Skip to main content

Mp3 File වලට පිංතූරයක් එකතු කිරීම



සුබ දවසක් යාළුවනේ...අදත් මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන කියන්න කියලයි මේ පැත්තට ගොඩ වැදුනේ.....සමහරු නම් දන්නවත් ඇති...ඒත් නොදන්න අයට දැනගත්න තමයි කියන්නේ...ඔයාලා දවසකට කොච්චර mp3 file play කරලා බලනවද, ගොඩක්ම සිංදු අහනවා ඉවරයක් නැතුව ඇති.....ඒත් ඔයාලා දැකලා තියෙනවා නේද මේ සමහර Mp3 File වල තියෙන Album Art එක වෙනුවට ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ වෙනත් Image එකක් යොදාගෙන තිබෙනවා.....ඔයාලට ටිකක් වත් හිතුනෙ නැද්ද මේකට අපිට කැමති එකක් එකතු කරන්න පුළුවන් වෙයි කියලා....මේ Album Art එක වගේම තමත් ගොඩක් දේවල් අපිට පහසුවෙන් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තිබෙනවා ඒ තමයි Mp3 Tag කියන්නේ........


සාමාන්‍ය කිසිම Album Art එකක් නොමැති Mp3 වලට ඔයා දැකලා ඇති Windows Media Player වගේ මෘදුකාංගයකින් Mp3 එක Play කරන විට Default Album Art එක තමයි පෙන්නෙ තියෙන්නේ පහත විදිහට....(මේ Windows 7 වලට ලැබෙන Media Player එකෙහි)


මේ Mp3 Tag මෘදුකාංගය භාවිතා කර ඔබට කැමති පිංතුරයක් මෙයට එකතු කරන්න පුළුවන්....ඒ වගේම මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ, එකවර Mp3 දහසකට උවත් මේ වෙනස්කම් සිදු කරගැනීමේ හැකියාව තිබීම...ඒ නිසා එකින් එක කරගන්න අවශ්‍ය නෑ....පහසුවෙන් කෙටි වෙලාවක් යද්දින් ඔයා ගාව තියෙන Mp3 ටිකට ඔයාට කැමති පිංතූරයක් යොදාගන්න පුළුවන්.....පහතින් තියෙන්නෙ මමත් Mp3 Tag මෘදුකාංගය භාවිතා කරගෙන එකතු කරගත්ත පිංතූරයක්...
Mp3 Tag මෘදුකාංගය භාවිතයෙන් අපිට පිංතූරයක් විතරක් නොව එකතු කරන්න පුළුවන්....තවත් බොහෝ දේවල් පුළුවන්.....Title, Artist, Album, Year, Comment, Album Artist, Composer මේ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්....මේ සියල්ල මම කලින් කීවා වගේ එකවර සියලුම Mp3 File වලට එකතු කරගන්න පුළුවන්.....ඉතින් ඔයාලටත් මේ මෘදුකාංගය වැදගත් වෙයි නේද? එහෙනම් පහතින් Download කරගන්න....


Download කරගත් Mp3 Tag මෘදුකාංගය කොම් එකට ඉන්ස්ටෝල් කරලා, Desktop එකට එන Icon එක උඩ Double Click කරලා Open කරගත්තම පහත විදිහෙ වින්ඩෝ එකක් දකින්න පුළුවන්.......


පලමුවෙන්ම මෙයට ඔබ විසින් වෙස්කම් කිරීමට  කැමති Mp3 File ටික එකතු කරගත යුතුයි....ඒ සදහා ඔබට File වලට ගිහින් Add Directory ඔප්ෂන් එකෙන් Folder එකක් එකතු කරගැනීමට පුළුවන්....ඒහෙම නැතිනම් Mp3 කිහිපයක් නම් Drag and Drop කරලා එකතු කරගන්න පුළුවන්.....


දැන් ඔබ ඇතුලත් තරගත් එක් ෆයිල් එකක් හෝ කිහිපයක් තිබෙනවානම් ඒ ෆයිල් සියල්ල Select කරගන්න....(File සියල්ලටම අදාලව එකවර වෙනස්කම් සිදුකිරීමට) බලන්න මෙම මෘදුකාංගයේ වම් පසින් පොඩි තීරවක් දකින්න පුළුවන්....එයින් Mp3 එකට අදාල විතර බලන්න පුළුවන් මෙම ෆයිල් වල වෙස්කම් කිරීමට නම්, Extended tag Option එක ක්ලික් කරලා  Extended tag Windows එක Open කරගන්න ඕනෙ....
ඒ සදහා Icon එක හෝ File උඩ Right Click කර Extended tag කිල්ක කල යුතුයි.


දැන් ඔබට පහත වින්ඩෝ එක දකින්න පුළුවන්......එහිදී ඔබට අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකරගැනීමේ හැකියාව තිබෙනවා.....


මෙහි Metadata කෙටසින් මේ එක් එක Field ඔබට අවශ්‍ය ආකරයට Edit කරගැනීමට සහ අලුතින් Field එකතු කිරීමටක් පුළුවන්, ඒ වගේම Cover කොටසින් මේ Mp3 වල Album Art එක විදිහට භාවිතා විය යුතු පිංතූරයක් ලබාදීමේ හැකියාව තිබෙනවා....මේ එක් එක Field ටික Select කර Edit බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය වෙනස්කම් සිදුකරගන්න පුළුවන් ඒ වගේම...Cover එකද ඔබේ කොම් එකේ තිබෙන Path එකෙන් තෝරාදීමේ හැකියාව තිබෙනවා....අනතුරුව Ok බට්න් එක ඔබන්න, ඔබ සිදුකරගත් වෙනස්කම් වලට අදාලව Mp3 File සැකසීමට මද වෙලාවක් ගතවෙවි....ඉන් අනතුරුන ගිහින් බලන්න ඔබ විසින් සිදුකරගත් වෙනස්කම් ටික Mp3 එකෙහිද වෙස්වී තිබෙනවා ඔබට දකින්න පුළුවන්......ස්තූතියි! සුබ දවසක්......





Comments

  1. THANKS MACHO.....ETH PIC EKAK ADD KARALA THIBUNA MP3 FILE EKAKATA ALUTHEN PIC EKAK ADD KARATA CHANGE WENNE NE NE.....AI AAAA

    ReplyDelete
  2. ස්තූතියි මිතුර

    ReplyDelete
  3. Keyrep eka wagema mekath Download karaganna beluwata karaganna den nehene

    ReplyDelete
  4. niyama wedak , ela.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.