සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, මොකද මේක ලියන්න ගොඩක්ම හේතුව පරිගණක උදවු, දවසක් යාළුවෙක්, Wi-Fi ගැන අහලා තිබ්බා, ඒත් දන්න තරමින් උත්තර දුන්නා, ගොඩක් ටයිප් කරන්න අමාරු නිසා, මෙම අන්තරජාලය තුල ගොඩක් හෙව්වා සිංහලෙන් ලියවුනු ලිපියක් තියෙනවද කියලා, ඒ කියන්නේ අපි දෙවියෙක් සේ සලකන ගූග්ල් දෙයියගෙ බැළුවා, මට හොයාග්න බැරිව ගියා, ඒ නිසා මේ ගැන ලියන්න හිතුවා, කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු. 1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් ( AT&T, NCR Corporation ) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය. රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන...