Skip to main content

Google Chrome Multiple Profile හදමු



ආයුබොවන්, යාළුවනේ, කොහොමද ඔයාලට, අද දවසෙ ටිකක් බ්ලොග් පොස්ට් දාන්න වෙලා, දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ, Google Chrome Web Browser එකෙහි අලුත් Profile එකක් හදාගන්න විදිහ. හැදුවට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ කියලා දන්නෙ නැතුව. අපි අන්තර්ජාලය තුල සිදු කරන සියළුම දේවල් ඇතුලත් වෙන්නේ අපේ Browser Profile එකෙහිට. History, Cookies, Bookmarks, Search Item මේ හැම එකක්ම තියෙන්නේ අපි Profile එක ඇතුලෙ. හිතන්න ඔබට Facebook Account දෙකක් තියෙනවා කියලා. මේ දෙකටම එකවර log වෙන්න බැහැනෙ. එකක් Log Out කරලා අනිත් එකට Log වෙන්න ඕනෙ නේද? එහෙම වෙන්නේ, අපි භාවිත කරන්නේ Browser එකෙහි එක Profile එකක් වීමය. අපි Browser එක තුල Profile කිහිපයක් සකස් කරගැනීමෙන් Account කිහිපයකට උනත් එකවර Log වීමේ කැකියාව තිබෙනවා. මේ ඔබට විස්ථර කලේ, Browser Profile එකෙහි වැදගත්කම. දැන් අපි බලමු අලුත් Browser Profile එකක් සකස් කරගන්න පිළිවෙල.

01) පලමුවෙන්ම, ඔබේ Google Chrome Web Browser එක Open කරගන්න. Ctrl + Shift + Del බට්න් තුන එකවර තද කරලා Web Browsing History එක Clear කරගන්න.
02) දෙවනුව, Windows Explorer එක විවෘත කරගෙන. පහල තියෙන Path එකට යන්න

Windows 7 සහ Windows Vista සදහා පහත Path එක
C:\Users\<username>\AppData\Local\Google\Chrome\User Data

Windows XP සදහා පහත Path එක
C:\Documents and Settings\<username>\Local Settings\Application Data\Google\Chrome\User Data
03) මෙම Path එකට පිවිසුන පසු. එහි තිබෙනවා UserData තුල ඔබේ Profile එක. එය Default කියලා තිබෙනවා. මෙම Folder එක Copy කරන්න. පසුව UserData ඇතුලෙහිම Paste කරන්න. ඉන්පසුව එය ඔය Profile එක සකස් කීරමට බලාපොරොත්තු වන Name එකෙන් Rename කරන්න.

04) ඉහතින් Rename කර සකස් කරගත් Profile එක, ඇරබිය යුතුයි. ඒ සදහා ඔබේ පරිගණකයේ CMD එක Open කරගෙන පහල විදිහට ටයිප් කරලා Enter කරන්න.

For Windows 7 and Vista:

C:\Users\Your-Username\AppData\Local\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run

For Windows XP:

C:\Documents and Settings\Your-Username\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run
05) Google Chrome New Profile එක සකස් කර අවසන්. දැන් අපි එහි Shortcut එකක් සකස් කරගමු. මෙය ඔබට අවශ්‍ය තැනකට සකස් කරගත හැකියි. Desktop එකෙහි Right Click කර, New යන්න, එහි Shortcut ක්ලික් කරලා ලැබෙන Window එක විවෘත කරගන්න. එහි පහල බලා දී තිබෙන Path එහෙහි Your_Name කොටසට ඔබ Profile එක සකස් කල Name එක දීලා Shortcut එක Create කරගන්න.

For Windows 7 and Vista:
C:\Users\<user>\AppData\Local\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"

For Windows XP:
C:\Documents and Settings\<user>\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"

හ්ම්. මේ විදිහට ඔයාලට Google Chrome Web Browser එකෙහි Profile 16ක් දක්වා සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. හ්ම් ඔන්න අලුත් දෙයක් කියලා දුන්නා. ඔයාලා කැමතිද මේ පරිගණක ලිපි වලට, ඔයාලට වැදගත් දෙවල් තිබ්බද? එහෙනම් අපිට පොඩි සහයොගයක් විදිහට Blog එකට Like එකක්, Post එක Comment එකක්, Follow පාරක් දාලා යන්න. ලිපිය කියෙව්වට ස්තූතියි. ගිහින් එන්නම්.

Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව