Skip to main content

Firefox, Chrome History Backup කරමු



සුබ දවසක් යාළුවනේ...කොහොමද අදත් පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුවා....කලින් ලිපි ගොඩක් දෙනෙක් කියවලා තිබ්බා, ඒක මට සතුටක්..ඒත් කමෙන්ට් නම් අඩුයි, ඒකට දුකයි....හරි හරි....අද මම කියන්න ආවෙ පොඩි වෙනස් දෙයක් උනාට ඒකත් Interent එකේ ඉන්න අපිට Browser එකෙන් දාන පොඩි වැඩක්....ටිකක් ගනන් කරලා බලන්න ඔයාලා දවසකට වෙබ් සයිට් කීයකට විතර යනවද....අම්මෝ ගන්න කරන්න තාම බැරි උනා කියයි :D මට නම් එහෙමයි....ඉතින් ඔයා ඔය අය එන වෙබ් සයිට් ටික ඔයාගෙ Web Browser එකේ History එකේ Save වෙනවා කියලා දන්නවා ඇති නේද? ඔව් ඔව්.....ඒත් පොඩි කොස්සක්.....මොකද බ්රව්සර් එක Unistall කරලා නැවත Install කලාම හරි, කොම් එක ෆෝමැට් කරන්න වෙච්ච වෙලාවට ඔයා ඔය කිලින් ගියපු වෙබ් සයිට් වල History එකට මොකද වෙන්නෙ, හපොයි.....එතන ඔයාට වැදගත් වෙබ් සයිට් වල ලින්ක් තියෙන ඇති නේද? ඔයාටල මේ ලින්ක් වල Backup එකක් අරන් තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොද වෙයි නේද? කොම් එක ෆෝමැට් කරලා, Back UP එක Restro කරලා දාගත්ත ගමන් කලින් තිබුන History එකත් ඔයාගෙ අතේ....


Mozilla Firefox වලින් කොහොම මේ Backup එක ගන්නෙ, ගත්ත Backup එක Resrto කරගන්නෙ කොහොමද....පළමුවෙන්ම හොයලා බලමු....


01) Mozilla Firefox Icon එක උඩ Double Click කරලා Browser එක Open කරගන්න....

02) ඉන්පසු, Firedox Browser එකේ උඩම තියෙන Firefox බ්ට්න් එක ක්ලික් කරන්න....ලැබෙන Menu එකෙන්, Bookmarks උඩට Mouse Pointer එක අරන් ගියාම ඔයාට තමත් Sub Menu එකකින් Option ටිකක් බලන්න පුළුවන්, එහි උඩම තියෙන Show All Bookmarks ක්ලික් කරන්න....[විදිහ දිග වැඩිනම්,(Ctrl + Shift + B)බ්ට්න් තුන එකවර ඔබලා Libry එක Open කරගන්න]



03) දැන් ඔයාලට පහත පරිදි Libry Window එක දකින්න පුළුවන්, එතන ඔයාට දැනට තියෙන Bookmark, සහ History එක පෙන්වයි....මෙතන උඩම තියෙන Imfort and Back up උඩ ක්ලික් කරලා, ලැබෙන මෙනු එකෙන්, Back Up ක්ලික් කරන්න, දැන් ඔයා ගන්න Back Up එක Save කරන්න තැනක් ලබා දෙන්න ඕනෙ, ඒත් මෙහෙමයි, ඔයා කොම් එක ෆෝමැට් කරනවන කම් C: Drive එකට Back Up එක Save කරන්න එපා, එයිට වැඩිය හොදයි Back up එකක් තියාගන්නෙ නැතුව හිටියනම්..:D ඔයාට කැමති තැනක් තොරගෙන Back Up එකට Name එකකුත් දෙන්න, දැන් Save බට්න් එක ඔබන්න......


04) දැන් ඔයාගත්ත Back up එක ඔයා ලබා දුන්න File name එකෙන්, පාත් එකේ Save වෙලා තියෙනවා දකින්න පුළුවන්......


05) දැන් අපි බලමු ඔය ගත්ත Backup අපේ Browser එකට Restro කරගන්න විදිහ.....ඒසදහා ද පෙර දෙවෙනි පියවරේ ආකාරයටම Libry එක Open කරගන්න, (Ctrl + Shift + B)


06) නැවත් පෙර පරදිම  Imfort and Back up උඩ ක්ලික් කරන්න, ලැබෙන මෙනු එකෙන්, Restro වල තිවෙය Choose file යන්න, ඉන්පසු ඔයා කලින් Back up එක Save කරගත්ත Path එකට ගිහින්, ඒ File එක Select කරලා Open කරගන්න...


07) දැන් ඔයාට පහත පරිදි කුඩා වින්ඩෝ එකකින් මැසේජ් එකක් දකින්න පුළුවන්, ඔය මුකුත් නෙවෙයි අහන්නෙ....සුවර් එකටම Back up එක Restore කරන්නද කියලනෙ :D...නැතුව Ok බට්න් එක ඔබන්න......


08) දැන් බ්රව්සර් එක Close කරලා නැවත Open කරලා බලන්න වැඩේ හරි ඇති.......


දැන් අපි බලමු Google Chrome Web Browser එකේ back Up එකක් තියාගන්න විදිහ.....

01) පළමුව පොඩි යෙදවුම් මෘදුකාංගයක් Dowload කරගෙන Install කරන්න ඕනෙ.....මෙනනින් බාගන්න.....



02) දැන් අපි ඉන්ස්ටෝල් කරගත්ත යෙදවුම් මෘදුකාංග Open කරන්න, ඒ සදහා Desktop එකේ තිබෙන Icon එක ඩබල් ක්ලික් කර, Open කරගන්න පුළුවන්, නැතිනම් Start >> All Programs >> Parhelia Tools >>Google Chrome Backup පාත් එකෙන් Open කරගන්න.....


03) ඔබට පහත පිංතූරයේ දැක්වෙන ආකරයේ වින්ඩෝ එකක් දකින්න පුළවන්, බලන්න එහි තිබෙනවා, Run Wizard! බට්න් එකක්, ඒක් ක්ලික් කරන්න....


04) දැන් ඔබට Google Chrome back up wizard එක ලැබෙන්න ඇති, අපිට දැන් අවශ්‍ය තිබෙන History එකෙන් Back Up එකක් ගන්න නිසා, Back up Option එක Select කරන්න, පහල තියෙන Next බට්න් එක උඩ ක්ලික් කරන්න......


05) මීලග පියවරේදී ඔබගෙන් විමසයි, Google Chrome Profile එක ගැන, ඉතින් මම නම් Profile එකක් හදලා නෑ....ඔයා Profile එකක් හදලා තියෙනවනම්, Select a profile backup  Option එක Select කරලා Profile Name එක තොරලා දෙන්න, ඔයා Profile දෙක තුනක් හදාගෙන තියෙනවනම්, ඒ ඒ Profile වලින් වෙන වෙනම Backup ගන්න පුළුවන්, මම profile එකක් හදලා නෑ....ඒ නිසා උඩ තියෙන Backup Default Profile Option එක Select කරලා, Next බට්න් එක ඔබන්න....



06) මීලටග ලැබෙන පියවරේදී Backup එක Save කරගත යුතු Parth එකක් තොරලා දෙන්න ඕනෙ, ඒ සදහා Browse බට්න් එක ක්ලික් කරලා, ඔබට අවශය තැනක් තොරලා File Name එකක් ලබා දෙන්න, ඉන්පසු, Backup බට්න් එක ඔබන්න.....(Google Chrome රන් වෙනවානම් Backup එකක් ගන්න බෑ...Browser එක Close කරලා, Backup කරන්න)


07) දැන් ඔබ ලබා දුන් පාත් එකට File name එකෙන් කුඩා ෆයිල් එකක් save වෙලා තියෙනවා දකින්න පුළුවන් වෙයි.....අපි බලමු දැන් මේ ලබාගත්ත Backup එක Restore කරගන්න ආකරය, පහලින්......


08) පෙර 02) පියවරේදී මෙන්ම, Google Chrome Backup එක Open කර, Run Wizard! බට්න් එක ක්ලික් කරන්න, එයට පෙර පරිදිම Google Chrome Backup Wizard එක දකින්න පුළුවන්....ඉහි තිබෙන Restro Option එක Select කරන්න, පසුව පහල තිබෙන next බට්න් එක ඔබන්න....


09) මෙම පියවරේදී ඔබ කලින් සුරැකිව තබාගත් Backup එක තිබෙන Parth එත තොරලා දිය යුතුයි, ඒ සදහා Browse බට්න් එක කර, Save කරලා පාත් එකට ගිහින් File එක Select කරලා, Open කරන්න, පසුව Next බට්න් එක ඔබන්න......



10) පෙර පරිදිමයි, Profile එකක් තිබෙනවානම් එය Restro a Selected Profile Option එකෙන් Profile එක තොරලා, දෙන්න, නැතිනම් Default Profile එක Select කරන්න, පසුව Next බට්න් එක ක්ලික් කරන්න......


11) අවසන් පියවර මෙයි තිබෙන Restro බට්න් එක ක්ලික් කරලා, ඔයා කලින් තියාගත්ත Backup එක Google Chrome එකට Backup එකක් විදිහට තියාගන්න....



ඔන්න යාළුවනේ, අදත් ඔවාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් කියලා අහවරයි......ඔයාට දෙයක් ඉගෙන ගත්තනම් පහලින් Commnet එකක් Like එකක් දාලා යන්න, ස්තූතියි....සුබ දවසක්....







Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.