Skip to main content

Gmail Tips And Tricks



හැමෝටම සුභ දවසක් වේවා....!!! අළුත් ලිපියක ආරම්භයක්....හ්ම්....වැදගත් දෙයක් කියලා දෙන්නම්, ඒ දැනට ලෝක වැඩියෙන්ම භාවිතා වෙන Email සේවය වන Gmail වල තියෙන වැඩ කිඩ ටිකක්, මම හිතනවා අපේ අයත් මේවට කැමති වෙයි කියලා......එහෙනම් පහලින් අපි බලමු මේ එක එක වැඩ කිඩ ටික කරගන්න විදිහ.......




Gmail Backgroud 
එකට අපිට කැමති පිංතූරයක් එකතු කරගමු

01) පළමුවෙන්ම
ඔබේ Gamil ගිනුමට log 
වෙන්න....

02) දෙවනුව Gmail ගිනුමේ Setting වෙතන යන්න...


03) බලන්න දැන් ඔබට ලැබෙන setting දැක්වෙන Page එකෙහි උඩ තිබෙන Tab වලින් theme යන්න ක්ලික් කරන්න....
04) දැන් බලන්න පහත තියෙනවා, Create your own theme මෙය ක්ලික් කරන්න......


05)  pop up window  එකකින් මෙයට අදාල Setting විවෘත වනු ඇත, බලන්න මෙහි දැක්වෙන එක් එක කොටස් වල ක්ලික් කරලා, එහි ඔයාගෙ Inbox එකට සහ Backgroud එකට අපිට කැමති පිංතූරයක් ලබා දෙන්න පුළුවන්, අනිත් කොටස් වලට අපිට කැමති පාටක් Select කරලා දෙන්න පුළුවන්.........




06)
Background එක වෙනස් කිරීමට, මෙහි දැක්වෙන හිස් කොටසක් මට ක්ලික් කරන්න, එවිත පහත දැක්වෙන පිංතූරයේ තිබෙන ආකරයට දකින්න පුළුවන්. Select කියන තැන ක්ලික් කරන්න.....



07) ඔබට අළුත් වින්ඩෝ එකක් දකින්න පුළුවන්එයින් Upload Photo ගිහින් Choose file බට්න් එක ක්ලික් කරලාඅවශ්‍ය පිංතුරය ලබාදිය හැකිය....




08) වින්ඩෝ එක ටිකක් පහලට ස්ක්‍රෝල් කරලා බලන්න
, Upload බට්න් එකක් තියෙනවා, ඒක ක්ලික් කරන්න.....





09) පිංතූරය අප්ලොඩ් වීමෙන් පසු
, pop up window එකට පැමිනෙන්න, අහි තිබෙනවා, Save බට්න් එක ඒක ක්ලික් කරලා, ඔයා හදාගත්ත Theme එක Save කරගන්න...පසුව pop up window එක Close කරන්න....





10)
Gmail එකට අලුත් පෙනුමක්....:D






එකම Browser එකෙන් Gmail කිහිපයක් Sign කරමු.........

01) පළමුවෙන්ම
Gmail Account එක විවෘත කරගන්න.....

02) පසුන Account Setting යන්න.....එහි තිබෙන Personal Settings යටතේ පහත තිබෙනවා, Multiple sign-in එයට ඉදිරියෙන් තිබෙන Edit ලින්ක් එක ක්ලික් කරන්න......


03) මෙහි On Option එක Select කරන්නඉන්පසු පහල තියෙන  check box සියල්ල ඉදිරියෙන් හරි ලකුන යොදන්න.......Save බට්න් එක ඔබන්න......


04) අනිකුත්
Gmail Account Sign කිරීමට, Switch account ක්ලික් කරන්න.......පසුව Sign it to another account ක්ලික් කරන්න......





05) සාමාන්‍ය
Gmail Account එකක් Open කරගන්න විදිහට, Username and Password ලබා දී, Gmail එකට ලොගින් වෙන්න......





Gmail Account එකක්, Delete කරන්නෙ කොහොමද?............

01)
Delete කරන්න අවශ්‍ය Gmail එකට Sign
වෙන්න.....

02)
Account Setting වෙතට පිවිසෙන්න......





03) පහල තිබෙන
My products යන්නට ඉදිරියෙන් තිබෙන Edit ලින්ක් එක ක්ලික් කරන්න.....





04) ඔබට
Account එක තාවකාලිකව අත්හිටුවීමට අවශ්‍ය නම් Remove Gmail permanently ක්ලික් කර තාවකාලිකව එම Gmail ගිණුම නවතා දැමන්න පුළුවන්.....

05)
Gmail එකට සදහටම සමුදෙන්න නම්, Delete Account පහලින් තිබෙන Close account and delete all services and info associated with it   ලින්ක් එක ක්ලික් කරලා වැඩේ කරගන්න....








Gmail Recall කරමු....................................

01) මොකක් මේ
Recall කතාව, Gmail එකක් Recall කරනවා කියන්නෙ අපි යවපු Email එක අපි අතින් පොඩි වැරැද්දක් උනා කියලා හිතන්න ඉතින් අය ඒක ගන්න විදිහක් නැනේ....එකට තමයි මේ Recall කරනවා කියන්නේ, අපි යවපු මේල් එක තප්පර 10ක් අතුලද undo කරලා කරන්න පුළුවන්, වැරැද්දක් එහෙම උනා නම් හරියට හදලා යවන්න පුළුවන්....පහතින් බලමු මෙය සිදුකරගන්න පිළිවෙල....

01) පළමුවෙන්ම
Mail Setting වලට යන්න...





02) උඩින් තිබෙන ටැබ් වලින්
Lab ඔප්ෂන් එක ක්ලික් කරන්න.....





03) මෙතන තියෙන ලිස්ට් එකෙන් ටිකක් පහලට ඇවිත් බලන්න,
Undo send Gadget එකක් තිබෙනවා, එය Disable වෙලා තියෙන්නේ....එය Enable කරන්න 





04) දැන් මෙම පේජ් එකේ උඩට ගිහින් Save කරන්න, මේල් එක Reload වෙයි.....Email එකක් යවලා බලන්න....වැඩේ ගොඩ ඇති....





Facebook, Twitter දෙකම Email එකට ඈදමු..............

01) පලමුවෙන්ම පෙර පරිදිම
Mail Setting යන්න......





02)
Lab ටැබ් එකට යන්න,  Add any Gadget by URL මෙය Enable කරන්න......







03) පසුව
mail setting වල උඩින් තිබෙන ටැබ් වලින් Gadget Tab එකට යන්න.....





04) Facebook Gadget එක එකතු කරගැනීමට නම් මේ ලින්ක් එක, text box එකට කොපි කරන්න......( http://hosting.gmodules.com/ig/gadgets/file/104971404861070329537/facebook.xml) Twitter එකතු කිරීමට නම් මේ ලින්ක් එක කොපි කරගන්න, (https://twittergadget.appspot.com/gadget-gmail.xml)


05) පසුව Add බට්න් එක ඔබන්න.....

06) දැන් බලන්න, මේල් එකට
Facebook, Twitter එකතු වෙලා තිබෙනවා දැක ගන්න පුළුවන්.....


Gmail Account එක create කරපු දිනය හොයමු...........

01) Mail Setting යන්න.....




02) උඩ තිබෙන
Tab වලින් Forwarding and POP/IMAP ටැබ් එක ක්ලික් කරන්න.....





03) Since (date) දැක ගන්න පුළුවන්......


Spam Mail ස්යංක්‍රීයව Delete කරමු...................
01) 
Gmail එකට Sign වෙන්න ...
02) 
Mail Setting 
යන්න.....



03) උඩින් තිබෙන
Filter Tab එකට යන්න......





04)
Create a new filter ක්ලික් කරන්න.....


05)
Has the Word Text Box එකට, වරහන් තුල ඇති විදිහට ලබා දෙන්න...(is:spam)





06) Next Step බට්න් එක ක්ලික් කරන්න....ලැබෙන Pop up windows එක ok කරන්න.....

07)
Delete it Check box එක ඉදිරියෙන් හරි ලකුන යොදන්න.......





08) පහල තියෙන
Create filter බට්න් එක ක්ලික් කරන්න.....

Gmail Shortcut (කෙටියෙදුමි)...............................



Gmail Online Backup කරමු....................................

01) පලමුව Mail Setting යන්න......


02) Account and Import ටැබ් එකට යන්න....


03) Add a POP3 mail Account you Own ක්ලික් කරන්න.....


04) ලැබෙන Pop up window එකෙයි, එකතු කල යුතු Email ලිපිනය ලබාදී, Next Step බට්න් එක ක්ලික් කරන්න.....

05) අලුත් වින්ඩෝ එකකින් Email එකේ Password එක ඉල්ලයි....එයද ලබාදී...Add Account ක්ලික් කරන්න....


06) දැන් ඔබෙන් විමසයි, මේ Email එකත් ඔබේ Sender mail එකක් කරන්නද...එපාද, ඉතින් ඔබට කැමති විදිහට කරගන්න පුළුවන්, මම එයත් කරලා පෙන්වන්නම්.....Yes තොරලා Next Step බට්න් එක ඔබන්න....


07) මෙම පියවරේදී අලුතින් එකතු කරන මේල් එකේ Sender විදිහට ඔබට Name එකක් ලබාදිය හැකිය....ඉතින් මම Default Name එකම ලබා දී...Next Step බට්න් එක ක්ලික් කරන්න.....


08) Mail එක, Verify කරන්න කියයි,  Send Verification බට්න් එක ක්ලික් කරන්න, ඔයාගෙ මේ Account එකට අලුතින් එකතු කරන, මේල් එකට Google team එකෙන් මේල් එකක් ලැබෙයි එහි තිබෙන Verification Code එක ලබා දී Mail එක Verify කරගන්න....

Google Docs ගැන දන්නවද?..............................
Google කිව්වම අපිට ගොඩක් සමීප නේම් එකක් අය ඒකෙ කතා දෙකක් නෑ....ඉතින් ගූගල් එකේන් අපිට විවිස සේවයන් ලබාදෙනවා, ඒ අතර අපිට ලැබෙන තවත් හොද සේවයක් තමයි මේ Google Docs කියන්නේ, මෙහි විශේෂත්වය වෙන්නෙ අපිට Online ලිපි හකස් කර ඒවා Save කර තබා ගැනීමේ හැකියාව තිබීමයි....මේහිදී අපිට Office වල තිබෙන ආකාරයට Word, Excel, Power Point, Access වලට තමාන මෘදුකාංගන්ගෙ අතුරු මුහුනත් තිබෙන Work Space එකක් ලබාගන්න පුළුවන්, එහෙත් මෙහි නේම් ටික නම් Google වලට සමාන නෑ...Open Office වල තිබෙන නම තමයි භාවිතා වෙන්නෙ, ඉතින් මේක අපිට ගොඩක් හොද ප්‍රයෝජනවත්.....

01) පලමුවෙන්ම මෙය විවෘත කරගන්න නම් ඔය Email එකට Sing up වී සිටිය යුතුයි.....Gmail එකට Sign up වී උඩ තියෙන බාර් එකෙන් Documents ක්ලික් කරන්න.....




02) එක ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබට Google Docs page එක විවෘත වීම සිදුවෙයි, මේයත් Email එකට සමානකම් අතුරුමුහුනතක් තිබෙන්නෙ, මෙහි තිබෙන Create සහ Upload බට්න් දෙයක් රතු පාටින් තිබෙනවා දකින් පුළුවන්, මෙහිදී Create බට්න් එක ක්ලික් කරලා ලැබෙන මෙනු එකෙන් අපේ Docs එකේ වර්ගය තොරගත් විට එය සකස් කිරීමට අදලා වෙබ් පිටුවක් අපට ලබාදෙනවා....Upload බට්න් එක ක්ලික් කර අපගේ පරිගණකයේ තිබෙන Docs File එකක් අප්ලෝඩ් කර තබාගැනීමේ හැකියාව තිබෙනවා...


03) අපිට මෙහිම Docs එකක් සකස් කිරීමට Create බට්න් එක ක්ලික් කල යුතුයි....මෙහි තිබෙන වචන Open Office වල භාවිතා කරන නේම් වලට සමානයි, උදා - Word වලට මෙහිදී Document ලෙස භාවිතා කරයි...අපට සකස් කිරීමට අවශ්‍ය Docs වර්ගය අනුව මේ Option තොරාගය යුතුයි....මම උදාහරනයක් විදිහට Document තොරගෙන පෙන්වන්නම්....

04) මෙහිදී ඔබට Office වලට සමාන අතුරුමුහුනතක් ලැබෙයි, සුළු වෙනස්තම් කිහිපයත් තිබෙන්නේ, එතාම Privacy ලින්ක් එක, ඒක ක්ලික් කරලා, අපිට මේ ඩොක්ස් එක බලන්න පුළුවන් අපේ යාළුවො තොරලා දෙන්න පුළුවන්, Comment පහසුකමත් මෙහි ලබාදී තිබෙනවා, ඩොක්ස් එක ගැන අදහස් දක්වන්න පුළුවන්, ඒ වගේම මෙම Docs අපිට Share කිරීමේ හැකියාවත් තිබෙනවා.....


වෙලාවට කලාවට Email යවමු...........................


මෙහෙම හිතන්න අපේ යාළුවෙකුගෙ උන්දිනයක් තියෙනවා, ඉතින් මේක අපි ඒ වෙලාව එනකම් බලන් ඉදලා Send කරන්න වෙනවා, ඒත් ඒක ටිකක් අමාරුයි වගේ...නිදිමරාගෙන ඉන්න වෙනවා :P ඉතින් මේකට විදිදුමක් තිබෙනවා, ඒක අපිට කරගන්න උදවු කරන්නෙ, Boomerang වෙබ් සයිට් එකේ දාගන්න Script එකෙන් ඒ වැඩේ කරගන්න පුළවුන්.....මම ඔයාලට උදාහරණයක් කිව්වෙ තව ඕන තරම් දේවල් තියෙනවා හරි....එහෙනම් හපලින් බලමු මෙය සිදුකරගන්න ආකරය....

01) පළමුවෙන්ම සේ Site එකට යන්න, http://www.boomeranggmail.com/ ගිහින් Install Boomerang බට්න් එක ක්ලික් කරන්න, එහිදී ඔබගේ බ්රව්සර් එකට ලැබෙන ස්ක්‍රිප්ට් එක Install කරන්න...


02) පසුව ඔබේ Mail එක Open කරගන්න, Compose Mail ගිහින් මේල් එක Send කිරීමට අදාලා දෑ ලබාදෙන්න......මෙහිදී ඔබට අලුත් බට්න් එකක් දකින්න පුළුවන්, ඒ තමයි Send later මෙහි ඊතලය මත ක්ලික් කර අපිට කැමදි Time එකක් Date එකක් ලබාදීමේ හැකියාව තිබෙනවා....


02) පසුව Send Later බට්න් එක ක්ලික් කරන්න, Browser එකෙන් Pop up block කලොත් ඒක Allow කරලා දෙන්න, ඔයා තොරලා දීපු Time එකට Email එකට Send වෙලා තියෙයි, ඕනෙ නම් චෙක් පාරක් දාලා බලන්න...........

Valid Email Address හොයාගමු...................

මේ සදහා අපිට වෙබ් අඩවියක් භාවිතායෙන් සත්‍ය මේල් Valid Email Address හොයාගන්න පුළුවන්, වෙනත් මෘදුකාංග ඕනෙ නැති නිසා පහසුයි......මේ සදහා http://tools.email-checker.com/ මෙම සයිට් එකට යන්න, පසුව Email Addresses Checker ලෙස දකින් පුළුවන්, එහි පහල තිබෙන Text Box එකට. Email එක ලබාදී Check බට්න් එක ඔබන්න.....



Side Bar Adds Remove කරමු.......................

Gmail එකෙන් අපිට එක එක ඇඩ් දානවා...:p මේක ඔයාලට වදයක්ද ඇඩ්සීන් එකක් ලොඩ් කරලා නේදවා අපි Gmail එකට ආපු මේල් එක Open කරලා බලද්දින්, Side bar එකෙන් Adds ටිකක් දකින්න පුළුවන්, පොඩි වැඩක් තියෙන්නෙ, මේ ලින්ක් එකට යන්න, http://rapportive.com/ මෙහි තිබෙන Add Rapportive to Gmail බට්න් එක ක්ලික් කරන්න, ලැබෙන Extension එක Install කරගන්න......ඉන් පසු Gmail වලට ගිහින් බලන්න......ඇඩ්‍රස් නෑ........:D
Extension එක Install කලාම ඔයාට Side Bar එක දකින්න පුළුවන් වෙන්නෙ මේ විදිහට

Email ටික Backup කරමු Pen එකකට.............


ඔබේ Gmail ටික පෙන් එකකට backup එකක් ගත්තනම් පාඩුවෙ ඔයාට connection නැති වෙලාවක උනත් බලන්න පුළුවන්, ඔයාගෙ මේල් ටික පෙන් එකට ගන්න පුළුවන්, ඒ සදහා MailStore නම් මෘදුකාංගය භාවිතා කරනන්ට පුළුවන්, මෙය නොමිලේ බාගත හැකි මෘදුකාංගයක්.....මෘදුකාංගය Download කරගැනීමට මෙතැනට යන්න....
http://www.mailstore.com/en/mailstore-home.aspx



මෙහිදී Archive E-mail. ක්ලික් කරන්න, ඔයාගෙ USB Pen එකත් Connect කරන්න.......පසුව ඔබට පහත ආකරයේ වින්ඩෝ එකක් ලැබෙයි......

Google mail තොරන්න.......පසුව ඔබට තවත් අලුත් වින්ඩෝ එකක් ලැබෙයි....Email එක Connect කරගන්න.....


ඔබගේ මේල් එතේ තිබෙන Unread Massage ටික Backup එකට ගන්න ඕනෙ නිසා, Filter එක ඕන කරන්න, Unread massage ඉදිරියෙන් තියෙන හරි ලකුන හොදන්න......


Gmail එක Hard Drive එකක් කරමු..............

සියලු දෙනා දන්න දෙයක් තමයි, Hotmail එක නේද මොකද Skydrive පහසුකම තියෙන නිසා ගොඩක් අය පාව්වි කරනවා මේ මාත්, ඒත් ඔබ මෙය නොදැන සිටින්න ඇති, ඒ අපේ Gmail එකත් SkyDrive වගේ Hard Disk එකක් කරන්න පුළුවන් විත්තිය.......සාමාන්‍ය Gmail එකේ 7GB වගේ Space එකක් තියෙනවා, මේ ඉඩප්‍රමාණයෙන් ප්‍රයොජනයක් ගන්න පුළුවන්, GMail Drive කුඩා Freeware එක පාවිච් කරන එක විතරයි තියෙන්නෙ, පහත තියෙන ලින්ක් එකට ගිහින්, GMail Drive Download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න....





හැකර් මාරයගෙන් Gmail බේරගමු...............




මේ පිළිබදව මීට කලින් බ්ලොග් එකේ ලිපියක් ලිව්වා, Gmail වලට සම්බන්ධ නිසා, ඒ ලින්ක් එකත් මෙතනම දාන්න හිතුවා, බලපු නැති අයට ඉන්නවනම් එයාපට වැදගත් වෙන නිසා, Gmail එකටත් දැන් Login Approve දාන්න පුළුවන්, එතැන් පටන් ඕබේ Gmail  ආරක්ෂිතයි....ඒ නිසා බය වෙන්න දෙයක් නෑ....මෙතනින් ඒ ලිපියට යන්න.....




*****මෙතාක් මේ ලිපිය කියවු ඔබට ස්තූතියි!!!.....මෙය ටිකක් විතර දිග වැඩි උනා.....:P අලුත් ලිපියකින් හමුවෙමු, සුබ දවසක්.....*****













Comments

  1. පට්ට මචං.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. උබට ගොඩක් පින් යාලුවා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.