Skip to main content

Android 4.0 නව සංස්කරණය



Android 4.0 සංස්කරනය ගූගල් සමාගම විසින් පසුගිය දවසක නිකුත් කර තිබෙනවා, එහි අඩංගු නව ගුනාංග ගැන අපි මේ ලිපියෙන් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. පරිගණක ලොව ජයගෙන තිබෙන සමාගමක් වන Microsoft සමාගම විසින් නිකුත කරන මෙහෙයුම් පද්ධතිය වන බව ඔබ දන්නවා ඇති, මොකද එය අපගේ සිත් ඇද බැද තබා ගන්නට සමත් නව මුහුනුවරදින් හා කාරයක්ෂමතාවයෙන් යුතු මෙහෙයුත් පද්ධතියක් නිසා, ඒ වගේම තමයි මේ Google Android කියන්නෙත් ජංගම දුරකථන ලොව ජයගෙන තිබෙන මෙහෙයුම් පද්ධතියක් තිව්වොත් මම නිවැරදියි. මොකද ඒ තරම් ජයප්‍රියත්වයක් උසුලන මෙහෙයුම් පද්ධතියක් තමයි මේ Google Android කියන්නෙ. මෙහි අලුත් සංස්කරනය වන 4.0 පසුගිය ඔක්තොම්බර් 19 වෙනි දින ලොවට හදුන්වාදුන්හ. මෙම මෙහෙයුම් පද්ධතිය ඔවුන් විසින් නම් කර තිබෙන්නෙ, "අයිස්ක්‍රීම් සැන්ඩ්විච්" නමිනි. මේ කෑමක් නෙවෙයි හරි....:D

ගූගල් ආයතනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ අංකයට අමතරව මේ සදහා විශේෂිත නාමයන්ද යෙදීම ඔවුන්ගේ සිරිතය. ඒ අනුම මොවුන් මෙය නොයෙකුත් ජසකැවිලි වල නම් වලින් මෙය නම් කර තිබෙයි, ඒවා මෙසේය, Cupcake, Donut, Eclair, Froyo, Gingerbread, Honeycomb, Ice Cream Sandwich  ආදී වශයෙන් මෙය අකාරාදී පිලිවලින් නම් කර තිබෙනවා.


මොවුන්ගේ මෙම සිංස්කරණයෙහි විශේෂත්වය වන්නෙ, ස්මාට්ෆෝන් සදහා වෙම සිංස්කරණයක්ද (ජින්ජර්බ්‍රේඩ්) වගේම ටැබ්ලට් පරිගණක සදහා වෙනම සිංස්කරණයක්ද (හනිකෝම්බ්) ලෙස සංස්කරණයන් දෙකක් බාවිතා වූ මෙහෙයුම් පද්ධතිය, මෙම ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් යන දෙවර්ගයේම භාවිත කරන්නට හැකි අයුරින් නිර්මාණය කරලීමයි.

මෙම Android 4.0 හෙවත් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් හි අපට පැහැදිලිව දකින්න පුළුවන් වෙනක් කමක් විදිහට නම් කරන්න පුළුවන් වෙන්නෙ, මෙහි භාවිත වන Font එක, HD තිරවලත් පැහැදිලිව දකින්න පුළුවන් ආකරයෙන් මෙයි ෆොන්ට් එක වෙනස් කර තිබෙනවා, ඒ වගේම මූලිකය තිරයේ භාවිත කරන විජට් අවශ්‍ය පරිදි ලොකු කුඩා කරගැනීමට පුළුවන් ආකරයෙන් නිර්මාණය කර තිබෙනවා, ඒ වගේම කලින් සංස්කරණ වලට වඩා යතුරු පුවරුව දියුනු කර තිබෙන අතර නොටිෆිකේෂන් වඩාත් සිත් ගන්නා සුළු ආකරයෙන් පෙන්වීමට මෙය වැඩි දියුනු කර තිබේ.


ඒ වගේම ඔබ දන්නවා ඇති Google Android සතුව විවිද අලුත් එකතු කිරීම් තිබෙන බව, මෙහිදී තවත් වැදගත් වෙනස්කමක් සිදු කර තිබෙනවා, ඒ තමයි සොෆ්ට් කී ලෙස හැදින්වෙන විශ්ෂාන්ගය, මෙමගින් පාලන බොත්තම් නොමැති දුරකථනයක උවත් මෙම සොෆ්ට් කී එක භාවිත කරමින් මෙහෙයුම් පද්ධතිය පාළනය කිරීමේ හැකියාව පවතියි. මේවා තිරය මත පවතින ස්පර්ශ ස්ංවේදී බොත්තම් ලෙස ක්‍රියා කරමින් අපගේ අදි නෙදා කටයුතු පහසු කරවයි.


එමෙන්ම මෙහි ඇන්ඩ්‍රොයිඩ් තුල ඇතුලත් වන වෙබ් බර්වසර් එකද නවීකරණය කර තීබේ. මෙහි දී එකවර Tab 16 විවෘත කර ගත හැකිය. මීට අමතරම ඔබේ Google Chrome Browser සතු Bookmark සමග සම්බන්ධ වීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම විශේෂයි. මෙයිට අමතරව Gmail සහ Calender ඇප්ලිකේෂන්ද නවී කරනය කර තිබෙනවා.


මෙම අයිස්ක්‍රීම් සැන්ඩ්විච් නම ස්ංස්කරනයට එකතු වූ තවත් විශේෂ පහසුකමක් වන්නේ, Android Beam තාක්ෂනයයි. NFC නමින් හදුන්වන ආසන්න වස්තු අතර තොරතුරු හුවමාරු කිරීම Android Beam ලෙස නම් කර තිබෙනවා, මේ අනුව ඔබගේ යහළු යෙහෙලියකගේ දුරකතයත් සමග වීඩියෝවක්, වෙබ් පිටිවක්, නබ්බර් එකක් හුවමාරු කිරීම සදහා කල යුතුතේ, අදාලා දුරකථනය පොඩි තට්ටුවක් දැමීම පමණයි. එහිදී එය අනෙකුත් දුරකථන සමග හුවමාරු කරගැනීමේ හැකියාව පවතී.



ඔබ දුරකථයේ අයිතිකරුද? එසේ නම් දැන් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් සමග ඔබට තවත් පහසු වේවි, මුහුණ හදුනාගැනීමේ (Facial Recognition) ඇතුලත් කර තිබේ, මේ නිසා ඔබේ දුරකථන Unlock කරීම වඩාත් පහසුය. කැමරාවට මුහුන පෙන්වූ විට ඔබේ දුරකථනය Unlock කරගැනීමට පුළුවන. ඒ වගේම කටහට හදුනා ගැනීමේ තාක්ෂනයද වැඩි දියුනු කර තිබේ. මෙම නිසා ඔබගේ කඩ හඩ ක්ෂනිකව වචන බවට පෙරලීමට සමත් ආකරයෙන් නිර්මාණය කර තිබේ.


මෙම අලුත් එකතු කිරීම් සමගින්, නම මුහුනුවරකින් ඔබ වෙත මෙම නව මෙහෙයුම් පද්ධතිය එනකම් ඔබ පුන පුලා බලා සිටින බය ඔබ අපි නොදන්න රහසකි, දැනට මෙය HP සමාගමේ Galaxy Nexus ස්මාට් දුරකථන අතුය මෙම නව මෙහෙයුම් පද්ධතිය භාවිත කරයි. ඉදිරියේදී පැමිනෙන දුරකථන සමග මෙය ඔබට අත් විදින්න පුළුවන්, මෙවන් විශිෂ්ඨ නිපැයුම් සමගින් නැවත හමුවෙමු, ස්තූතියි!










Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව