුළුවන්, ඒ වගේම කාලයක් තිස්සෙ ඔයා වින්ඩෝස් ක්‍රැක් වර්ෂන් එකක් උවත් ප්‍රශ්නයකින් තොරව අප්ඩේට් කරනවානම් MSE දාගන්න අවුලක් වෙන්නෙ නැති වෙයි, ඔයාලා දන්නවා ඇතිනෙ, ඇයි මේ වින්ඩෝස් එක අප්ඩේට් කරන්නෙ වෙන්නෙ, ඉහතින් කිව්ව විදිහට Firewall එකක් නැති නිසා, ඔයා වින්ඩෝස් එක අප්ඩේට් කලොත් විතරයි ඔයාගෙ Firewall එක Update එකත් අප්ඩේට් වීම සිදු වේ.

ඔයා අන්තරජාලය භාවිතා කරන විට ඔයා දන්නවා ඇති අපේ Firewall එක හරවා විවිද විනාශකාරී වැඩසටහන් (මැල්වෙයා, ස්පයිවෙයා) රින්ගන්න වෙර දරනවා, ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ඔබේ පරිගණකයට ඇතුළු වෙන්න උත්සහ කරන අයෙකුට Firewall එකක් නොමැති වුවොත් කිසිම අපහසුවක් නොමැතිව පරිගණකයට ඇතුළු වීමට වුවත් පුළුවන්, ඉතින් ඔයාගෙ Firewall එකත් අප්ඩේට් කරලා නැතිනම් මේ වැඩසටහනක් කොම් එකට අතුලු වෙන්න පුළුවන් එහෙම උනොත් ඔයා අමාරුවෙ, මොකද මම ලිපියෙ ආරම්භයේදී මේවගෙන් මොකද වෙන්නෙ කියලා ලිපිය කියවපු අයට මතක ඇති, ඔයාටත් MSE හොදයි කියලා හිනෙවනවනම් දාගන්න අවුලක් නොමැත, කලින් කියපු දේ හොදින් මතක තියා ගන්න.....

ඔබ හොර කොපියක් Windows Loader එකකින් Genuine කරගත්තත් ඔයාට Windows Update කරන්න පුළුවන්. හැබැයි මම අර කලික් කියපු රිස්ක් එක තියෙනවා. Update එකන අක හොදයි. Windows Update කරන එකෙන් OS එකේ ඇතිවෙන ගොඩක් ප්‍රශ්ණ ඉබේම විසදෙනවා. ඒ නිසා ඔයාලටත් Windows Update කරගන්න පුළුවන් නම් MSE පාවිච්චි කරලා බලන්න පුළුවන්, කොහොම උනත් දැන් MSE තමයි තියෙන ජනප්‍රියම ප්‍රතිවෛස මෘදුකාංගය කියලා හදුන්වන්නේ. දෙවැනි තැන තියෙන්නේ, Avaira, තෙවන තැන Avast මේ විදිහට ජනප්‍රියතාවය තියෙනවා. පහලින් බලන්න මෙය Download කරගන්න පිළිවෙල.


ඉහලින් තිබෙන බට්න් එක ක්ලික් කරලා MSE Site එක එකට යන්න. එනනී ඔයාලගෙ Operating System එක සහ Language එක අනුව MSE ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේහි ඔබට පේනවා ඇති, Vita සහ 7 සදහා Download කරගැනීමට තිබුනත් Windows XP සදහා මෙතන පෙන්වන්නෙ නැහැ.



මෙහි ඔබ  More languages and versions ක්ලික් කරලා, බලන්න නැතිනම් මෙතනින්ම උනත් යන්න. පහත විදිහට ඔයාලට එතනදී එක් එක් Language වලට අදාලා Version දැකගන්න පුළුවන්. 





මෙතනින් ඔයාලට English වලට අදාලා Version එකක් Download කරගන්න පුළුවන්, Windows XP එකත් තියෙනවා. පේනවා ඇතිනෙ. එහෙනම් ඔයාගෙ OS එක අනුව Download කරගෙන Install කරන්න.


Install කරගැනීමෙන් අනතුරුව ඔබ මේතාක් කල් ඔබේ OS එක Update කලේ නැතිනම්. අද සිටන් Update කරන්න අරබන්න. මොකද Firewall එක Update වෙන්නේ, Windows Update එකත් සමග නිසා.

දැන් ඔබට Microsoft Security Essentials Open කරලා බලන්න පුළුවන්, එහිදී ඔයාලට පහත පංතූරයේ විදිහට MSE Antivirus එක දකින්න පුළුවන්.


මේ විදිහට කොලපාට මොනිටර් එකේ හරි ලකුන දකින්න පුළුවන් නම්, ඔයාට MSE වලින් හොද ආරක්ෂාවක් ලැබෙනවා. Real Time Protection එකයි, Virus & Spyware Definitions එකත් Update වෙලා තියෙන්නෙ. ඔයාගෙ Windows එකත් Update නම්. Virus වලට බය වෙන්න දෙයක් නැහැ. මෙහෙම තිබිලා. එකපාරම පහත විදිහට වුනොත්.


මේ විදිහට ඔයාගෙ Microsoft Security Essentials වින්ඩෝ එක පෙන්නුවොත්. ඒකෙන් අදහස් වෙන්නෙ ඔයාග පරිගණකය අනාරක්ෂිතයි කියන එක. මොකද Real Time Protection එක Off, Virus & Spyware Definitions Connection failed කියලා තියෙන නිසා. ඔයාට මේක Fix කරගන්න නම්. Turn On බට්න් එක ක්ලික් කල යුතුයි. පසුව ඔයාගෙ Com එකේ Scan එකක් Run වෙනවා. එයින් අනතුරුව නැවතත් යතා තත්වයට පත්වෙනවා.


මේකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? පේනවා ඇතිනෙ, රතු පාටින් කතිරයක් වැටිලා තියෙනවා. ඔන්න වෛරස් එකක් අහුවෙලා. Clean Computer ක්ලික් කරලා ඔය Threat එක Delete කරලා දානන්. එතකොට කලින් තිබ්බ තත්වෙටම පත්වෙනවා. හ්ම් දැන් හරි ඔයාලා MSE ගැන දන්නවා.

ඔය විදිහට තමයි MSE කතාව ඉවර වෙන්නේ, ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. එහෙනම්, අපිට පොඩි සහයොගයක් විදිහට Fan Page එක Like එකක්, Blog එකට, Follow පාරක්, Post එකට Comment එකක් දීලා යන්න. ඔබේ අදහස් අපි අගේ කරනවා. ඒවා ඇත්තටම වැදගත්, ඔයාලට බ්ලොග් එක ගැන මොනවා හරි අඩුපාඩු තියෙනවනම් ඒවත් කියන්න පුළුවන්, මගේ Facebook Account එකට Message එකක් හරි එවන්න. එහෙනම් අලුත් ලිපියකින් හමුවීමේ බලාපොරොත්තුව ඇතිව. අදට සමුගන්නවා. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක්!


Comments

  1. ගොඩක් වැදගත් ලිපියක්.පරිගණක විෂය පිළිබඳව අප දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට තුති.මම සලින්ද

    ReplyDelete
  2. හ්ම්....ස්තූතියි සලින්ද සොයුර ඕබේ අදහස් පලකලාට.....

    ReplyDelete
  3. යාලුවා මම යූස් කරන්නෙත් සිකියුරුටි එසෙන්ශල් එක
    ඒකත් එක්කම මම කොමොඩෝ කියන ෆයර්වෝල් එකද සිමනා කියන කීලොගර් අල්ලන වැඩසටහනද භාවිතා කරනවා. ඒ ගැන පොඩි අදහසක් ඉදිරිපත් කොරොත් ගොඩක් වටිනවා.එහෙම යූස් කරාම අවුලක් යයිද

    ReplyDelete
  4. Ela kiri bro... Hoya Hoya hitapu ekak hambaune Thanx aa...

    ReplyDelete
  5. ස්තූතියි මිතුර,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව